Friday, October 14, 2016
නගර සෝභිනියක ස්නේහය
කටු මැටි බිත්ති සුවඳට කුස පිරෙන්නේ
පොල් අතු ඉලුක් පිදුරුයි අප රකින්නේ
අල්ලපු ගෙදර මේවා බොරු කරන්නේ
කවදද මගෙ ගෙදර සුදු හුණු ගාන්නේ
සමහර දාට දන්කුඩයත් ගෙන අම්මා
බලු නගුටාට දී කුස ගිනි දන් දුන්නා
එල්ලෙන පයෝදරවල හරි දුර මැන්නා
මල්ලිගෙ ණයත් හරියට ගෙවලා දැම්මා
මහවල ගෙදර අක්කා මා එක්ක ගිය
ලොව සුරපුරකි විසිතුරු දේ පිරී ගිය
කාලය ගෙවී මගෙ හදවත ඇදී ගිය
ඒ ලොව මලකි මට සියොලඟ පරව ගිය
හම්බෙන සොච්චමෙනි මම දිවි ගෙවන්නේ
කෙලෙසද බාල උන් අමතක කරන්නේ
උන්දැගෙ පොරොන්දුවටයි පණ අරින්නේ
මොණරුනි පියාපත් වල බර දැනෙන්නේ
කර උඩ යනෙන දුක් කද සිහිවෙනා විට
අම්මගෙ අදෝනා විදුලිය කොටන විට
ඔච්චම් මවන උන් මට ගොරවනා විට
ඇඟ මස් රුහිරු බොන උන් සැපයක්ය මට
පිරි ඉතිරිලා උන් සොම්නස දෝරෙ ගලා
යනවිට කඳුලු බැස යයි මගෙ මූද බලා
නුබ ගැබ පාවෙනා කිරි සුදු පාට වලා
හොරැහින් බලනවද මා දෙස කඳුළු සලා
පින්තූරය උපුටා ගැනීම මෙතැනින්
Subscribe to:
Post Comments (Atom)
අපූරුයි වැව්. පස්වෙනි කවියට වඩාත් කැමතියි.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී
Delete++++++++
ReplyDelete++++++
Deleteකොළඹ යුගයේ කවීන්ගේ නිර්මාණයක් වගේ. බොහොම හොඳයි.
ReplyDeleteආන්න ආන්න මුරුංග අත්තෙ තියන්ඩ හදනවා විචා මාම...
Deleteස්තූතියි මාමෙ
අන්තිම කවිය ගොඩක් ලස්සනයි වැව්....වැහිබර දවසක් අද මෙහෙ උදේ... අහසටත් දුක වැඩි උනාම කලු වළාකුලු වලින් කඳුලු හලලා ආයෙත් පුලුන් වගේ ලස්සන සුදෝ සුදු වළාකුලු එක්ක නිල්ම නිල පාටින් බලන් ඉන්නවා ...හෙට උදේ කොහොම වෙයිද දන්නේ නැ
ReplyDeleteස්තූතියි සහෝදරී
Delete