සමස්ථ ප්‍රජාවම විවිධ වූ මතයයන් හි එල්බ සිටී. ගස් මුදුන් වල එල්ලී මියයන ලද තරුණ තරැණීයෝය.ක්ෂණයකින් මුළුමහත් ශ්‍රී ලංකාවම ආන්දෝලනයට තුඩුදෙමින් රැව්පිළි්රැව් දෙන ප්‍රවෘත්තියකි.නිවේදකයින් මුහුණට ආරූඩ කරගත් ශෝක ජනක හැගීමකින් යුතුව ප්‍රවෘත්තිය කියවාගෙන යයි.එකී මෙකී නොකී සැමටම වැරැද්ද පටවයි.අවසානයේ කෙසේ හෝ කොහේවත් යන අහිංසකයෙකු මත වැරැද්ද පටවා ඔහු හෝ ඇයව සිපිරිගෙට යවයි. එයයි අවසානය.
ලංකාව පුරා ගිනිය නොහැකි තරම් විකාශන ජාලයන් ස්ථාපිත කර ඇත.මොන දේ කොතැනක වුවත් හොද හෝ නරක හෝ එය ඊලග ක්ෂණයේදී මුළු ලොවටම දකින්නට සලස්සවයි.එය වත්මන් ජනසන්නිවේදනයේ එක් දියුණූ වූ අවස්ථාවක් ලෙසට මා දකිමි.එක් එක් ආයතනයයන් විවිධ වූ ප්‍රයෝගයන් උපයෝගී කර ගනිමින් තමන්ගේ සාර්ථකත්වය කරා පැමිණෙයි.එමෙන්ම එය ඔවුන්ගේ සමාජ වගකීමක් මෙන්ම කාර්යභාරයක් ලෙසට සළකති.මේ තුලින් බොහෝ දේ ඉගෙන ගැනීමට රටේ සෑම පුරවැසියෙකු හටම අවස්ථාව උදාවී ඇත.මේ තුලින් තමන් වෙත අනාගතයේ ඒමට ඇති වේ යැයි සිතිය හැකි ග්‍රහ චක්‍රය පවා වෙනස් කර ගැනීමට හැකියාවක් ඇත.
රූමත් තරුණීයක්, පාසල් යන දැරිවියක් එල්ලී මිය ගොස් ඇත.
මෙය හෙළි කිරීමේ වැරැද්ද මා නොදනිමි. මුහුණූ පොත තහනම් කිරීමෙන් මේ වැරැද්ද නිවැරැදි කිරීමට හැකියාවක් ඇති වේවිද යන්න මගේ හැගීමයි.
මෑතකදී පාසලේ පින්තුර සහ අනෙකුත් දේ තම මුහුණුපොතේ පෙන්වීමේ වරදට මුල් ගුරුතුමා තමාට බැනවැදුනේ යැයි වෙනූෂා දියණීය එල්ලී මිය යන ලදී.වැරැද්ද මුල්ගුරුට පටවන ලදී.සමස්ථ ප්‍රජාවම පාසල් දැරිවියගේ පැත්තේ සිටගෙන මුල්ගුරුට ප්‍රහාර පිට ප්‍රහාර දියත් කරන්නේය.එසේනම් දැන් ගුරුවරුන්ට දඩුවම් දීමේ සහ බිනීමේ අයිතිය ප්‍රජාව විසින් උදුරාගෙන ඇත.කලයුතු වන්නේ දෙමාපියන් කැදවා ඔවුන් දැනුවත් කිරීමය.එසේද කල නොහැකිය.මන්ද එසේ කිවහොත් පාසල් දරුවන් ගෙල වැල ලා මියයන බැවිනි.ඔවුන් එල්ලී මිය යන්නේ කජු කනවා මෙන්ය.එසේ වුවහොත් එය පහසුදෙයකැයි සිතා සියළු තරුණ තරුණියෝ එල්ලී මිය යති.හැම පාසලකම මුල් ගුරුවරුන් හට සිරබත් කෑමට එන දවස වැඩි ඈතක නොවේ.
වත්මන් ගුරුවරුන් පඹයන් සේ ඔවුන්ගෙන් විය යුත්තේ සිංහල බාසාවේ අකුරු ස්වල්පය ඉගැන්වීම පමණක්ද?සමාජයට අවැසි වන්නේ උගත්කමින් පමණක් පිරි පුරවැසියන් පිරිසක් පමණද?
ඇතැම් දෙමාපියන් ගුරුවරු වනාහි පිටස්තරයින් පිරිසක් සේ සළකති.සැබෑවකි.ඔවුන් පිටස්තර පුද්ගලයින්ය.නමුත් පාසල් බිමේ දී ඔබේ දරුවාගේ සම්පූර්ණ අයිතිය හිමිවිය යුත්තේ ගුරුවරයාටය.මගේ දරුවාද ඒ පැය කීපය ඒ ගුරුවරයාට පූජා කලේ යහපත් පුරවැසියෙක් කරදෙන මෙන් ඉල්ලාය.
මගේ පියා මගේ පාසල් කල ගුරුවරුන්ට කීවේ හදන්න බැරිනම් කෝටුමස් කරන ලෙසටය.ඒ එදවසය.ඒ වචනයේ පිහිටෙන් මා සියදිවි හානි නොකරගෙන හොරෙක් මංපහරන්නෙකු නොවී අද සුවසේ ජීවත්වෙමි.
නමුත් අද එවැන්නක් නොමැත.එවැනි පියවරුද හිගය.මා එදා මෙන් අද සංසන්දනය කිරීමට යනවාද නොවේ.
ඇතැම් දරුවන් තමන්ගේ පියා කලුද සුදුද කියා නොදනී.පාන්දරින්ම වැඩට යන පියා නැවත එන්නේ රෑබෝවී ය.එයයි මේ සමාජ ක්‍රමයේ සත්‍යය.නමුත් දෙමාපියන් වශයෙන් දරුවන්ගේ වගකීම ඔවුන් අතද තබාගතයුතුවා මෙන්ම ඔවුන්ට සීමා සහිත නිදහසක් ලබා දීමට වගබලා ගත යුතුය.නොඑසේනම් ඔවුන් ඉබාගාතේ යන බලු රැළක් සේ තම ජීවිතය මෙහෙයවන්නට උත්සාහ ගනී.
වෙනූෂා දියණිය මුහුණු පොතේ සැරිසරා ඇත්තේ පාසලේද නැත එසේනම් ඒ ගෙදරදීය.මෙවැන්නකට මව්පියන් ඉඩ දී ඇත.එසේනම් වැරැද්ද කාගේ අතද?
පාසල් ගුරුවරුන් සුළුකොට නොතැකිය යුතුය.ඔවුන් දෙවිවරුය.ඔවුන් විසින් සිපිරිගෙයිවල කම්බිකූරු ගනින්නට කටයුතු කරන්න එපා.එය අානන්තර්ය පාපකර්මයට සමාන නොවන්නේද?ගුරුවරුන්ට නිදහස දෙන්න තම දරුවාව යහපත්,ගුණවත්,වැඩදායී උගත් බුද්ධිමත් ජවසම්පන්න පුරවැසියෙක් කරන්න.දෙමාපියන් වශයෙන් අපගේ කාර්යභාරය එයයි.තමන් සිහියට ගන්න අද තමන් සිටින තැන තමන් වැජඹෙන්නේ කවුරුන් නිසාදැයි සිහියට ගන්න. අම්මා තාත්තා අපව වැදූ හැදූ එක ඇත්තය.එනමුදු අපිව සමාජයට හැරලුවේ විදු මෑණීයන්ය, ඒ ගුරුදෙවිවරුය.
පුද්ගලයෙකු ජීවත්වන්නේ හෝ මියයන්නේ සන්නිවේදනය නිසා නොව,ඒ ඒ පුද්ගලයාගේ දරා ගැනීමේ හැකියාව අනුවය. එසේනම් විය යුත්තේ ඔවුන් ශක්ති සම්පන්න පුද්ගලයින් කිරීමය. ඒ සදහා කල යුත්තේ ගුරුවරුන් හා නිරන්තර සහයෝගයෙන් යුක්තව තම දරුවන් ගැන අවධානයෙන් සිටීමය.මුහුණු පොත නිසා පමණක්ම තරුණ තරුණීයන් මිය යන්නේ නම්, හා ඒ මගින් පමණක්ම දරුවන් විනාශමුඛය කරා ගමන්කරන්නේ නම් පමණක් මුහුණුපොත තහනම් කලාට වරදක්ද නොවන්නේය.
තම දරුවන් උගත්කමින් මෙන්ම ගුණවත්කමින්ද පෝෂණය වන්නේ නම් ඔවුන් අකාලයේ මිය නොයනු ඇත.මෙයට හොදම උදාහරණය ධර්මපාල ජතක කතා වස්තුව නොවේද?
මා හට අයනු ආයනු ඉගැන්වූ මගේ මුල්ගුරුතුමිය තව නොබෝ දිනකින් විශ්‍රාම යාමට නියමිතය.ඒ මගේ පුංචි පුතුටත් දෙවසරක් උගන්වාය.ඇය කියන්නේ ඔහුද මාමෙන්ම දඩබ්බරයෙකු බවයි.මා කුමක් කියන්නද මට හොද නරක කියා දුන් මගේ පුංචි පුතුටද ඇය හොද නරක උගන්වාවි.ඒ ගුරුදෙවිවරුන්ගේ හැටිය.
ඇමරිකාවේ 16 වන ජනපති ඒබ්‍රහම් ලිංකන් සිහියට ගන්න.තම පුතාගේ ඉස්කෝලේ මුල් ගුරුට යැව් ලිපිය කියවන්න.එය සෑම මව්පියවරයෙකුටම වැදගත් වනු ඇත.
අවසන් වශයෙන් කිවයුත්තේ , අපට අවැසි වන්නේ මීටරයක් මිස මෝටරයක් නොවේ.
විශ්‍රාම යන මගේ මුල්ගුරුතුමිය වන ප්‍රේමලතා ගුරුතුමියට විවේක සුවය ප්‍රාර්ථනා කරමි
(පින්තූරය බලන්න මෙන්න මෙතැනින්http://wewismatha.blogspot.com/2013/08/blog-post_5767.html
තමාගෙ මුල් ගුරුවරියම තමන්ගෙ දරුවටත් මුල් ගුරුවරිය වීම ඇත්තෙන්ම වාසනාවක් වගේ නේද?
ReplyDeleteප්‍රේමලතා ගුරුමෑණියන්ට මාත් නිරෝගී ව්ශ්‍රාම සුව පතනවා.
ස්තුතිවේිවා ප්‍රියා
Deleteතම පුතනුවන්ගේ/මුනුබුරුගේ මෙන්ම සිය දහස් දූවා දරුවන්ගේ නැණස පුබුඩුවාලු ...
ReplyDeleteප්‍රේමලතා ගරු ගුරු මෑණියනි ...... ඔබ තුමියට නිරෝගී සුවදායක විශ්‍රාම සුවයකට මගෙන් පැතුමන්.... !
ස්තුතියි කෙන්ජි
Deleteගුරුවරයා කියන කෙනා සුවිශේෂි කෙනෙක් වෙන්න ඕන කියන එකයි මගෙ අදහස නම්.
ReplyDeleteඅර ගුරුතුමියට 'වැව්' කල ප්‍රාර්ථනයට මාත් එකතු වෙනවා.
මම හිතන විදියට හැම කෙනෙක්ම විවිධාකාර මතිමතාන්තර තර්ක විතර්ක ආදී කොටින්ම කිව්වොත් හැම දේම කරන්නෙ ගුරුවරු නිසා.සමහරවිට සමහරක් කියයි අනේ ඉතින් ගුරුවරුන්ට පඩි දෙනවනේ කියල. වරුවයිනෙ වැඩ කරන්නෙ කියල, නමුත් සැබෑ ගුරුවරයා පඩියට වැඩ කලොත් අඩියක් ඉස්සරහට තියා ගන්න බැරි උන් කොට්ඨාශයක් බිහි වේවි, එහෙම නම් මේ රටේ හැම එකෙක්ම මන්ද මානසිකත්වයෙන් පෙලේවි. අපේ රටේ සාක්ෂරතාවය ගැන උදම් අනන උන්ට කට පුක වහගෙන ඉන්න වේවි. ස්තුතියි චන්දන හරි වැරැද්ද තේරුම් ගැනීමේ අයිතිය ඔබ සතුය.
Delete//හරි වැරැද්ද තේරුම් ගැනීමේ අයිතිය ඔබ සතුය.// ??
Deleteමං අදහස් කලේ මේකයි. පන්තියක වුනත් ඉන්න දරුවො එක වගෙ නෙවෙයි. කෙනෙකුට යමක් වරක් කිව්වම අවබෝධ වෙනව. තව කෙනෙකුට එහෙම වෙන්නෙ නෑ. ඇතමෙක් ලැජ්ජාශීලියි. ඇතමෙක් එහෙම නෑ. (ඔය දෙක කිව්වෙ උදාහරණ වශයෙන් විතරයි) ඉතින් අන්න ඒ වගෙ තත්වයන් ග්‍රහණය කර ගන්න කෙනා තමයි නියම ගුරුවරයා. ඇතම් විට ඒ ගුරුවරුන්ටත් ගෙවල් වල ප්‍රශ්න වගෙ දේවල් ඕන තරම් තියනව නෙ. ඒ වගෙ දේවල් පාසල් ගේට්ටුවෙන් පිටත තබා පාසල තුලට යන ගුරුවරු ඕන තරම් ඉන්නව. බොහෝ විට අපේ මතකයේ දැඩිව රැඳෙන්නෙ අන්න ඒ වගෙ ශිෂ්‍යයින්ව හඳුනා ගත් ගුරුවරුන් වයි. මාත් ගුටි කාල තියනව ඕන තරම්. ඒත් ඔවුන් ගැන මගෙ හිතේ වෛරයක් ඇති වුනේ නෑ කවදාවත්. එහෙම නොවෙන්නට ඒ ගුරුවරු වගබලා ගත්ත. ඇගයිය යුතු තැන ඇගයීම කලා.
අද වුනත් එවැනි ගුරුවරයෙක් දැක්කාම ලඟට ගිහින් කතා කරන්න මට හිතෙන්නෙ ඔවුන් සතුව තිබූ ඒ සුවිශේෂිතාවය නිසයි.
පඩි ගැන කියනව නම්,
මගේ සහෝදරිය ගුරුවරියක්. ඇය ගෙදර ඇවිත් දරුවාගෙ වැඩ කරල අවසන් වෙලා රෑ එක දෙක වෙන කල් පාසලේ වැඩ වෙනුවෙන් වෙහෙසෙන බව මා දැක තිබෙනවා. එතනදිත් මා ඇයව ගත්තෙ මගෙ කාරණය පැහැදිලි කරන්නට උදාහරණයකට පමණයි. එවැනි කැප කිරීම් ඔබේත් මගේත් ගුරුවරු ද කරන්නට ඇති.
මං උඩදි කෙටියෙන් අදහස් කලේ ඔන්න ඔය ටික.
ඔබ නිවැරැදියි.
Deleteබොහෝම කාලෝචිත වටිනා ලිපියක්. මෙතනදි මමත් දොස් කියන්නේ දෙමාපියන්ට. ගුරැ සේවය තඹේකට මායිම් කරන්නේ නෑ. ඒකට සමහර ගුරැවරැත් වඟ කියන්න ඕනේ. මේ මුළු සමාජයේම ආකල්ප වෙනස් කරන්න ඕනේ. ඒක ගමේ පංසලෙන්/පල්ලියෙන්/කෝවිලෙන් ,පාසලෙන් හා පොලීසියේ මැදිහත්වීමෙන් ජනතාව සමඟ එකතු වීමෙන් නරන්න ඕනේ. ඒකට ආණ්ඩුවේ සහය ඕනේ... අපට ආණ්ඩුවක් තියෙනවද....?? වටිනා ලිපි! ආයෙත් එන්නම්.. ජය!!
ReplyDeleteපවතින අර්ථ ක්‍රමයත් එක්ක මිනිස්සු ඉබා ගාතේ දුවනවා.සල්ලි මත්තෙ මැරෙනවා.තමන් හදාපු වදාපු දරුවන් ගැන හිතන්න වෙලාවක් නෑ. අන්න එතැනදි තමා දරුවන් ඉබාගාතෙ යන්න පටන්ගන්නෙ, ඇතැම්විට ඒකෙ අවසානෙ දකින්න වෙන්නෙ කොහොමද කියන එක ඕන කෙනෙකුට තේරෙනවා. අඩුපාඩු බොහොම ඇති,වැරැදි ඇත්නම් පෙන්වන්න ස්තුතියි ඔබේ අදහස් දැක්වුවාට
Deleteගුරු වෘතිය උතුම්ව කරන ගුරුවරුත් තවම ඉන්නවා කියන එකම සතුටක් ඇත්තෙන්ම..
ReplyDeleteඇත්තටම සතුටක්
Deleteඔයාට අමතක වෙච්ච නැත්නම් ඔයා හංගන එක කාරනයක් තියෙනවා.ඒ තමයි වෙනූෂා වේවා වෙනත් සියදිවි හානි කරගත් කෙනෙකු වේවා එහෙම කරන්නේ තමන්ට එන ආවේගය දරා ගන්න බැරිවීම මත කියලා.එතකොට ඒ ආවේගය ආවේ බුකියෙන් නම් ඒකට ගිය දවසේම මැරෙන්න ඕන.එහෙම වෙලා නෑ.
ReplyDeleteකැමති නම් පමණක් කියවන්න.http://amuthusithuwili.wordpress.com/2014/02/12/cheating-teachers-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94/cheaters or teachers.www.amuthusithuwili.wordpress.com
ඇනෝ සහෝ ඒක තමා මා කියන්නෙ ඔවුන් සිය දිවි හානි කරගන්නෙ ඔවුන්ට දරා ගැනීමේ ශක්තිය නැති නිසා කියල, ඔවුන්ට ඒ ශක්තිය ලබා දෙන්න ඕනෙ,ඒක කරන්න පුළුවන් ගුරුවරුන්ට විතරයි,දැනුම ගුණවත්කම මෙන්ම දරාගැනීමේ හැකියාව තියෙන කෙනෙක් කවදාවත් සියදිවි හානි කරගන්නෙ නෑ. ඇත්ත ඒකයි.ස්තුතියි පැමිණියාට
Deleteපය බරවයට පිටිකරට බෙහෙත් බඳින එවුන්ගෙන් අඩුවක් නෑනේ මලයා අපට.
ReplyDeleteඑහෙම ගත්තම මේක එකක් විතරමයි. පහුනු මාස කීපයේ සිදුවුන දේවල් මතකනේ..
ධර්මසේන හිමියන්ගේ කතා වස්තු අදටත් මනාව ගැළපෙනවා සරත්. ලොකු උදවිය ඒව උදාහරණවලට අරන් කතා හැදුවත් ඒව කිරියාත්මක කරන කට්ටිය අඩුයි.ස්තුතියි වැව් ඉස්මත්තට ගොඩ වැදුනට
Deleteඅදහස් හා ආකල්ප වල වැරැද්දයි මං දකින්නෙ... නැත්තං අර දරුව එල්ලෙන්නෙත් නෑ නෙව...
ReplyDeleteමිනිස්සු වැරදි නෑ උන්නෙ ආකල්පයි වැරදි....
ඒව තමයි නිවැරැදි කරන්න ඕනෙ.යහපත් ආකල්ප වර්ධනය කරන්න ඕනෙ.ඇයි දෙයියනේ එහෙම කරන ගුරුවරුමනෙ අන්තිමේට වැරදිකාරය වෙන්නෙ
Deleteගුරු වෘතිය කියන්නේ පුදුම දෙයක්.ජීවිතේ මිනිස්සු විදින වෙනමම පැත්තක්.හැමකෙනෙක්ටම මේ දේ විදින්න ලැබෙන්නේ නැහැ.අතලොස්සකට විතරයි මෙහෙම දේවල් ලැබෙන්නෙ..
ReplyDeleteඒක හරි ඒක අපිටත් අත්විදින්න වාසනා මහිමය නැතිවුණා.ඒත් දැන්නම් බලාන යනකොට එහෙම නූන එක හොදයි කියල හිතෙනවා
Deleteමගේ කොල්ලට අවුරුදු දෙකක් උගන්නපු ගුරුතුමියත් විශ්‍රාම ගියා මේ අවුරුද්දේ. අපි ඇයට සුවබර විශ්‍රාම දිවියක් පතමු.. ැබෑව තමා මේක අප්ඩේට් උනේ නෑ වැචෝ.. තැන්කුයි ලින්කටුවට..
ReplyDeleteඇයටත් මගෙන් සුවබර දිවියකට ආසිරි. ස්තුතියි දේශා
Deleteපළමු වරට වැව් ඉස්මත්තට මාත් ගොඩවුනා.. දැන් පාර දන්නවා.. නිතර එන්නම් නිදහස් වෙලාවට..
ReplyDeletehttp://masandumal.blogspot.com/
සාදරයෙන් පිළිගන්නවා මනෝෂ්
Delete,මගෙ අදහසනම් වැව් ගුරුවරයා ඉතා පුලුල් මනසකින් සිටිය යුතුයි.ගුරුවරයා ලමයෙකුට දඩුවම්කලයුත්තෙ නිවරදි කිරිමෙ අරමුනින්.එතකොට ද්වෙෂයෙන් ඉවත්විය යුතුයි.එහෙම නැතුව බය කරන්න වගෙ අරමුනක් තිබුනොත් ලමා මනසට දරාගැනිමෙ ගැටලුවක් එනව.
ReplyDeleteඔබෙ ගුරුතුමිට මමත් සුවබර දිගු විශ්‍රාම දිවියක් පතනව.
ඒක ඇත්ත දමිත් . හොද ගුරුවරයා එසේම විය යුතුයි.නමුත් අහිංසක කුමාරයා අංගුලිමාලයෙක් කරපු දිසාපාමොක් ඇදුරුතුමන්ලාද අද නැත්තේද නොවේ.
Delete