Monday, February 27, 2017
ඔය ඇවිල්ල ඉන්නෙ, ලොකු කෙල්ලගෙ මංගල්ලෙ කියන්ඩ
"හෙලෝ....."
"ඇයි ඇයි ...මේ බෙරිහන් දෙන්නෙ...."
" මොනද ඕයි පෝ්න්නෙක අාන්ස කරන්නැත්තෙ...?"
"අනේ මේ..මගෙන් මොකුත් අහගන්නැතුව ඉන්නවා. තමුසෙ මේ..එක තැනකට වෙලා පුටු රත් කොර කොර හිටියට මට එහෙම නෑ. මට කොච්චරක් නම් වැඩ තියෙනවද...මේ දාහකුත් එකක් ප්‍රස්න අස්සෙ තමුසෙත් එනව මෙතන......"
" හරි හරි ඉතින්....."
"හරි හරි ඉතින් කියන්නෙ...මට වැඩ තියෙනවා...ඔයත් එක්ක තොදොල් වෙවී ඉන්න බෑ..."
"මොනවද ඕයි ඔච්චරටම තියෙන වැඩ....කෝල් එකක් ගත්තොත් වැඩ.. වැඩ..වැඩ..රෙද්ද..."
"මට ග්‍රාමසේවක හම්බෙන්ට යන්ඩ තියෙනව.."
"ඒ මොකටද ?"
"බඩෙංගුරු හේන් වලට ආධාර දෙනව කියන්නෙ"
"ඉතිං..ඉතිං"
"ඉතිං...ඒවට නං දෙන්ට ඕනෙලු අද දවල් දොළහට කලිං"
"ඇයි ඕයි තමුසෙ යන්නෙ..අපෙ බඩිංගුරු හේනට මොන වින්නැහියක්වත් වෙලා නැති කොට.."
"අනේ...මේ තමුසෙ මගෙන් මොකුත් නාහ ඔයාගෙ පාඩුවෙ ඉන්න එකයි ඇත්තෙ..ආයෙ එහෙම කෝල් ගන්ටෙපා මං පෝන්නෙක ගෙනියන්නෑ..."
+=+=+=+=+=+=+=+=+=+=+=+
"හෙලෝ...."
"ඇයි මේ වදේ....."
"ග්‍රාමසේවකය ලඟට ගියාද..?"
"හ්ම් ..ගියා.."
"කීයක් දෙනව කියනවද..?"
"අනේ..මේ ඔයාට පිස්සුද අනේ...නං ටික ලියා ගත්ත විතරයි..ඒකටත් ගුහ මූලිකය ඉන්ඩ ඕනෙලු කියනව. අනිත්තෙක රජයෙ පඩිකාරයින්ට බැරිලු කියන්නෙ..."
"රෙද්ද තමයි රජයෙ පඩි කාරයෝ...වඩියක් දා ගත්තනං ඊට වැඩිය සල්ලි හොයන්ඩ පුළුවන් කියනව ඕකට....මට ඉතින් ඔය වෙලාවට තමා අසූ හාර දාහට නගින්නෙ ඕයි........"
"අනේ මගෙ කට...තමුසෙට ඔය නගින එකා නගිනනවට වැඩිය ඉක්මනින් බහිනව කියලනං මං දන්නව..ඒ හිංද කට පුක වහගෙන හිටියනං හොඳයි.....ඕං.."
"පුහ් යකෝ...අර මොකෙද්ද එකෙක් ගියපු උඩ කිව්වලු....තමුසෙට කවුරු හරි මොනව හරි කැවුවද...මං මේ ගෙදර නැති වෙලේ...."
"අනේ.....කට වහගෙන ඉන්නකෝ...."
"එහෙනං ඉතින් කියනවකො මොකද උනේ කියල.."
"කොහෙද ඉතිං තමුසෙ කියන්ට දෙනවැයි.."
"හා... කියනවකො.."
"ඊට පස්සෙ මං අම්මගෙයි මල්ලිගෙයි නමටයි අපෙ ඒවත් එකතු කරා."
"අක්කරේකට දහදාහ ගානෙ හම්බුනොත් කොච්චර එකද්ද නේද..?"
"ඔව් ඒයි...මාත් මේ ඒකමයි හිත හිතා හිටියෙ..එහෙම උනොත් පොහොර ගත්තුවාගෙ ණය ටික ගෙවල දාන්ඩ පුළුවන් වෙයි.."
"ඔව් නේද.. ඒක නෙවෙයි අක්කර කීයක් විතර දැම්මද..?"
"අඩප්පන් ඔයේ කෑල්ලයි..රත්මල්ගහවැවේ ඉස්මත්තෙ කෑල්ලයි එතන එකාමාරක් විතර තියෙනවනෙ පුංචි හම්මිල්ලෑවෙ කෑල්ලයි...ඊට වැඩිය දාන්ඩත් බෑනෙ. බැරි වෙලාවොත් ඇවිත් බැලුවොත් එහෙම...එහෙම උනොත් අර හදල පෝර දාන්නැතුව ඇතෑරපු කෑල්ලවත් පෙන්නනව කියල හිතා ගත්ත...මේ...ඒක නෙවෙයි.."
"මොකද....?"
"කවද්ද ගෙදර එන්නෙ...?"
" මං නැතුව ඉන්ටම බෑ වගේ නේද..."
" අනේ මේ...මට එච්චර අමාරුවක් නෑ....."
"එහෙනං මොන බම්බුවකටද මං ගෙදර එනවද නැද්ද කියල අහන්නෙ ඕයි..."
"දැන්නම් බඩෙංගුරු ටික කඩන්ඩ පුළුවන් වෙයි. බඩෙංගුරු ටික කඩල එහෙම්ම උර වලට දාල පස්සෙ සුනාමි කරමු. කොහොමත් අවුරුදු වලින් පස්සෙ හැටට හැත්තෑවට දෙන්ඩ පුළුවන්..දැන් දුන්නොත් නං අපිට අවුරුදු නෙමෙයි කන්ට වෙන්නෙ....."
"ඔව් නේද..ඒකත් හොඳයි....ඇතකොට අර ගත්තු ණය ටික ගෙවන්නෙ කොහොමද..?"
"මොකෝ අපි පොලියට ගත්ත නෙවෙයිනෙ....ඔන්න ඔහෙ පස්සෙ ගෙවල දානව..."
"ඔව් ඔව් ඒකත් හොඳයි. ඔයාගෙ මොළේ තමා මොලේ නේ....මොකේ හිනාවෙන්නෙ. ඇත්ත නෙවෙයිද..?"
"කට කට, ලොකු අම්මට ඇහෙයි. මං කිව්ව මේ දවස්වල අතේ තඹ දොයිතුවක් නෑ කියල. බඩෙංගුරු කෑල්ලත් නියෙඟෙටම වේලිලා ගියා කියල, ඔය ඇවිල්ල ඉන්නෙ, ලොකු කෙල්ලගෙ මංගල්ලෙ කියන්ඩ...."
Labels:
කෙටි කතා
Subscribe to:
Post Comments (Atom)
ආ තෝ ඉන්නවද , මං හිතුවේ මැරිලා කියලා
ReplyDeleteඉපිද මැරේ යළි ඉපදේ නොතිර සසර සාගරේ
Deleteවැව් ගොඩක් කාලෙකින් ඇවිත්. කතාව අමතකවෙලා තිබ්බේ.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමී...පොඩි නිදහසක් ආවා...ඔහොම තමා ජීවිතේ නේද
Delete//තමුසෙට ඔය නගින එකා නගිනනවට වැඩිය ඉක්මනින් බහිනව කියලනං මං දන්නව..//
ReplyDeleteඒක මරු.
හුඟ කාලෙකින් නිදහසක් ලැබුනේ...ඒකත් සම්පුර්ණ නෑ වගේ....ජීවිතේ ඇත්ත තත්ත්වෙ ඕක තමා
Deleteමදැයි යාන්තම් වැව් ඉස්මත්ත වාන් දාන්න පටං අරං වගේ... ජය වේවා
ReplyDeleteවාන් දාන්ඩ පටං ගන්නකොටම වැස්ස නතර වෙනවා දිල්ෂාන්....
Deleteස්තූතියි මචෝ...
ගොඩ කාලෙකින්... කතාව අපූරුයි...
ReplyDeleteඔව් නිර්මාණි ටිකක් කාර්යබහුල වුණා....
Deleteස්තූතියි ඔබට
හැක්.. හැක්... නියම ආධාර ගැනිල්ල. කොහෙත් වෙන්නෙ ඕකම තමයි.
ReplyDeleteමං හිතන්නෑ ඒක වැරැදියි කියල මම එහෙම ලිවුවත්..
Deleteස්තූතියි ප්‍රසන්න
ජයවේවා...
ReplyDeleteකවුද බං මේ අටම ද? ඌටත් ලියවෙන්නෙ මෙහෙමයි.
ReplyDeleteඑහෙනම් කොච්චර දෙයක්ද කසුන්
Deleteකලකට පසුව වුනත් හොදයි
ReplyDeleteස්තූතියි සහෝදරයා
Delete