Saturday, July 6, 2013

මිහිතලය කිසිම සත්ත්වයෙකුට ‍වෙන් කර දී නොමැත, දුර්භික්ෂය අත ලගයි.



මිනිසෙකුට ලොව ඕනෑම වස්තුවක් පිළිබදව විවිධාකාර ලෙස විග්‍රහ කොට යම් තාක් දුරට හෝ එක් නිෂ්චිත නිගමනයකට එළඹිය හැක්කේ ඒවා නොවෙනස්ව පවතින බැවිණි.උදාහරණයක් ගතහොත්  කාලගුණය.දීර්ඝ කාලයක් අධ්‍යනය කිරීමෙන් පසුව ස්ථිරවම නැතත් අද වසීවි හෝ අද තද අව් රෂ්මියක් වැටේවී යැයි  අනාවැකි පළ කල හැකිය.නමුත් බුදුන් වහන්සේ දේශනා කරන ලද්දා වූ (සියල්ල වෙනස්වේ) යන සංකල්පය නොව, සියලු දේවල් වෙනස්වන නමුත් බොහෝ දේවල් වෙනස් වීමට කාලයක් ගත වනු ඇත.

එහෙත් මේ මුළු විශ්වයම පිළිබද විද්‍යාඥයින් අනාවැකි පළ කලද එසේ අනාවැකියක් පල කිරීමට  බැරි එකම වස්තුව නම් මේ මිහිතලය රජකරන මිනිසා නමැති සත්ත්වයාය.මිනිසා වනාහි කුමන වේලාවක වෙනස් වේවවිදැයි කිසිම පුද්ගලයෙකුට අනාවැකි පළකල නොහැක,නිගමනයකට එළඹිය නොහැක. ඔහු ඒ තරමටම ඇතැමුන් විශ්වාස කරන පරිදි දෙවියන් විසින් නිර්මාණය කරන ලද අපූරු සත්ත්වයෙකි.

නයෙකු ද්ෂ්ඨ කරන්නේ ඔහුට හිරිහැරයක් පීඩාවක් හෝ බියට පත් වූ අවස්ථාවකය.මිනිසුන් විසින් ඉතාම දරැණු ඝනයේ සත්ත්ව කොට්ඨාශයක් ලෙසට සළකනු ලබන සිංහයා කොටියා වලහා පවා අහිංසක සතුන්ය.මාංෂ භක්ෂක බව සැබෑ නමුත් ඒ අපූරු ජෛව විවිධත්වයේ විශ්මිත නිර්මාණයක්ය.නමුත් මිනිසා තරම් කුහක අධම ගතිගුණ වලින් පිරී ඇති

මේ පොලෝ තලය මත සිදු වෙන්නා වූ දූෂන මිනිමැරුම් මංකොල්ල අල්ලස් ගැනීම් කැපිලි කෙටිලි මොලේ උසස් යැයි සම්මත මිනිසා විසින් කරනු ලබන ඒවාය.ඔවුන් ලග හැර වෙනත් කිසිම සත්ත්වයෙකු ලග තිබේ නම් ඒ නවීණ තාක්ෂනය ඔස්සේ නිර්මාණය  කෙරූ රොබෝවරයෙකු විය යුතුය. එසේනම් ඒ රොබෝ වරයාද යනු මිනිසෙකුමය. ඒ මිනිස් මොළයෙන් නිර්මාණය වූවක් බැවිණි.

මදුරුවන්ගේ මැස්සන්ගේ විෂ උගේ තුඩ අග ඇති බවත්, ගෝනුස්සාගේ විෂ උගේ නැට්ටේ ඇති බවත් ප්‍රකාශ කරන අලගියවන්න මුඛවෙටි තුමා  මිනිසාගේ විෂ උගේ මුළු මහත් ශරීරය පුරාම ඇති බව ප්‍රකාශ කරේ ඒ මේ අධම මිනිසාගෙන් බේරී සිටීමටය. නයෙකු පොළගෙකු දෂ්ඨ කල විට, දවසකින් හෝ දෙකකින් මිය යනු ඇත.නමුත් මිනිසා වනාහි  කුරිරු සත්ත්වයා දෂ්ඨ කලහොත් මුළු ජීවිත කාලයම විදව විදවා මිය ඇදෙන්නට ඉඩ ඇත. ඒ සතුන්ගේ හා මිනිසාගේ විෂවල ඇති පරාසයය්.


මිහිතලය කිසිම සත්ත්වයෙකුට ‍වෙන් කර දී නොමැත.නමුත් මිනිසා බලහත්කාරයෙන් අත්පත්කරගෙන


ඇත.අහස් කුස පරයන මහා තට්ටු නිවාස ඉදිකරති.මහ මුහුද පරයන නාන තටාක හදති.එකිනෙකා පරයමින් විවිධ වු දේවල් නිපදවති.සදට යති අගහරුට යති. නව ග්‍රහලෝක සොයති.

මොවුන් ලගා කරගැනීමට තතනන දෙය කුමක්ද යන්න මහත් ගැටළුවකි. මෙය අද ඊයෙක ඇරඹුමක් නොවේ.මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිටම පැවතෙන්නෙකි.

අතීතයේ ගල් මුගුරු භාවිතා කොට සතුන් මරාගෙන ජීවත් වූ ගල් යුගයේ මිනිසා තම වර්ගයාගේ වර්ධනයත් සමග විවිධ උපකරණ නිර්මාණය කර ගැනීමත්, ගල් ගුහා වැනි සොබාවික වාසස්ථාන වෙනුවට ඔවුන් විසින් නව නිවාස තනාගැනීමත්, ජනගහණය පුලුල් වීමත් සමග තම වර්ගයා වෙනුවෙන් නායකයන් බිහිකරගැනීමත්, ලිංගිකත්වය,ලැජ්ජාව වැනි සංකල්ප බිහිවීමත් සමග ශරීර ආවරණයන් නිර්මාණය කර ගැනීමත් යන මෙකී නොකී දේවල් තව දුරටත් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස දැනට පවතින්නා වූ මෙවන් වු ලෝකයක් නිර්මාණය වී ඇති බව ඔබ කවුරුත් දන්නා කරුණකි.

අද ලෝකය ඇණ කොටා ගනිති. ලෝක බලවතා වීමට උත්සාහ දරති. තම බලය යොදාගෙන කුඩා රාජ්‍ය තම අණසකට ගැනීමට කටයුතු කරති.සම්බාධක පනවති,රාජ්‍යයන් අතර ගැටුම් නිර්මාණය කරති,වෙනත් රාජ්‍යයන් හි ඇති සම්පත් සූරාකෑමට අර අදිති.ගල් යුගයේද මේ සියල්ලම පැවතුණි. වෙනසකට ඇත්තේ එදාට වඩා නූතන මිනිසාගේ මොළයේ දියුණුවයි.මිනිසාගේ මොළයේ වර්ධනයත් සමග ලොව විනාශයකට ලක්වීමට ඇති ඉඩකඩ නිර්මාණය වනු නොවේද.

ලොව විනාශ වීම යනු  එය පුපුරා විනාශ වී යනු ඇතැමෙකු විශ්වාස කරයි. විනාශ වී යාම යනු එයමම නොවේ.  මිනිස්සු ඇණකොටා ගනීවි, මරා ගනීවි, ගංගා ඇළ දොළ සිදී යනු ඇත , ඕසෝන් ස්ථරය පළුදු වී පාර ජම්බුල කිරණ  කෙලින්ම පොළොව මතුපිට පතිත වී  විවිධ රෝග වර්ග හට ගනීවි.ආහාරයට ගන්නා ද්‍රව්‍යයන් හි වස විෂ තියේවි,ලෙඩ රෝග වලින් දුටු දුටු තැන මිනිස්සු මිය යාවි,ජෛව විවිධත්වය විනාශ වී යනු ඇත, න්‍යෂ්ටික අවි හැමතැනම තියේවී,රාජ්‍යයන් එකකට එකක් පෙන්වන්නවත් බැරි තත්ත්වයක් ඇති වේවි,ලෝකය පුරා  මහා දුර්භික්ෂයන් හට ගනීවී. මෙයින් සිදු වන්නේ ලෝකය විනාශ වීම නොවේද?

එහෙත් සිදුවිය යුත්තේ එය නොවේ. මිනිස් වර්ගයා තුළ අන්‍යේන්‍ය  අවබෝධය ඇති කල යුතුය. ඒ සදහා විවිධ  වු ක්‍රමවේදයන් සකස් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපත් විය යුතුය.නැතිබැරිකම තුරන්කල යුතුය.ළමයින්ට  ඉතා හොද ආගමිත වතාවත් පිළිපැදීමට සැලැස්විය යුතුය.මනා අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කල යුතුය.සැමට එකසේ ජීවත්විය හැකි පරිසරයක් ඇතිකල යුතුය.පරිසරය ආරක්ෂා කර ගත යුතුය. එසේ නොවන්නේ නම් එදා විශාලා මහනුවර ඇතිවු  දුර්භික්ෂය මෙන් නොව මුලු ලොව තුලම මහා දුර්භික්ෂයක් ඇතිවීම වළක්වනු නොහැකි වනු ඇත.

Tuesday, July 2, 2013

මම අත් හරින්නෙමි මේ එකගෙයි කෑම

                                                                 
   
ලැබිලා නැති නමුත් රජයෙන් සම්මානේ
රස කවි ගොතන්නයි මා හට නම් ඕනේ
හොද ගෙවිලියක් වෙමි මා දිනු ගම්මානේ
කවි කිවිදියනි මා හට අවසර ඕනේ

ඇරයුම ලැබුණ මුත් කවි පද ගලපන්න
මට සිදුවුනේ ඇද මත කැහැ කැහැ ඉන්න
හැකිවුණ නමුත් රස කවි අහගෙන ඉන්න
නෙතගින් ගැලු කදුලු බැරිවිය නවතන්න

තබනට මගේ ගම්මානෙට මතට තිත
ඔබ කිව් වදන් සමහර දෑ මතක ඇත
දුන් අවවාද පිළිඅරගෙන සියළු සත
මත්වන බීම අත්හැරියොත් වේය සෙත

කවි කිවිදියන් විත් කවි ලොව රගන විට
ස්ටීවන් කිවිදු සිහිපත් වුණිය මට
සිරිසර සවිය මා සිත යට පුබුදු කොට
යවහන් කියා දුන් හැටි සිහිවුණිය මට

නොතබා මතට තිත හිමි බිව්වොත් බීම
දරුවන් සමග ඇති සැප සම්පත් සෑම
නොතකා අතැර දා මින්පසු හැම දාම
මම අත්හරින්නෙමි මේ එක ගෙයි කෑම

හඩ දී ගැයුණ විට මැදියම් රැයෙහි නළා
ඔබ සැම දෙනා යන විට කවි සෙමෙර සලා
ඔබ හට නෑසුනත් මම අත් දෙකම සලා
අත්පොළොසන් දුනිමි මම ලෙඩ ඇදට වෙලා

මේ කවි පෙලත්  අම්මා විසින් ලියන ලද කවි පෙළකි. තවත් කවි කිපයක් ලියා තිබුණත් ඒවා මාහට  මෙහි ලියන්නට පැහැදිලි නැති නිසා පසුවට ලියන්නට තැබුවෙමි. දින තුන හතරක නිවාඩුවකට ගම රට බලා යන බැවින්  ඇය ලියු තවත් එක් කවක් මා ලියා යන්නට සිතුවෙමි.

කැක්කුම වැටි නිතරම රිදෙනවා දෙපා
කොදු ඇට පෙල රිදෙයි නෑ මට කිසිදු සැපා
දරුවන් නැති මෙමට රුපියල් අතට එපා
මේ වැනි දුකක් කිසි කෙනෙකුට වෙන්න එපා

ලනු ටික දිරා ටික ටික එළියට ඇද්දේ
සැමියා නිදයි කුදු වී ඒ ඇද මැද්දේ
උලමා හඩයි බියමුසු විලසට බැද්දේ
සිතුවිලි වලින් මාගේ හදවත රිද්දේ

පොත්වල අකුරු නොපෙනෙයි එළියට පානේ
සිහියට නැගේ කල වැඩ කුඹුරේ හේනේ
ඉපැයූ මුදල් කිසිවක් ඉතිරිව නැනේ
මා කොන්වෙලා අද වැඩකටයුතු බෑනේ

දරුවන් සිවුදෙනෙකි මා මව් කිරි දුන්න
අද නැත දූ පුතුන් මා තනියට ඉන්න
නෑ බත් පතක් වැඩිවෙයි මගෙ කුස ගින්න
මරුවාණනේ විගසින් මා වෙත එන්න

...................චන්ද්‍රා හේමචන්ද්‍ර.........................

Monday, July 1, 2013

"අනේ.... මැඩම්..... මේ... බලන්නකො මෙයා ටිප් එක දෙන්න විදියක් නෑ කියනවා''




එදින  නිවාඩු දිනයක් වූ බැවින් මා හත අට වෙනතුරු නින්දත් නොනින්දත් අතරේ අර පැත්තට මේ පැත්තට පෙරලි පෙරලී  පෙර දින නිමල් සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ලබාගත් සතුට ගැන කල්පනා කර කර සිටියෙමි.

 නිමල් සමග ගල් අරක්කු බෝතලයක් ගෙන   පෙට්ටි කඩේකට ගොඩවැදී රුපියල් විස්සේ බයිට් පැකට් දෙකක්ද ගෙන බෝඩිමට ගෙනගොස් අමුවෙන්ම කටට හලා ගත් අයුරු මතක් වී  ''ෂිහ් විතරක් '' යැයි කියවුණි.

 අරක්කු බෝතලය වැඩිවේලා නොගොස්ම හිස් කල අප දෙදෙනා නිමල්ගේ දැඩි ඉල්ලීම නිසා අකමැත්තෙන් වුවද යටි හිතේ යම් ආශාවක් තිබූ හෙයින් කැරොකේ සමාජශාලාවක් වෙත ගියෙමී. හොද පදමට  සුරාවෙන් මත්වී උන් නිමල්.

''වරෙන් වරෙන් හොද කෑල්ලක් අල්ලගෙන ඩාන්ස් කරපං''

යැයි පවසමින් නටමින්  කෙල්ලන් වෙතට මාද තල්ලු කරමින් . ලස්සන කෙල්ලක් සමග නටන්නට පටන් ගත්තේය.

ටික වේලාවක්  තනියම නටමින් හුන් මා වෙත පැමීනි කෙල්ලක , විටින් වීට මගේ ඇගේ දැවටෙමින් නටන්නට වීය.

ගැහැණිය අර අදින්නේ කුමකටද යන්න වැඩි වේලාවක් යන්න මත්තෙන් මා තේරුම් ගත්තේ  සමාජ ශාලාවට යාමට පෙර නිමල් විසින් සියළු සිද්ධාන්තයන් මා හට පැහැදිලි  කර දී තිබු නිසාවෙනි. ඇත්තෙන්ම මාගේ පළමු සමාජ ශාලා ගමන එයම විය.ඇය නැවතත් කොදුරන්නට විය.

'' අනේ පැටියෝ......'' ඇය තෙපලාය.

'' ඇයි ඩාලිං...'' මාද බොරු ආදරයක් මවා පාමින් වෙරි මතින් නටන ගමන්ම  කනට කර විසුවෙමි.

'' වොඩ්කා  අර..න් දෙන්..නකො ඩාලිං.....'' 

'' අපි තව ටිකක් වෙලා ඩාන්ස් කරමු...''

යි ඇයට පවසා .....ඇයගෙන් මිදෙන්නේ කෙසේදැයි කල්පනා කරන්නට වුවත් ඇයගේ පෙනුමෙන් මා ඇයට වසග වි ඇති සෙයක් දැනෙන්නට විය.මා තවද ඇගේ සිරුරටම ඇලී නටන්නට වූවෙමි.උන් හිටි තැන් මතක නැති වුවද ඇගේ අගර දගරයන්ගෙන් මගේ මුලු සිරුරම ඉලිප්පී ඇතැයි මට සිතුණි.

‘‘සුරංගනාවී..... මගේ .......හදක්වගේ....පායලා..
   හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියැවිලා.......‘‘

‘‘හෙලෝ.......නිමා......“

“මොකද බං කරන්නේ උඹ පුකට අව්ව වැටෙනකම් නිදාගන්නවද යකෝ........“

 නිමල් බෙරිහන් දෙනන්නට විය.

“අනේ මේ.......නැතුව ඉන්නවද මට තව ටිකක් නිදා ගන්ඩ දීලා......“

දුරකතනය විසන්දි විය.මා අනිත් පැත්තට හැරුනෙමි.තවත් ටිකක් එහෙන්ම ඉද වොෂ්  කට්ටක් දාගෙන..........පාරට පැන්නෙමි. අංකල්කාරයාගෙ පෙට්ටිකඩේට ගොඩවෙලා රොටියකට ලුණූ මිරිස් ටිකක් දාගෙන දෙකට නමාගෙන කා එහෙන්ම නිමිච්ච තේ වතුර එකත් කටට හලාගෙන නැවත පාරට බැස්සේ ඔන්න ඔහේ කොහේ හරි යනවා කියලා හිතාගෙනය.

මා කෙලින්ම කොටුව බලා යන බස් එකකට ගොඩ වුණෙමි. එදින අධික වාහන තදබදයක් වූ බැවින් බස් එක ගොලුබෙලි ගමනින් යන්නට වූයෙන් වැඩි වේලා යන්නට පෙර මා සුව නින්දක පහස ලැබුවෙමි. ගමනාන්තයට පැමීනි බසයේ කොන්දොස්තර උරහිසින් අල්ලා සෙලවීමෙන් පසු දඩි බිඩියේ බසයෙන් බැසගත්මා

ත්‍රීවීල් එකකට එබුනෙමි....
.
“ඇයි මල්ලී කොහෙ යන්නද“

ටිකක් දරදඩු ස්වරයෙකින්  ඇතුළ සිටි පුද්ගලයා විමසුවෙන්,මා වඩාත් ඇතුළටම ලං වී,

 “අයියා......මේ..මේ... මසාජ්  සෙන්ටර් එකක් එහෙම නැද්ද මේ කිට්....ටු..ව..,“

මා කතාව ඉවරකරන්නත් ප්‍රථම,

“අයියෝ මල්ලි කී...යක් ඔනෙද? මං ඔයා....... එක්ක යන්නම් සුප්පිරි පොට් එකකට හැබැයි ඉතින් ගාන තමයි ඉතින් ටිකක් සැර.......මල්ලිට  හිංද කියන්නෙ පොට් එකක් තියෙනවා හැබැයි... ඉතින්  එච්චර ගාණකුත් නැහැ ඔක්කෝටම රුපියල් 1500 යි. සැප තමා මල්ලි.....තව.... ටිකක් කන්ටැක්ට් කරගන්න පුළුවන්....නම් කෑල්ලක් එළියට වුණත් දක්කන්න පුළුවන් මොකද කියන්නෙ යනවද...?“

“ය්..යමු.....“ මා තෙපලුවෙමි...“

අමු ගන්දස්තාරෙ  ගහන,කුණූ ගොඩවල් අවුස්සන කපුටු රංචු පිරිච්ච කේඩෑරී වී ගිය ඇවිද ගන්ඩවත් බැරි ඇටකොටු මැරන්ද විතරක් ඇති බල්ලොන්ගෙන් පිරිච්ච පාරවල් පසුකරමින් කුනූ වතුර වලවල් වල දමමින් ත්‍රීවීල් කාරයා ඉදිරියට යන්නට විය. ඒ අතර වට්ටක්කා ගෙඩි මෙන් පස්ස ඇති කටේ බුලත් විට කා රතු වෙලා කටදෙපැත්ත සුදු වෙච්චි මැදි වියේ ගෑණූ එළියටම වී හාල් ගරති.කිසිම ලැජ්ජාවක් බියක් නැතිව පාරටම පම්ප් එක අල්ලන නාකි හම්පඩයක්ද ඒ අතර වේ. කෙසේ හෝ ගමනාන්තයට පැමිණි බව දැනිණ.

"හ්ම් මල්ලි මෙතැන තමා  පොට් එක ......."

" කීයද ගාන...?

" හ්ම් ......කමක් නෑ ඉතින්.. ! මල්ලි හිංදා රුපියල් හාරසීයක් දෙන්ඩකො...වෙනදනම් මම මෙතෙන්ට එන්නෙ  රුපියල් පන්සීයට මල්ලියා"

මට උන් හිටි තැන් අමතක විය. රුපියල් හාරසීයක් මූට දීලා මං ආය යන්නේ කොහොමද.....

" ආ මල්ලි එන්නෙ කොහොමද කියලද කල්පනා කරන්නෙ..... බය වෙන්න එපා මෙන්න මගෙ නම්බරේ මට කෝල් එකක් දෙනනකො...මම වෙලාවට එන්නම්....."

" න් නෑ අයියා ....මං බස් එකේ එන්නම් මට වෙන ගමනක් යන්නත් තියෙනවා."

බැස්සෙ කොහින්ද කොහේටද බැස්සෙ යන්නවත් නොදැන මම වෙන ගමනක් යන්න තියෙනවා කිව්වෙ මූට තවත් රුපියල්  හාරසීයක් දෙන්න වෙන නිසාය.

මා ඇතුළට ගියෙමි‍. දිව්‍යාංගනාවන් පෝලිමක් ......මදෙස බලාගෙන සිනාසෙති.....මට කිසිත් සිතා ගත නොහැකි විය. මසාජ් සෙන්ටර් එකකට ආ පළමු දිනය එයයි. ඇස් යට කළු කර,තොල් රතු කර ......(නාදළු වැනි සුමුදු දෙතොල් සිඹිමිද කෙලෙසින්......... ගායනය මදකට මතක් විය.) ඇගෙන් බාගයක් එළියට දමාගෙන ඇද සිටි සාරිය ඇත්තටම දෙව්ලොවක් වැනියැයි මට සිතුණි.
මේසයක් ලග සිටි තරමක් මැදි වියේ සිටි කාන්තාවක්,

" මසාජ් එකට රුපියල් 1500 යි.....ඔයා...ස්පෙෂල් මසාජ් එකකට යනවනම්  ඊට... වැඩිය..."

" නෑ අවශ්‍ය නෑ නෝමල් මසාජ් එකක්......"

පළපුරුදු කාරයෙකු සේ මා රුපියල් එක්දාස් පන්සීයක් දික්කළෙමි.

" එහෙනම් ඔයාට කැමති කෙනෙක් තෝර  ගන්න."

මැදි වියේ ගැහැණිය මා දෙසට හැරි පැවසුවාය.

මා ඔවුන් දෙසට හැරුනෙමි.....මාව ගන්න  මාව ගන්න යැයි කියන්නාක් මෙන් ඔවුන් ‍මා දෙස සිනාමුසු මුහුණින් බලා සිටිති.  කළු පාට සුදු පාට ගැහැණූන් හත් අට දෙනෙකි. කවුරුන් තෝර ගන්නදැයි මට සිතා ගත නොහැකි විය. ඉස්පාසුවක්ද නැතිවිය.

" අර එක්කෙනා....."

යැයි එතැන හිටපු සුදුම පාට ගැහැණිය වෙත අත දික්කළෙමි.

" එන්න......

.යැයි පවසමින් මා පෙන්වන ලද සුරූපිණිය මාද කැටුව ඇදක් පමණක් තැබිය හැකි කාමරයක් වෙත කැදවාගෙන ගියාය.

"වොෂ් එකක් දා ගන්න..."

යැයි සුදු පාටට හුරු තුවායක් මා අත තැබුවාය , ඇය විසින් පෙන්වන ලද නාන කාමරයට ගිය මා වොෂ් දාන්න තියා හැරෙන්නවත් ඉඩක් නැති එතැන මොන වොෂ්ද යැයි සිතා  කම්මැලි කමෙන් වතුර මල යටට කිහිප විටක් උරහිස් දෙක රිංගවා ගෙන , තුවාය ඉනට දවටාගන නැවත පැමිණියෙමි.

" ඇදේ හාන්සි වෙන්න...."

මා ඇගේ රත්පැහැති අත ඇල්ලුවෙමි.

" හා... දැන් ඉතින් හාන්සි වෙන්නකො....ඔයාට ට්‍රීට් කරන්න."

 ඇයගෙන් කුමක් හෝ  පහසක් ලබා ගන්නා තුරු මට ඉවසීමක් නැති විය.. මා නිහඩවම ඇද මත හාන්සි විය.මහපොට ඇගිල්ලේ සිට දැනෙනා නොදැනෙනා තර‍ම් සුසිනිදු ලෙස ඇය අතගාන්නට පටන් ගත්තාය. මගේ මුළු ගතම කිළිපොලා යන්නට විය....පුරුෂාධිපත්‍ය නැගි සිටින්නට වැඩි වේලාවක් නොගියේය. මගේ කලවා අත ගාන්නට විය. ‍මා දෙනෙත් පියාගෙන කවමදාකවත් නොලබපු ඒ මිහිරි සුවය අත්විදින්නට වීමි. මා ඇගේ ඉග පෙදෙස සිනිදුවට අතින් ස්පර්ෂ කළෙමි. මා තව තවත් ගැහෙන්නට විය. මට සිටිය නොහැකි විය. මසාජ් කෙසේවෙතත් වෙනත් ආස්වාදයක් ලැබෙන්නේ නම් කොච්චර එකක් ද මට සිතුණි.

"ෂේක්  එකක් කරනවාද..?

ඇගේ සියුමැලි දෙඅතින් මා ලබන ඒ මිහිරි ආස්වාදය ලබමින්, " මොකද්ද ඒ ෂේක් කියන්නෙ..." මම පිළිවිසිමි....

" අයියෝ දන්නෙම නැතිව ඇති නේද..?...මේන් මේත අල්ලලා... අතින් පිරිමැදල   ය...න එකට තමා ෂේක් කියන්නෙ ..... හැබැයි ඉතින් නිකන් බෑ ....."

ඇය ගානක් නැතිව කියාගෙන ගියාය. මට ලැජ්ජාවක්ද සිතුණි. ඒ වෙන දේකට නොවේ ෂේක් කියන එකෙහි තේරුම නොදැන සිටීම නිසාය. ඇත්තටම ඉතින් ගමෙන් නගරෙට ආපු මම දන්න ෂේක් ......

" අනේ බබෝ  මාත් ආසයි  ඒත් දැන් මගේ අතේ ගොඩාක් සල්ලි නෑ.....කීයක් විතර ඕනෙද..?

ඇය තවමත් මගේ ඇග පිරිමදින ගමන්ය. පුරුෂාධිපත්‍යද දෙවැනි නැත.

"..ම්..ම්.. සමහර කස්ටමස්ල නම් ටූ තවුසන් ත්‍රී තවුසන්  වගේ දීල යනවා හැබැයි ඉතින් සමහරු නම් පට්ට කුණූ ලෝබයෝ.....හැබැයි ඉතින් ඒ අයට ඉතින් අපි කරන ට්‍රීට් එක අඩුවෙනවා. ඒත් ඉතින් මගේ ගාන ෆයිව් හන්ඩ්‍රඩ් රුපීස්  ... එකත් නැත්නම් වැඩක් නැ අනේ......"

" අනේ බබෝ  මං ගාව දැන්නම් සල්ලි නැහැ.....රුපියල් දෙසීයක් විතරනම් ඇති....ඒත් ඉතින් .ඒක දුනනොත් මට බස් එකේ යන්නත් සල්ලි මදි වෙනවා......, "

මා  අහිංසක අසරණ කමකින් ඇයට  පැවසුවෙමි.

" අනේ.......මැඩම් ....මේ බලන්නකො.....මෙයා ටිප් එකක් දෙන්න විදියක් නෑ කියනවා."..

.යැයි කියාගෙන ඇය  වේගයෙන් එළියට දිව ගියාය. සිදුවන්නේ කුමක්දැයි මට සිතාගත නොහැකි විණි.පුරුෂාධිපත්‍ය ටිකෙන් ටික හීන වන බව මට දැනෙන්නට විය. එත් සමගම මැඩම් යැයි කියු මැදිවියේ ගැහැණිය මා වෙතට පැමිණ....,

" බබා මොකද්ද මේ කියන්නෙ ඔයා මෙයාට ටිප් එකක් දෙන්නෑ කියලා........"

මාගෙන් විමසුවාය.මගේ පුරුෂාදිපත්‍ය නැත්තටම නැතිවු  සෙයක් මට දැනුණි.

" අනේ එහෙම එකක් නෙවෙයි.... දැනට මගේ අතේ සල්ලි  නැ... අනිත් එක ....මම රුපියල් එක්දාස් පන්සීයකුත් දුන්නානෙ......,

" ඒ වුණාට ඔයා මෙයාට ටිප් එකක් දෙන්න ඕනෙනෙ ළමයො....."

කියාගෙන ඇය ඇතුළට ගියාය."

සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගත නොහැකිව ජර බර හඩ නගන ඇද මතට වී උඩුබැලියෙන් සිටීමි.ගෙයි ඇතුලෙයි කුමක්දෝ කසුකුසුවක් ඇසුණූ නමුදු එය මා හට තේරුම් ගත නොහැකි විණි. කෙසේ වෙතත් යම් කිසි බියකින්ද මගේ සිත වෙලා ගත්තේ මෙවැනි තැන්වල සිදු වු ගුටිකෙලි මෙන්ම මරණයට පත් වීම්ද මා පුවත්පත්වල  දැක ඇති නිසාය.මාගේ සිරුරින් හීනියට දාඩියක් දමන්නට විය.
ටික වේලාවක් ගිය පසු ඇය පැමිණියාය.

" අපිට ටිප් එකක් නැතුව මේව කරන්න අමාරුයි ... අපිට මේකෙන් ගෙවන්නේ නෑ ....කස්ටමස්ලා දෙන දේන් තමා අපි ජීවත් වන්නේ......."

ඇය කියාගෙන ගියාය.

පෙර දැනුණූ සුසිනිදු  සම්භාහනය  වෙනුවට දැන් දැන් මට දැනෙන්නේ  රොබෝවරයෙකුගේ වැනි දරදඩු අත්දෙකකින් මගේ සිරුර තද කරන්නා වැනි හැගීමකි. ‍ඇගේ මුහුණේ පෙර තිබූ රාගික බවක් පෙනෙන්නට නැත.සිනහවක් නැත. සියල්ල හමාර වී ඇති සෙයක් මට දැනුනි. මට මහත් ලජ්ජාවක් දැනුනි. මා තවමත් ඇද උඩය......

" දැන් ඇති .....මට ඔයාට දෙන්න සල්ලිත් නෑනෙ....."

යි පවසා මා ඇදෙන් බිමට බැස නැවතත් නාන කාමරයට ගොස් මුහුණ පොඩ්ඩක් සෝදාගෙන පැමිණියෙමි.

 " මං යන්නම් ......"

" ආයෙ දවසක එන්න .....හොද ට්‍රීට් එකක් දෙන්නම්........"

ඇය කොදුලාය.

මා එළියට බැස වේලාව බැලුවෙම්......හ්ම්.....සියලු දේම සිදුවන්නට ගොස් ඇත්තේ විනාඩි විස්සකි.රුපියල් දෙදාහකි. දවස් හතරක පඩිය.

" අනේ.......මැඩම් ....මේ බලන්නකො.....මෙයා ටිප් එකක් දෙන්න විදියක් නෑ කියනවා."..

ඇගේ කටහඩ දෝංකාර දෙමින් යලි යලිත් ඇසෙන්නට විය