සුදු පාට සිවිලිමට කලු පාට ගෙනෙන්නේ
රකින්නද තනි නොතනි මකුලු දැල් බදින්නේ
වැහිදාට ඝන අදුර ගෙබිම රජ කරන්නේ
නුඹ නැතිව මං කෙලෙස මේ දිවිය ගෙවන්නේ
සුදු පාට පංකාව කලු ගැහී දුවන්නේ
කුස්සියේ පිටිපස්ස කුණූ ගොඩක් මවන්නේ
වැහි දාට සීතලට ගුලි ගැහී නිදන්නේ
මහ රෑට හීනෙනුත් නුඹව මට පෙනෙන්නේ
මේසෙ උඩ සියළු දේ ඇත ගොසින් විසිරිලා
හෝදන්න රෙදි ගොඩක් බේසමක් ඉතිරිලා
බැහැ ඉන්න නුඹ නැතිව හදවතම පුපුරලා
මිය යාවි මං දිනක නුඹ නැතිව තනිවෙලා
පොඩිපුතුට අපි ගෙනා ලී පුටුව තනිවෙලා
හීනෙනුත් හඩනවා මගෙ පුතුව සිහිවෙලා
බෝනික්ක දූට ගත් ඇස් කොනින් හිනැහිලා
කෝ අසයි සුදු දූ ව මගෙ කනට කොදුරලා
කොහේදෝ ගිහින් ඇත හිත සතුට වියැකිලා
මොනවදෝ මිමිණූවා නුඹ රෑක පැමිණිලා
කියම්දෝ කෙලෙස මම තවම ඇත තනිවෙලා
කවදදෝ නුඹ එන්නෙ මා වෙතට හිනැහිලා
මහ රෑට ගෙඹි පැටව් මෙමට ඔච්චම් කරයි
කැරපොත්තු සිරි සිරිය මහද සිතුවිලි මරයි
නුඹ නොමැති වැහි රැයත් පට්ට අව් ගිනි සැරයි
මට එන්න නුඹ ලගට දැන් ඉතින් අවසරයි
Good one... tasty ....
ReplyDeleteඉතාම සංවේදී කවි පෙළක්, විශිෂ්ටයි.
ReplyDeleteස්තූතියි
Deleteමිහිරැති දිවියක සාංකා සිතුවමක් වගේ සංවේදී පදවැලක්. ඔබට ජය!.
ReplyDeleteඔබටත්
Deleteකාව්‍යෝක්තීන්ගෙන් පිරිපුන් අපුරුම කවි පන්තියක් එන්නම් වැවේ නාන්න හැමදාම.
ReplyDeletesamakayawate නලින්
ගොඩාක් ස්තූතියි අයියේ ඒ වගේම ඔබට දැනෙන අඩුපාඩු නොසගවා මට කියන්න පාලුව කානිසිය තනිකම මගහරවා ගැනීමට බොහෝවිට මා කවි ලියනවා එන්න ඇවිත් ගොඩවෙලා අඩුපාඩු පෙන්නලා යන්න
Deleteපවුල ගමේ ඇරියානං දුක්විදපං කොලුවෝ
ReplyDeleteදැන්නම් හොදටම ඒක තේරිලා ඉන්නෙ අටන්.
ReplyDelete