Monday, March 23, 2015

ෆේස්බුකියෙන් හමු වූ ගුරුවරියේ


මිතුරන් සමග දොඩමලු වෙන වයිබරියේ
නුඹ එනතුරා නැත නින්දට ඉඩ හැරියේ
කවිපද මුමුණමින් මුළු දවසම සැරියේ
එනවද ඉක්මණට‍ හිතවත් ගුරුවරියේ

කාලය වටී මිල නොකලැකි විලස ලොවේ
මාලය වටී ගිරවට නැති වුණොත් තැවේ
ජාලය නොමැති තැන අප හමු වේද බවේ
තාලය අරන් රස විදපන් මගේ කවේ

රසවත් බව දැනෙයි දැන් දැන් නුඹෙ ඇසුර
හිත යයි සොමනසින් වෙත නුඹෙ මුව කතුර
පවසට බිදක් දිය හැකිනම් ඇල් වතුර
එය වෙයි සැබෑ මිතුදම හිතවත් මිතුර

පෙරදි රැයේ යුග ගැන දොඩමලු වූවා
තනියම ඉන්න මට අද එය සිහි වූවා
කවුරුත් නොමැති පැළ අද මම තනි වූවා
ගළපන විටදි සිවුපද දුක දුරු වූවා

මතකෙට ආවොතින් හිතවත මේ මිතුර
ඇරයුම් කරමි බැලුමට මගෙ කවි වතුර
වරදක් දුටුව හොත් අරගෙන නුඹෙ කතුර
නිවැරැදි කරනු මැන මම නොම වෙමි චතුර

පරබස උගන්වන හෙළ දරු පිරිසකට
‍නොකරන් අගරුවක් කිසිවිට හෙල බසට
හැකිනම් අදින්නට ඔසරිය විදුහලට
එය තව සේවයකි නුඹගෙන් සිරිලකට

21 comments:

  1. ලංකාවේ පාසලක ඉංග්‍රීසි උගන්වන සුදු ජාතික කාන්තාවක්? මම හරිද මන්දා.
    පද පෙල හොඳයි. එළිසමය රකින්නට ගිහින් පොඩි විෂමතාවන් කීපයක් ආවත්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධු....භාෂා දැනුමින් පෝෂිත නොවන මා ලියන කවි පද වලට ඔබේ ගුණ මෙන්ම ඊටත් වඩා දෝෂයන් ඉත සිතින් බලාපොරොත්තු වෙමි......

      Delete
  2. //වරදක් දුටුව හොත් අරගෙන නුඹෙ කතුර
    නිවැරැදි කරනු මැන මම නොම වෙමි චතුර//

    මං දැකපු ලස්සනම කෑල්ල..... හරියට රාහුල පොඩි හාමුදුරුවෝ වගේ

    ReplyDelete
    Replies
    1. සිරාවටන .. හෙන ලස්සනයි බං. දිගටම ලියහන් මේ වගේ ඒවා. අනිවාර්යෙන් කියෝනවා...

      Delete
    2. මමත් කැමති ඒ කොටසට... හරිම අපූරුයි..

      Delete
    3. අනේ එහෙම උපමා කරන එක හොදද කුරුටු......ස්තූතියි නුඹට

      Delete
    4. සජ්ජා තුශානි ස්තූතියි නුඹ දෙපලට

      Delete
  3. කවි පද බැඳුම නම් හරිම ලස්සනයි. මෙලෙස සිව්පද විරිතවත් රැකගෙන කවි ලියන අය අඩුවෙගන යනවා වගේ.

    ගුරුවරියන්ගේ ඇඳුම ගැන අපි ඉස්කෝලේ යනකාලෙත් විවිධ මතිමතාන්තර තිබුනා. නමුත් ජාත්‍යන්තර පාසල්වල ගුරුවරියෝ ඉතිං පූර්ණ නිදහස් අයනේ. මක්කා කොරන්ටද?

    ReplyDelete
    Replies
    1. විචාරක තුමණි...මගේ ස්තූතිය පුද කරනව නුඹට.....

      හ්ම්...හ්ම්...

      Delete
  4. හරි ලස්සණයි නේ. සරළ සහ රසවත් කවි පෙළක්

    ReplyDelete
  5. අනේ මන්ද මට හිතෙන්නේ වෙන වෙන එව්වා , මට බැනුං අහන්ඩ වෙන්නැති වෙන්ඩ ඕන මගුලක් කරහං

    ReplyDelete
    Replies
    1. මොනවද වෙන වෙන එව්ව....හිතුවද මං වලත්තයෙක් කියලා...
      ස්තූතියි අටං අයියා

      Delete
  6. ලස්සන කවි ටික..

    ReplyDelete
  7. අපේ පීඨෙ උන්ට හොඳා. ඉඳින් මං පෙන්නන්නම්.

    ReplyDelete
    Replies
    1. නියමයි මනෝෂ්.......ස්තූතියි ඔබට

      Delete
  8. ලස්සන සිවු පද පේළි ටික ජයවේවා!

    ReplyDelete
  9. ඤාව් කියවුණා ඈ...
    මට නං හිතට දැනුන අපූරුවට
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එච්චරයි වෙන්ඩ ඕනෙ මහේෂ්......තෑන්ක්ස්

      Delete