පිය නැගුවේය මම අද බැංකුව වෙතට
පොඩි චකිතයක් වූවේ නම් මගෙ සිතට
ඒ නිල ඇදුම විය ඇති පාටින් නිලට
හදිසියෙ සිදුවුණෙමි බැංකුව වෙත එන්න
සිත සැලුනේය දුටු විට මිනිසුන් ගොන්න
මා පමණක් වුවද නිල ඇදුමින් ඉන්න
හැකිවෙද මෙමට පෝලිම පෙරටම යන්න
සිතුවිලි හඩනගයි මහතාණෙනි එන්න
ඔබගේ හදුන්පත ඉක්මණටම දෙන්න
හොද නැහැ රණවිරුවො පස්සට කර ලන්න
විය යුතු එයත් එය පුස් වෙඩියක් වැන්න
මේසය කිට්ටුවට වී දැන් මම ඉන්නේ
දැන්වත් අඩගසයි මා හට සිතමින්නේ
එනමුත් ඒ තුමා මා දෙස බලමින්නේ
නැත කිසි වගක් මා දැන් නිකමෙක් වැන්නේ
ඔබවන් උගත්කම් සපුරා නැති නමුදු
මා සෙබළෙක්ය තිවු රට වෙත දිවි පරදු
නැත ලැබ සැපක් කිසිලෙසකින්වත් සිනිදු
මා නැවියෙක්ය දිනු හත් ගව්වක් මුහුදු
ඔක්කොම සැබවි මිනිසුන් බව ලොව වසන
එය උත්තරීතරමයි කොහොමත් නිතින
එනමුත් මෙමා උන් නිල ඇදුමින් පැමිණ
නුඹ ගරු කල යුතුයි රණවිරුවකු ලෙසින
කොටියන් සිටින විට රණවිරුවන්ට එදා
සැළකු අයුරු සිහිවෙයි මගෙ සිතට මෙදා
වෙනමම පෝලිමක් රණවිරුවන්ට පුදා
දිරිමත් කල නමුදු ඇයි මේ ලෙසට මෙදා
දැන් දැන් කාට කාටත් අප කළ සේවේ
සිරිලක් රුපියලකි ඒ මේ අත පාවේ
පිරිබාහරන් සිහිනෙන් විත් මට කීවේ
උඹ දැන ගනින් උඹ ඉල්ලාගෙන කෑවේ
චිත්‍රය - අමිල අබේවික්‍රම
ඒක ඇත්ත වැව්....
ReplyDeleteමාත් ඔය චාටර් එක අම්බානෙට කාල තියෙනව...
කෝමද අම්බානෙක සෙනග ඉස්සරහම පෝලිමේ නැතුව ඉද්දි අහවලා අපිව ගණන් ගන්නැතිව දැනෙනකොට සනීපෙ...
නෙද්දකිං කොටියෙක්ගෙන් වෙඩිකෑව නං හොදා කියල හිතෙනව
කතා කරල වැඩක් නෑ මහේෂ්. දුක හිතෙනවා. මෙතැන තියෙන්නෙ. උගත්කම සහ නූගත්කම අතර ප්‍රස්නයක් කියල මට වෙලාවකට හිතෙනවා. ඒකයි ඒ.රටේ බුද්ධීමත් මිනිස්සු අඩුයි.රටේ සමානාත්මතාවය නෑ.
Deleteඕවා දැන් ගණන් ගන්න එපා. මමත් නිළ ඇඳුමෙන් අනුරාධපුරේ මහජන බැංකුවේ පෝලිමේ ඉඳලා තියනවා 2008 දි. කමක් නෑ එක අතකට අපිට යන්න එන්න වාහනයක්වත් තියනවනේ. බස් එකේ එන පයින් යන මිනිස්සු ගොඩක් පෝලිමේ හිටියා. මමත් ඉවසාගෙන හිටියා.
ReplyDeleteවිචාරක තුමා පැමිණියාට ස්තූතියි. 60 ගණන්වල ශිබනි හිටපු නුඹව 2008 දීත්. මගේ ප්‍රණාමය.
ReplyDeleteරට රණවිරුවාව ඉහළතැනක තබා නිරන්තරයෙන් කතා කරනවා.නමුත් ඔහුට සේවයක් ලබා ගන්න ගිය විටදී පැය ගණන් රස්තියාදු කරනවා.දවසක් ඔය වගේ බැංකුවට ගියා .බැංකුවේ සේවක මහත්මයා තවත් කාන්තාවක් සමග ඉංග්‍රිසි භාෂාවෙන් සෑහෙන වෙලාවක් කතා කර කර හිටියා. නමුත් ඒ කතා කරේ පෞද්ගලික දේවල්. මම ඔහේ බලාන හිටියා කරන්න දෙයක් නැති කමට.ඇත්තටම රටේ තත්වය ඕකයි. කාන්තාවන්ට සම තත්ත්වය දෙන්න අර අදින යුගයක.අබිමානවත් යුගයක් බිහිකරන්නට දායක වෙච්ච විරුවා ගැන මිනිස්සු පහත් විදියටයි හිතන්නෙ
ලංකාවෙ අපි අනික් මිනිස්සුන්ට වැඩිය වෙනස් නෙ.
ReplyDeleteඒක ඇත්ත
Deleteහිත රිදවගෙන තේරුමක් නෑ.
ReplyDeleteස්තුතියි ආවට
Deleteමා ආබාධිත ආරක්ෂක අංශ සාමාජිකයෙක්.මගේ අදහස නම් අප සමාජයෙන් මෙවන් වරප්‍රසාද බලාපොරොත්තු වීම නුසුදුසු බවයි.නිරෝගී ශක්තිමත් මිනිසුන් වූ හමුදා සාමාජිකයන්,මහලු මිනිසුන්,ගැහැනුන් අභිබවා පෝලිමක මුලට නිල ඇඳුමේ මහිමයෙන් පැමිණීම මට අනුව නම් ලැජ්ජාවට කරුණකි.මා වැනි ආබාදිත කෙනෙකුට එම සැලකීම කලාට නම් කම් නැත.ඒ මා වැනි මිනිසුන් ශාරීරිකව දුබල බැවිනි.මා නිරෝගිව සිටින කල බස් රථයකට වත් පෝලිමෙන් පිටත සිට ගොඩ නොවුනි.දරුවන් වඩාගෙන,ගමන් මලු ඔසවාගෙන පෝලිමේ සිටින මිනිසුන් දැකිවිට මට නිල බලයෙන් වැඩ ගැනීමට ලැජ්ජා සිතුනි.මා දුටු තවත් ලැජ්ජා සහගත සිදුවීමක් කියන්නම්.තම පෙම්වතිය සමඟ චිත්‍රපට ශාලාවකට පැමිණි තරුණයෙක් තමා හමුදා සාමාජිකයෙක් බව පවසා තමන්ට භාග ටිකට්ටුවක් ඉල්ලනු මා දුටුවා.ඔහුට එය ලැබුනාදැයි මා දුටුවේ නැතත් එම සිදුවීම මට මහත් හාස්‍යට හා ලැජ්ජාවට කරුණක් වුණා.මෙම සිදුවීම 1998 දී පමණ මහනුවර එරීනා සිනමා හලේදී සිදුවිය.එදින පෙන්වනු ලැබුවේ DEEP RISING නම් චිත්‍රපටයයි.
ReplyDeleteඔබ නිවැරැදියි. එමෙන්ම ඔබව සාදරයෙන් පිළිගන්නෙමි. එම හමුදා සෙබලාට ඉදිරියෙන් බඩගැබ්බර අම්මා කෙනෙක් වත් වයසක සීයා කෙනෙක් හො ආච්චී කෙනෙක් ව.ත් එසේ නැතිව ආබාධිත පුද්ගලයෙක් හො සිටියානම් එහි ඇති ප්‍රස්නයක් නැත. ච්ත්‍රයට අනුවම කාවි පන්තිය නිර්මාණය කර ඇත.කවියට අනුව ඔහු වරප්‍රසාද ඉල්ලාගෙන ගොස් නැත.නමුත් රනවිරුවා කෙරෙහි අන්‍යයන් දරන ආකල්ප පමණක් ඉස්මතු කිරීමට ගත් උත්සාහයකි. රනවිරුවකු බලාපොරොත්තු නොවුවත් එවන් කෙනෙකුට සැළකීමේ අගුණයක් ඇතැයි මා නොසිතමි.
Deleteසහෝදරයා යුද්දය අවසන්වී කලක් ගතවූ පසු ලොව කවර රටක වුවත් මිනිසුන් යුද සෙබලා කෙරෙහි දක්වන සාමාන්‍ය ආකල්පය මෙයාකාරයි.ඒ ගැන තැවිය යුතු නැහැ.සමාජය වේදනාත්මක මතකයන් හැරදා ඉදිරියට යායුතුයි.
Deleteඑය එසේමැයි
ReplyDeleteඕක කාලයක් ගත සාමාන්‍ය තත්වයක් වැව්.
ReplyDeleteකලකදි රණවිරුවා කලකදි ආමිකාරයා වෙනවා. අපි කළගුණ ඉහලින්ම සලකන රටක්ලුනෙ. ඒකයි ඒ.
ස්තුතියි ප්‍රියා ආවට
ReplyDeleteඕව ඔහොම තමයි මිත්‍රයා. කලකිරීමක් ඇති වෙනව තමයි ඔහොම දේවල් වුනාම.. ගණන් ගන්න එපා. ඔබට රට වෙනුවෙන් කල යුතු දේ කලා කියල සතුටු වෙන්න පුළුවන් කම හරි තියනව නෙ.
ReplyDeleteස්තුතියි චන්දන
Deleteඔහොම වෙලාවට ඉතින් කළකිරීමක් එන එක ඉතින් සමාන්‍ය දෙයක් තමයි.. මොනා කරන්න්ද, ඉවසන්න වෙනවා ඉතින්..
ReplyDeleteස්තුතියි දිනේෂ්
Deleteමුල අමතක වීම, කළගුණ නොසැලකීම අපේ "සමහරක්" සිංහලයන්ගෙ නිදන්ගත රෝගයක්. හැබැයි ජාතියක් විදියට අපි අපි ගැනම ලැජ්ජ වෙන්නෝනි අපේ සැබෑ විරුවන්ට අත්වෙලා තියෙන මේ ශෝචනීය තත්වය ගැන. මේ එක් පැතිකඩක් විතරයි. තව මේවගේ දේවල් අනන්තවත් වෙනව.
ReplyDeleteඒක ඇත්ත මනෝෂ්.හැම දේම සාමාන්‍ය විදිහට සලකන ලෝකේ ඉස්සරහට හැමදේටම සාමාන්‍ය තත්ත්වයක් උදාවෙනවා.දසමාසයක් කුසේ තියන් ජාතක කරාම කියයි සොබාවිකවනෙ හම්බ වුනේ අයියෝ ඕක එච්චර හිතන්න දෙයක් නෙමේ සාමාන්‍යයනෙ කියයි
ReplyDeleteලංකාවේ සිංහලයට ඔක්කොම අමතක සති 2 ලුනේ.. හ්ම්ම්...
ReplyDeleteස්තුතියි යසිත් ආවට.
Deleteවැව්......ඒ පරිච්ඡේදය දැන් ඉවරයි. ඕක නේද යතාර්තය.
ReplyDeleteඒ උනාට අරූ හැම මොහොතෙම යුද්ධය දිනපු රටක් විදියට, සහ තිස් වසරක යුද්ධය නිමා කරපු එක ගැන කතාවෙනවා.හේතුවක් නැතිව ප්‍රතිපලයක් තියේවිද
Deleteවැවා මොකද මචො මෙ.පොස්ට් ගනනාවකම මම දැකල නැ නේ.චන්දනයගෙ බ්ලොගෙ දැකල ආවෙ.ඔය සිදුවිමෙ නම් ඩ්ගෙපැත්තක් තියෙනව නේද
ReplyDeleteමේකෙ පොඩි පරහක් හිටිය දමිත් අයිය. හුග කාලෙකින්. හ්ම් හ්ම් නිර්මාණයක් නෙ එකවර දෙපැත්තක් ගැන ලියන්නත් බෑනෙ .ස්තුතියි දමිත්
Deleteඔතන ගැටළු කීපයක් තියෙනවා.වරප්‍රසාද සහ ඒවා අවභාවිතය.නිල ඇඳුම සලකා ආරක්ෂක අංශවල අයට ප්‍රමුඛත්වය දෙන්න පුළුවන් කියලා තර්ක කරන්න පුළුවන් වුනාට ඔයාම හිතලා බලන්න ඒකට අර පෝලිමේ ඉන්න මිනිස්සු කැමති වෙයිද කියලා?ඒ මිනිස්සුත් ඇවිල්ලා ඉන්නේ ඒ මිනිස්සුන්ගේ වැඩවලට.අනික ඕනම නම් බැංකුවල වැඩ කරන අයගෙන් අහලා බලන්න ගොඩක් වෙලාවට බැංකුවට එන ආරක්ෂක අංශ සාමාජිකයෝ හරි ආවේගශීලීව හැසිරෙනවා.ඒ වගේම බැංකු කටයුතු ගැන එයාලගේ තියෙන නොදැනීම පිළි ගන්න සූදානම් නැති,ඒත් කඩා පනින්නම බලාගෙන ඉන්න ආරක්ෂක අංශ සාමාජිකයෝ කීදෙනෙක් රාජ්‍ය බැංකුවලට එනවද?ඉතින් තමන් හෙදියක්,ගුරුවරියක්,හමුදාවේ,පොලීසියේ,නගර සභාවේ කිය කිය වරප්‍රසාද දෙන්න ගියොත් මොකක්ද ප්‍රතිඵලය?www.amuthusithuwili.wordpress.com
ReplyDeleteඒක ඇත්ත සහෝ..නමුත් මං හිතන විදියට මට ලියන්න පුළුවන් වුනේ මේ පැත්ත විතරයි.මේ සියල්ල මා ගෞරවසම්ප්‍රයුක්තව පිළිගන්නවා මෙන්ම ඉදිරියේදී එහි අනෙක් පැත්ත ගැනද නිර්මානයක් කරන්නම්.
Deleteඔහොම දේවල් අද ලංකාවෙ ඉතාම සාමාන්‍යයි,හිත කළකිරව ගන්න එකේ තේරුමක් නෑ යුද්දෙ කාලෙදි රණවිරුවො කිය කියා දෙයියන්ට වගේ සැලකුවට යුද්දෙ ඉවරවුනාම රණවිරුවන්ව මතකක් නෑ.ඒක ලෝක ස්වභාවයයි.
ReplyDeleteඅනික ඉතිං දැන් හමුදා සාමාජිකයොත් සේවයේ ඉද්දිම දෙන ගේම් බලපුවම හැම කෙනාටම ඒ නරක නාමෙ එනව නේද.
හැලපයියා ඒ නරක නාමෙ හැම දෙනාටම එනවා.නමුත් හමුදාව හෝ වේවා වෙනත් සිවිල් රාඩකාරි කරන පුද්ගලයෙකු හෝ වේවා සියළුම දෙනා ඒ ඒ අවස්ථාවන්හි මනුස්ස ගනයට තමා අයිති වන්නෙ.මොන පුහුණුවක් දුන්නත් මිනිසුන් උත්පත්තියෙන් ගේන දේවල් වෙනස් කරන්නෙ නෑ. සමහර විට යුද්ධයේදී තම රට වෙනුවෙන් දිවි පරදුවට තැබු සොල්දාදුවාගෙ අභ්‍යන්තර චරිතරය මහ එපා කරපු එකක් වෙන්න පුළුවන්. හොරෙක් වෙන්න පුළුවන් ස්ත්‍රී දුෂකයෙක් වෙන්න පුළුවන්..... ඉතින් අපිට මනුස්ස සන්තානය ගැන කෙසේ කියම්ද? නේද?
Deleteආරක්ෂක අංශවල අයට පෝලිමේ මුල් තැන දෙන්නෙ මොන එකකටද.... එහෙම නීතියක් හෝ අඩුම තරමින් රීතියක් නෑනෙ.... ඔහොම බැළුවොත් යුද්දෙ දින්න එකට ගරු සැලකිලි දෙනවා වගේම... රතුපස්වල කේස් එක... ඔය එහෙන් මෙහෙන් දෙන ගේම් වලට ගල් ගහන්න ඕනි....
ReplyDeleteමේ කවිය තුලින් රණවිරුවාට සැළකිය යුතුයි යන අදහසක් දක්වා නෑ. රණවිරුවෝ කියන්නෙ රට බේරගන්න දිවි කැප කල පිරිසක් ඔවුන් සමහර විට ඔබේත් මගේ සහෝදර සහොදරියො වෙන්න පුළුවන්.
Deleteප්‍රභාකරන් කිව්වලුනෙ සිංහලයට හැම දෙයක්ම මතකෙ හිටින්නෙ දවස් 07 යි කියලා. දැනටමත් ඒ බව හැම අතින්ම පේනවා. කවි ටික නම් අපූරුයි. කාලෙට ගැලපෙනවා. බොහොම සරලයි.
ReplyDeleteතරු අරන සාදරයෙන් පිළිගන්නවා වැව් ඉස්මත්තට. ඒක ඇත්ත. ස්තූතියි.
Deleteමේක අදනේ දැක්කේ බං... මට මතකයි යුධ්ධේ දිනපු ගමන් සිරසින් කරපු ව්දසටහනක්දී කතා කරපු ආබාධිත රණවිරුවෙක් ඕක වෙයි කියලා ඔය විදිහටම කිව්වා. එතකොට මොකද නිවේදක තුමා අපේ ජාතියේ කාලගුණ සැලකීමේ වරුණේ කියලාදුන්නා අර මනුස්සයට ....ඔන්න තත්වේ
ReplyDeleteදැක්කනෙ එතනම වෙලානෙ වැඩේ
Deleteඅපි ඔය වගේ දේවල් දිහා උපේක්ෂාවෙන් බලමු වැවූ. කවි ටික ලස්සනයි.
ReplyDeleteඑහෙනං එච්චරයි ස්තූතියි ඔබට
Deleteමචෝ මට මේක මිස් වෙලා. මං කෝමත් උඹේ මේ ජාති කවි කියවන්න හරි ආසයි..
ReplyDeleteමේකනේ “යථාර්තය“ කියල දෙයක් තාමත් තියෙනවා නේද??
ස්තුතියි දේශක.
Deleteඒකනම් ඇත්ත
ලියපං මචං !! දිගටම එනවා !!!
ReplyDeleteස්තුතියි පත්තර මල්ලි
Deleteදැන් ඉතින් යුද්ධෙ නැනේ..... ආපහු පස්සට ......මේ හැටි තමයි.....
ReplyDeleteනීහිංසා සාදරයෙන් පිළිගන්නවා වැව් ඉස්මත්තට
Deleteගුරුවරයට motherfucker, asshole කියලා කතාකරන "ළමයි" ඉන්න සමාජෙක උගන්නන මට ඕක දිහා උපේක්ෂාවෙන් බලන්න පුලුවන් වැව්. අනික සෙබලාට තියෙන ගෞරවය නැත්තටම නැතිවෙන සිද්දිත් පහුගිය කාලේ සිදුවුන බවත් මතකයි.
ReplyDelete