Friday, December 27, 2013
ඇගෙ මුව පරදවයි තරු දහසක් ලොවක
ඇගෙ මුව පරදවයි තරු දහසක් ලොවක
පිය කෙනෙකුගෙ සතුට නිම් හිම් නැතිය කියා
කාටත් කියනු නොහැකිය ඒ නොහිද කියා
ගැඹුරින් හදේ ඇති අදරැති සෙනේ දයා
දැක අැගෙ සිනා නෙත කදුලින් බරව ගියා
නැගෙනාහිර අඹර දෙස බැලුවෙමි එක් රැයක
තරුවක් දිලිසෙමින් මා වෙත ඔච්චමක
දියණිය නිදාගෙන ඇද මත සිතුමිණක
ඇගෙ මුව පරදවයි තරු දහසක් ලොවක
ඇද මත නිදාගෙන ඒ මේ අත පෙරැලේ
මොනවද මුමුණන්නෙ හිදගෙන මව් තුරුලේ
පියවන් නිදන හැටි නුඹෙ ඔය නෙත් සගලේ
දැකුමට තරු පන්ති ටික ටික උඩ ඉගිලේ
කියනා කියුම් නිතරම හුරතල් ලෙසට
යන්නට එපා නුඹ සුදු යව්වන වියට
උම්මා දෙන්න වෙනදා මෙන් මගෙ මුවට
එනවද මෙදා මෙන් හෙටටත් මගෙ පැලට
බමරුන් විදපු දින මට දුක කියපු හැටී
ගැහුනා මගේ රුධිරය එක තැනම කැටී
උඩුබැලි අතට ඇද මත නුඹ හිටපු හැටී
සයුරට ගලා ගොස් වැටුනිය කදුලු කැටී
හැම කවියෙකුම සරසති තම දූගෙ සිනා
මෙමටත් එයින් පැන යන්නට නොහැකි වුණා
හීනෙන් හිනා වෙන මා දෙස බලන මෙනා
දන්නෙම නැතුව රැය නිදිවර එළිය වුණා
Thursday, October 24, 2013
ජීවිතේ ජය ගන්න
ගොඩාක් අත්දැකීම්
ඕනෙ කියල අහල
තිබුණා
ලොකෙ ජයගත්ත මිනිස්සුන්ට
විවිධාකාර අත්දැකීම් තියෙන්න ඇති
විවිධාකාර
මමත් ගියා
ලෝකෙ ජය ගන්න නෙමේ
ජීවිතේ ජය ගන්න
හැබැයි
ඒකෙන් වුනේ
මට කෙලවිච්ච එක විතරයි
කොරා කොරා
ගොඩාරියක්
මෝඩකම් කරා
ඒව මෝඩකම් කියල කියන්නෙ වෙන කවුරුවත් නෙමේ
මගෙ ආදරණිය
අැඹෙණියම තමා
ඒ වෙන මොකවත් හින්ද නෙමේ
හිතන්නෙ නැතිව
කරපු හින්ද තමයි කියල
උන්දැම මට දැන්
දහස්වතාවකට වැඩිය
කියල තියෙනවා
මොනව කරන්නද
කියල
දහහතේ කල්පනා කොර කොර ඉන්නවා
එහෙම කල්පනා කොර කොර
ඉන්කොට තමා තේරුනේ
ඒ මෝඩකම් කරල තියෙන්නෙ
අත්දැකීම් ගොඩාරියක් එකතු කර ගන්න කියල................
(නිර්මානයක් කරන්න හිත ඉඩ නොදුන්නෙ වෙනදේකට නෙමේ ඒ දේටම තමා....... මෝඩකම් කරල පසුතැවී තැවී ඉන්නවට වඩා ඒ ගැන කල්පනා නොකර මොනව හරි කරන්න ඕනෙ කියල දහස්වාරයක් හිතුණ වගේම නොයෙක් දේවල් කරා ....ඇත්තටම ප්‍රතිපල නැත්තෙම නෑ කියන්නත් නෑ.......මේකෙ මගේ මොකක් හෝ නිර්මාණයක් පළවෙනවා කියන්නෙ ඒ මගේ සතුට වගේම නිකන් ඉන්නෙ නැතිව මොකකින් හරි ජයගත්තු වෙලාවක ) සමාවෙන්න ටික දොහක් එන්න බැරිවුණාට. ගොඩක් දේවල් තියෙනවා ලියන්න එත් වෙලාවක් නැත්තෙ ජීවිතයත් එක්ක පොර බදින නිසා...
Thursday, September 5, 2013
දීග ගියත් මම තරුණයි
ලෝකෙ මොන යුද්ධ නතර වුණත් කවමදාකවත් නොනවතින යුද්දෙ තමා නැන්දම්මාගෙයි ලේලිගෙයි යුද්ධය. කිසිම ගෙදරක නැන්දයි ලේලියි සටනක් නැත්නම් එයද පුදුමයකි. එසේ සටනක් නැති ගෙයක් නැත්තේද නොවේ.මෙහි කතුවරයා කවුද යන්න මා නොදනිමි.දන්න අයෙක් වෙතොත් පවසන්න.
කොක් හඩලා කැකිරි තලයි - උදේ සවස පියර උලයි
කණ්නාඩියකින් දවසට - සිය සැරයක් මූණ බලයි
ඇයි මට නිතරම බණින්නෙ - මොන වැරදිද මම කරන්නෙ
රෑ සිහිනෙන් පවා මගේ - ඇදකුද නැන්දට පෙනෙන්නෙ
සාරි තුනක් දිනට අදියි - සංකර ලෙස කොණ්ඩෙ බදියි
උඹට ඇදුම් සපයන්නට - මගෙ පුතාගෙ පඩිය මදියි
ඔබ දැන් ලෝකෙට පරණයි - අළුත් ලේලි ගැන උරණයි
මූනෙ පියර ගෑවම ඇයි - දීග ගියත් මම තරුණයි
ගෙදරක ඇති දැඩි වුණාට - කටේ වචන සැර වූණාට
දෑතේ වැඩ මොකවත් බෑ - හම පමණක් සුදු වුණාට
මගෙ ලස්සන පිට පොත්තයි - ඔබ පවසන එක ඇත්තයි
තරුණ ලේලි කවදත් ලොව - නැන්දට පමණක් තිත්තයි
කටනම් හරි සැරයි තිගේ - දෙපිට කැපෙන කතුර වගේ
මෙයින් අමාරුවෙ වැටුනේ - අසරණ කොළු පැටව මගේ
මගෙ පාඩුවෙ මම ඉන්නව - නැන්දගෙ හිත ගිනි ගන්නව
වැරදිකාරි ඔබද මමද - යන බව මුළු ගම දන්නව
ඔපිසරලෑ ගෙපිල වත්තෙ - කන්දෙ ගෙදර කුඹූර පැත්තෙ
උඹේ කටේ රතිඤ්ඤ හඩ - කොයි මිනිහද අහල නැත්තෙ
ඔබමයි රණ්ඩුව අදින්නෙ - කොහොමද මම නිහඩ වන්නෙ
රතිඤ්ඤාව පුපුරන්නට - නැන්දයි ගින්දර තියන්නෙ
මගේ ඇගේ පැටලි පැටලි - මට පෙන්වන පුදුම නැටිලි
උඹගෙන් ලෝකෙට මැවුනා - ගෙරවිලි සහ විදිලි කෙටිලි
ගෙයි දොරපිල අතුගෑවත් - මගෙ නිවැරැදිකම කීවත්
හොදක් අහන්නට නොලැබෙයි - ඔබගෙන් මට කවදාවත්
තී මේ ගේ සැප විදීවි - මගෙ කොළුවා දුක විදීවී
මේ අපරාදෙට කපුවට - කවදාහරි හෙණ වදීවී
තව තව දික් වෙයි කතාව - මේ නම් අන්තිම වතාව
කසාදෙවත් කටු ගාලා - වෙන්කර ගන්නකො පුතාව
Subscribe to:
Posts (Atom)

