Saturday, June 22, 2013

කව්රුද හීය ඇගෙ හදවත වෙත විද්දේ

බැන්නත් අදර පාඨකයන් මෙමා හට
සිතුනා කවක් ගෙතුමට මව් වරුන් හට



ගෙයි පිළිකන්නෙ සාදා ඇති ගව මඩුව
කිරි අම්මාට ඇත සම්පත් නොම අඩුව
එනමුදු කියන්නේ කෙලෙසද මෙම නඩුව
තනි වී ඇති සෙයකි කිරි මව් තන පුඩුව


කොපමණ සැපක් තිබුණත් ඇතුළත මඩුව
කෙලෙසද මකන්නේ තම පුතු නැති අඩුව
සිටගෙන වෙව්ලමින් ඇය නෙත් යුග රතුව
කිරි අම්මා හඩයි ‍දෙනෙතේ කදුලැලි මතුව 


සොයමින් හැම තැනම පීරා ගම මැද්දේ
නිතරම කන් යොමයි ඇසුමට පුතු සද්දේ
කවුරුද හීය ඇගෙ හදවත වෙත විද්දේ
තනපුඩු කිරෙන් බරවී දෙපසට පැද්දේ


දරු සෙනෙහසින් එරෙනා කිරිවල අගය
දන්නා මව් වරුන් අද ලොව තුළ හිගය
තාමත් කිරි මවුන් පුතු සොයමින් මගය
කෙලෙසද සනසන්නේ ඇය පෙන්වා බුදු මගය


උපදින දරු පැටව් තම කුස තුළ ජනිත
ගෙල මිරිකා මරති කරමින් ලොව සළිත‍
ඒ වන් මව්වරුන් හට පියවරු සහිත
නැත කිසි සමාවක් කෙනෙකුට ලොව උපත

තම රුදිරයෙන් වැදුවා වු පුතු නැතුව
කිසි මව් කෙනෙක් නැත ලොව සොම්නස සතුව
සමහර මව්වරුන් වැළපෙයි කිරි නැතුව
රැකගන් සෙනෙහසින් නුඹෙ ආදර පුතුව


17 comments:

  1. ඇත්තටම ලස්සනයි....



    ReplyDelete
  2. කුමටද බනින්නේ ඔබ වැනි කවියෙකුට
    පැදි පෙළ අගෙයි මුතු බැඳී රන් දම විලස

    ReplyDelete
    Replies
    1. කවියකින් පිළිතුරු බදින්නට නෑ වෙලාවක් දැන්
      පසුව ලියනෙමි තවත් කවියක් මොරබ්බා හට මන්

      Delete
  3. විශිෂ්ටයි .........
    ++++++++++++++++++++++++++

    ReplyDelete
  4. ඇත්තටම හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිහඩ සහන්

      Delete
    2. //SilentSahan//

      //නිහඩ සහන්//

      අම්මෝ වෙලාවකට හෙන කං කරච්චලයක් , ( තරහා වෙයිද දන්නැ හිත හොද එකා )

      Delete
    3. එහෙම තමයි බන් සද්දේ වහලා නැති වෙලාවට..:p

      Delete
  5. නියමයි.... බොක්කටම වදින්න ලියල තියෙනවා... තව ලියන්න යාලුවා...උබට හොද අනාගතයක් තියෙනව බ්ලොග් අවකාශය තුල....

    ReplyDelete
  6. අටංගේ පෝස්ටුවක තිබුන ලිංකුවක් දිගේ මේ පැත්තට ආවෙ ඕන්. නියමයි රිදෙන තැනට වැදෙන්න ලියල තියෙනව. දිගටම ලියමු.

    ReplyDelete