Sunday, February 9, 2014
කිරි අම්මේ
කාලෙන් කලට හැමදේමත් වෙනස් වන
නොතිබෙන දෙයත් වෙද මේ ලොව සසල වන
වියතුන් නූගතුන් නිතරම දෙසන බන
ඒ ගැන සිතන විට කැපුමට සිතෙයි කන
වරමක් දුන්නොතින් සක් රජු මෙහි පැමින
කලබල වේවි කවුරුත් දැන් මෙහි සිටින
මොනවද ඇත්තෙ වැඩියෙන් දිව ලොව වටින
ඒ සැම දෙන්න මට රැකුමට දිවි ගමන
දෙව් ලොව කතා කියමින් සනසපු බාලේ
සුර අසුරයින් ගැන කිව් හිදගෙන සාලේ
මව්ටත් වැඩිය හෙව් අපි ගැන පොඩි කාලේ
කිරි අම්මාය මගෙ වරමට සක් රාලේ
වියැලී එල්ලෙනා මුත් ඇගේ මහලු තනේ
නොබැලු එකෙක් වෙද ඒ කිරි රසය අනේ
අම්මා දෙනවිටදි ගුටි බැට හතර කොනේ
වෙන සැනසුමක් වෙද කිරිමවු නොමැති තැනේ
තල් කොල වලින් නිතරම හැඩ වැඩ පෙන්නු
ඇය අමතකයි කාටත් දැන් යල් පින්නු
කිසිවිටකවත් පොල් කොල අහකට දැම්මු
කෙනෙකුන් නොවේ යැයි සළකති මේ ගම්මු
නොතිබුණු නමුදු ඇගපත සත්තියෙන් වෙළී
සිවු පෝයටම සිල් ගයි බත්තියෙන් ගැලී
ගෙයි දොර හැම වැඩම කෙරුවත් නොකර මැලී
කිසිවිටකවත් දැක නැත්තෙමි ඇගෙහි දැලී
දරු මුනුපුරන් ගැන නිතරම සිත යෙදුව
කොන් වී විටෙක පසෙකට වීමට සිදුව
මියයන තුරුම බුදු දම් සග මොක් පැතුව
නිවනින් සැනසෙන්න ඔබෙ සිල් ගුණ මතුව
http://wewismatha.blogspot.com/
Labels:
අම්මාවරුනි
Subscribe to:
Post Comments (Atom)
ඇත්ත, කිරි අම්මල ඉන්න ගෙවල්වල අම්මලටත් වඩා ළමයි ගැන ඒ අය හොයනව තමයි.
ReplyDeleteලස්සන පද පෙලක්.
ස්තුතියි Praසන්ன
Deleteකිරි අම්මා කිව්වේ ආච්චිද...?
ReplyDeleteකිරි අම්මා,ආච්චි,අත්තම්මා මං දන්නෙ ඔය ටික විතරයි පොදුවෙ තියෙන ඒව
Deleteකවි ටික ලස්සනයි වැවෝ. කිරි අම්මා.. පොඩි එවුන් ගොඩක් ආසයි නේද කිරි අම්මා එක්ක ඉන්න. සමහර පොඩි වුන් අම්මට වැඩිය සමීපයි කිරි අම්මට.
ReplyDeleteස්තුතිවේවා චන්දන
Deleteමටත් මගෙ ආච්චිව මතක් වුණා..මාවත් පොඩි දවස් වල බලා කියා ගත්තෙ අපේ ආච්චි අම්ම තමයි..
ReplyDeleteආච්චි කෙනෙක් ගාව ආදරේ වැඩියි තම මුණුබුරු මිණිබිරියන්ට
Deleteකිරි අම්මලා, අම්මලාට වැඩිය ආදරෙයි කියලා හැමෝම කියන දෙයක්..
ReplyDeleteහැමෝම කිව්වට සමහරක් ආච්චිලාට සළකන විදිය වැරදියි යාළු
Deleteඇත්තටම ලස්සනයි බොලේ කවි ටික...
ReplyDeleteසෙනෙහෙ පිරි කවි පෙළක්
ReplyDeleteසිරියාවන්ත මුහුණක්......
ස්තුතියි යාළු
Deleteනැතුවට මට කෙලින් ඔය අත්දැකීම
ReplyDeleteමං විඳ තියේ නෙක තැන ඔය හැඟීම
කියවන විටදි කඳුළැලි නොම දැනීම
ඇස තුළ පිරී අඩු විය මගෙ පෙනීම
පැදි පෙළ රහයි ඇතිවෙයි ඉරිසියාව
දෙතැනක නොමැත එළිසම නම් ප්‍රියාව
අවසන් පැදියෙ යවහන බිඳි නියාව
හොඳ නැහැ මලේ නොකරන් ඔය ක්‍රියාව
ලේ කිරි කරන්
ReplyDeleteමට නොදුන් නමුත්
මා මව් සමවී
කිරි අම්මා....
මතකෙට එද්දි
නෙත කදුලැල්
නැත නිම්මා...
මෙතේ බුදුන් ළග
නිවනේ සැනසෙන්
මගෙ කිරි අම්මා......
ලස්සනයි ඔයාගෙ කවිය.... හැබෑවටම අපූරුයි... අදයි මෙහෙ ආවෙ...
එන්නං දිගටම දාගත්ත ඔන්න රෝලටත්...
හැකියාවක් තියේ නං ඇවිත් යන්න අපේ පැත්තෙ
අවන්හල
බොහොමත් තුති පුදමි ඔබ හට මෙමා අද
ReplyDeleteදැකගනු රිසින් පැමිණෙමි මම ඔබගෙ තෙද
ලස්සන කවි පෙළක්! මමත් කවි පිස්සෙක්....
ReplyDeleteඅදයි මුලින්ම ඔබේ නිවහනට ගොඩ වුනේ. නැවත එන්නම්. ජය වේවා!!
තැන්කු චන්දන
ReplyDeleteහිතෙන හිතුන දේවල් සේරම මම මෙතන කෙටුවොත් ඒක තව පෝස්‍ටුවක් වෙවි. කොහොම උනත් උඹගේ මාතෘකාව නම් බොහොම වටිනවා යාළුවා. ගෙහුං එඤ්ඤං...
ReplyDeleteස්තුතියි නුඹට
Delete