මුලු පරිසරයම එකම නිහැඬියාවකින් යටවී ඇත. ඝන අන්ධකාරයෙන් වැසී පවතින සප්ත මහා සාගරයෙන් ඔබ්බට පනින මූදු රැළි වෙරළ සිපගන්නා ඝෝර නාදය පමණක් විටින් විට ඇසේ. එක් වරම මූදූ සිංහයෙක් ගොරවන සද්දයක් මට අල්ලපු කාමරයෙන් ඇසේ. විටින් විට කකුලුවෙකු හුඇක් හුඇක් ගගා නගන කෙඳිරිලි හඬ අනිත් පැත්තේ කාමරයක් දෙසින් ඇසෙන කළ මගේ දෙසවනට මී පැනි වක්කරන්නා සේය. රෑට බල්ලෝ නුබුරති. එහෙත් දිය හබරලයෙක් වෙරළ දිගේ එහෙට මෙහෙට දුවන ශබ්ධය මගේ ගතත් සිතත් පිනවාගෙන එහෙට මෙහෙට යන්නා සේය. මම මොහොතක් නිහඬව උතුරු දිශාවට දෙකන් යොමා උන්නෙමි. ටක් ටොක් ටක් ටොක් හඬින් ශබ්දයක් ඇසුනි. ශබ්දය එන්න එන්නම තීව්‍ර විය. මම කොයිකටත් කියා නැගිට ගොස් දොර මෑත් කර මුහුණ ඝන අන්ධකාරයට එබුවෙමි. දෙපාරක් තුන්පාරක් ඇස් පිල්ලන් ගැසුවෙමි. එක පාරටම කණා මැදිරියෙක් මා සිටි තැනින් මීටර් සියයක් පමණ දික් අතට පියාඹා ක්ෂණයකින් අහසට පැන නොපෙනී ගියේය. එහෙත් ඌ ගිය පාර එලියෙන් මගේ දෙනෙත් නිලංකාර විය. මගේ ඇස් ඇදුම් කන්නට විය. මම දෙනෙත් පියන් වසා මොහොතක් හිටි තැනම ගල් ගැසුණි. ටක් ටොක් ටක් ටොක්..නැවතත් එම සද්දය කන ලඟටම ඇසුනි. මම දෙනෙත් පියන් විවර කර බැලූවෙමි. මුහුදු අශ්වයෙක් පිට නැගී අසරුවෙක් විදුලි වේගයෙන් මා සිටි දෙසට ආයේය. මට විජයබා කොල්ලය මතක් විණි. මම වහ වහා ලඟම තිබු ගසකට පැන නැංගෙමි. මම දඩස් ගා බිම වැටුනි. මම අවට බැලුවෙමි. ලැප් ටොප් එක පසෙකට වීසි වී මම ඇඳෙන් බිමට ඇද වැටී ඇති හැටි දුටිමි.....කෝකටත් කියා ගෘෘප් කෝල් එකක්වත් අරගෙනදැයි කියා ගෘෘප් එකටත් මූණ ඔබා බැලුවෙමි...
මායා යථාර්තවාදෙ කියලා කියවන්න බැලින්නං හීනයක්!
ReplyDelete