සිතුනා කවක් ගෙතුමට මව් වරුන් හට
ගෙයි පිළිකන්නෙ සාදා ඇති ගව මඩුව
කිරි අම්මාට ඇත සම්පත් නොම අඩුව
එනමුදු කියන්නේ කෙලෙසද මෙම නඩුව
තනි වී ඇති සෙයකි කිරි මව් තන පුඩුව
කොපමණ සැපක් තිබුණත් ඇතුළත මඩුව
කෙලෙසද මකන්නේ තම පුතු නැති අඩුව
සිටගෙන වෙව්ලමින් ඇය නෙත් යුග රතුව
කිරි අම්මා හඩයි දෙනෙතේ කදුලැලි මතුව
සොයමින් හැම තැනම පීරා ගම මැද්දේ
නිතරම කන් යොමයි ඇසුමට පුතු සද්දේ
කවුරුද හීය ඇගෙ හදවත වෙත විද්දේ
තනපුඩු කිරෙන් බරවී දෙපසට පැද්දේ
දරු සෙනෙහසින් එරෙනා කිරිවල අගය
දන්නා මව් වරුන් අද ලොව තුළ හිගය
තාමත් කිරි මවුන් පුතු සොයමින් මගය
කෙලෙසද සනසන්නේ ඇය පෙන්වා බුදු මගය
උපදින දරු පැටව් තම කුස තුළ ජනිත
ගෙල මිරිකා මරති කරමින් ලොව සළිත
ඒ වන් මව්වරුන් හට පියවරු සහිත
නැත කිසි සමාවක් කෙනෙකුට ලොව උපත
තම රුදිරයෙන් වැදුවා වු පුතු නැතුව
කිසි මව් කෙනෙක් නැත ලොව සොම්නස සතුව
සමහර මව්වරුන් වැළපෙයි කිරි නැතුව
රැකගන් සෙනෙහසින් නුඹෙ ආදර පුතුව
අපූරුයි....
ReplyDeleteතෑන්ක්ස් මාතා
Deleteඇත්තටම ලස්සනයි....
ReplyDeleteතෑන්ක්ස් බෙන්
Deleteකුමටද බනින්නේ ඔබ වැනි කවියෙකුට
ReplyDeleteපැදි පෙළ අගෙයි මුතු බැඳී රන් දම විලස
කවියකින් පිළිතුරු බදින්නට නෑ වෙලාවක් දැන්
Deleteපසුව ලියනෙමි තවත් කවියක් මොරබ්බා හට මන්
විශිෂ්ටයි .........
ReplyDelete++++++++++++++++++++++++++
ස්තූතියි ඉවාන්
Deleteඇත්තටම හරිම ලස්සනයි...
ReplyDeleteස්තුතියි නිහඩ සහන්
Delete//SilentSahan//
Delete//නිහඩ සහන්//
අම්මෝ වෙලාවකට හෙන කං කරච්චලයක් , ( තරහා වෙයිද දන්නැ හිත හොද එකා )
එහෙම තමයි බන් සද්දේ වහලා නැති වෙලාවට..:p
Deleteනියමයි.... බොක්කටම වදින්න ලියල තියෙනවා... තව ලියන්න යාලුවා...උබට හොද අනාගතයක් තියෙනව බ්ලොග් අවකාශය තුල....
ReplyDeleteඅටංගේ පෝස්ටුවක තිබුන ලිංකුවක් දිගේ මේ පැත්තට ආවෙ ඕන්. නියමයි රිදෙන තැනට වැදෙන්න ලියල තියෙනව. දිගටම ලියමු.
ReplyDeleteතෑන්ක්ස් යාළුවා
ReplyDeleteExcellent Brother
ReplyDeleteThanks dear sister
ReplyDelete