Wednesday, April 22, 2015

මට කෙලවිය


ලද නිමේෂයකදී
අකුරු මුමුණා 
ලිවූ වචන ටිකට
අහෝ..! කෙලවිය

මිරිකූ බොත්තම
නොදැනුවත්වම
මිරිකුවා සේ විය
මගෙ බොටු කද

හදවත පමණක්ද
ශරීර කූඩුවම  වෙව්ලන්නට විය
තරහින් මගේම
නොසැළකිල්ලට
අහෝ.....මා දෙනෙත් පියා ගතිමි.

සිගරට්ටු දෙක තුනක්
බිබී  ලිව් මගේ සිතුවිලි
වලට කෙලවිය

විස්සෙ පැකට්ටුවක්
නැත
බෝතලයක්ම අරගෙන
පැට්ටෙකුත් ඔතාගෙන
උඩම තට්ටුවට ගොස්
විදගනිමි හුදකලාවෙම
දැනුණු වේදනා...

ලොවම හිනැහෙයි
හිකි ගගා
තබේකට නොවටිනා  දේ ගැන  හඩ හඩා
වැලපෙන හැටි අසා

එසේ වූ මුත්  අනේ දෙවියනි
අතුරුදන් වී ගියේ ඒ
ලියපු දේකුත්
ගොතපු දේකුත්
නොවේ ඒ මගෙ ආත්මය යැයි මට සිතේ...



31 comments:

  1. අකුරු පද හැඩ වැඩ හින්දා
    මිහිරි රසයක් වින්දා
    මේ නුබේ ජිවිත කථාව හින්දා
    මොකුත් නොකියමි හිත රිදෙන හන්දා

    ReplyDelete
  2. මොකෝ මේ එක පාරට???

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ...දවස් ගානක මහන්සිය බං

      Delete
  3. ලියල කෙලව ගත්තද
    මටත් අනන්ත වෙලා තියන
    බීමතට
    හිත එකතැනක නැති කමට
    කවුරුහරි සිහිය බින්දම
    නොසැලකිල්ලට
    හැබැයි ඔය එකක්වත් උඹට වෙන්ඩ බැ

    ReplyDelete
    Replies
    1. බීමේ ආදින වලට හොදම උදාහරණේ තමා මේ....

      Delete
    2. රූපෙ..බලහංකො කියන ලස්සන විතරක්

      Delete
    3. සිහිය බිදිනව නෙමේ සමහරක් උන් අපෙ සිහිය විකනව අටං අයිය

      Delete
    4. සිහිය විකනවා ?????? ඒ කොහොමද බන් එක කරන්නේ

      Delete
    5. මුන් ඉන්නෙ අපේ ඔලු ගෙඩි අස්සෙ. ඒ ඉදගෙන හෙමීට හෙමීට මොල ගෙඩි හපා කනව

      Delete
  4. පලවෙනි පාර දන්නේ නෑති හින්දා...
    දෙවැනි පාර අමතක වුන හින්දා...
    ‍තුනවෙනියට මිස් වුන හින්දා...
    තව ට්‍රයි කරමු මැරුනු නැති හින්දා...

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං තවම මැරුන්නෑ නොවැ...

      Delete
  5. ඉදල හිටල මටත් ඕකම වෙනව
    බුකියෙ එහෙම කවි දාද්දි දාන්නෙ ඒ වෙලාවට හිතල ඒ වෙලාවෙම ඒ වගේ වෙලාවට මොකක් හරි මිස්ටේක් එකක් වුනොත් සොරි තමා
    මොකෝ අර වචන මතකයි කියලැයි
    කැන්ද ඇට කෑව රිලව වගේ බලං ඉන්නව ඇර

    ReplyDelete
    Replies
    1. ඩිලීට් වෙලා ගියාට පස්සෙ....පට්ටම දුකයි මහේෂ්
      ඊට පස්සෙ උන්නෙ %රි කාපු රිලව වගේ හැබැයි

      Delete
  6. බොහෝම සුන්දරයි... රහයි

    අනන්තවත් මේ දුක විඳ ඇත්තෙමි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..මාතයිය. අපි ඉතිං පෝස්ටුවක් දාන්නෙ අවාරෙට පොල් වැටෙන්න වගේනෙ ඒකටත් හෙණ ගැහුව වගේ උනාම පොඩි දුකක් එනව...අපි ඉතිං පොඩි උන්නෙ

      Delete
  7. මට සැරයක් එබුනේ බාගෙට ලියලා තියෙන එකක් සේව් කරනවා වෙනුවට පබිලිස් බටන් එක.....

    ReplyDelete
    Replies
    1. ඒක නං ඉතින් සැනසෙන්න පුළුවන්. ඒත් ඩිලීට් වෙනකොට....!

      Delete
  8. හපොයි බං කියල වැඩක් නෑ.. ආයි ඒවා ගන්නයැ.. මටත් සෑහෙන්න වතාවක් ඕක උනා..

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් වෙලා වෙලා අන්තිමේදී අපිටත් ගාණක් නැතිවේවි නොවැ

      Delete
  9. උඔලා ලියන එවා උඔලාගේ විතරක් නෙමෙයි අපේත් ඡිවිත වගේ..ආත්මය වගේ. කමක් නෑ සහෝ දුමක් දාලා ආය ලියපන්.

    ReplyDelete
    Replies
    1. අනිව සංජීව දැන් පෙට්ටියක්ම ලගින් තියාගෙන ඉන්නෙ

      Delete
    2. මෙන්ඩා
      එල ද බ්‍රා
      ගල් බලකායේ සම සභාපති

      Delete
  10. ///විස්සෙ පැකට්ටුවක්
    නැත
    බෝතලයක්ම අරගෙන
    පැට්ටෙකුත් ඔතාගෙන
    උඩම තට්ටුවට ගොස්
    විදගනිමි හුදකලාවෙම
    දැනුණු වේදනා...///

    මොන වේදනාවක්ද බන්, මේ ටිකෙනුත් ඔය කියන වේදනාව සමනය උනේ නැතෙයි...

    ReplyDelete
  11. ලොකු පුතා සාදරයෙන් පිලිගන්නව වැව් ඉස්මත්තට...
    මේ මොනව කියනවද..ටිකක් වෙලා යනකොට ලෝකෙ කැරකෙනව වගේ දැනුන...වේදනාව නැතිවෙලා ගියා...

    ReplyDelete
  12. මට ලියන්න දේවල් ඔළුවට එන්නෙම ගෙදර ඉද්දී නෙමෙයි එක්කෝ වැඩ කරද්දී එක්කෝ කොහේ හරි යද්දී.. කොච්චර ඔළුවේ තියන් ආවත් ගෙදර එද්දී සමහර දේවල් අමතකයි..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් කිව්වට විස්වාස කරයිද දන්නෑ මට අදහස් එන්නෙම ටොයිලට් එකේ ඉදගෙන ඉද්දිනෙ

      Delete
  13. බ්ලොගර් එකටත් රීසයිකල් බින් එකක් දැම්මනං හරි. ඒත් එක්කො වැඩක් නෑ. ෂිෆ්ට් + ඩිලීට් ගහලනෙ මකන්නෙ.

    ReplyDelete
  14. කවි ගැන දැනුම අවමවුනත් කවි ලියන්නේ කොහොමද කියන එක ගැන ලොකු කුතුහලයක් තියන නිසා අහන්නේ.

    කතාවත් හෝ වෙනත් ලියවිල්ලක් එහෙම නැතිවුනත් එය නැවත එලෙසින්ම හෝ ඊට කිට්ටුවෙන් ලිවිය හැකි ( කම්මැලි නැත්නම් , වෙලාව තියනවනම් ) වුනාට කවි එහෙම බැරිද?

    ReplyDelete