Friday, February 14, 2025

 

ක්ෂිතිජයත් වී දැන් කලාවක්



දරාගන්නට හිතක් නෑ මට

දමා හදවත කෑලි කරලා

මහා තල්ගස් බිඳී වැටෙනව

රැල්ල වෙරළට දඟ කලාමත්

 

සීනු හඬ සවනතට වැටෙනව

හීනයකි ඒ දැකපු සවසක

වීර නෙතු යට කඳුළු පිරෙනව

කෙස් ගහක් විත් දඟ කලාමත්

 

පීරමින් මම ඈත බලනව

සීරුවට අවි අත තබාගෙන

ඈත නොපෙනී යන අපූරුව

ක්ෂිතිජයත් මට දැන්  කලාවක්


2 comments:

  1. හැම දෙයක් මත් කලාවක්
    එය විඳින්නට වෙලාවක් තියෙනවානං
    කවදාක හරි අපටත්
    විරාමයක් ලැබේවියි
    කියා අපේක්ෂාවෙන්
    කල් ගෙවමින් ඉඳිමු අපි...

    ReplyDelete