Thursday, April 28, 2016

හිත ගින්නකින් දැවේ.....යළි ඇරඹුමක් නොවේ.....

 
මාස හත අටකින් මෙලෝ අටමගලක් ලියා ගන්න බැරි වුණා අමාරුවෙන් හදා ගත්ත වැව් ඉස්මත්තෙ....මක්ක කියල කොරන්ටද ඉතිං.. අනිත් ඈයන්ට වගේම තමා මේ ඈයටත් ගජරාමෙට වැඩ කෝටියක් තිබුණා අහවර කොරන්ට....වැඩේ කියන්නෙ මාස හය හතක්ම ඔය වැඩ ටිකට ඇදිලා පැදිලා ගියා . තව දෑවුරුද්දකින්  වැඩිමනක් තුනකින් විතර ඕනෙමනං මාස දෙකක  වැඩ ටිකකට විතර වැව් ඉස්මත්ත මගාරින්න වෙයි. හැබැයි ඉතිං ඔය සමහරක් උදවිය වගේ කන්න තුනේමනං ඉතිං වැව් ඉස්මත්තට වෙලා ඉන්ඩ බැරි වේවි...මොකෝ මේ දවස්වල පායන පෑවිල්ලට ඔළු ගෙඩි කරකුට්ටං වෙලා යනවා...සතා සීපාවට වතුර නැතිව වැව් ඉස්මත්තෙන් පැනල වැවට පැනල දිය බුං ගහනව...ඔය අස්සෙ පනල්ලෙ මම හිටපු දොහොක මගේ පැල් කොටෙත් පොඩි කොරාන මහ ඒජන්ත උන්නාන්සෙ ගාටව්වොත් එහෙම ඕක දිහෑ බලං හිටපු හොර හතුරෙක් ඇවිත් මගේ පැල්කොටේ ලගින්න බැරි කමකුත් නෑ ඕං....මේ ලගදි විදානෙ ඇත්තොත් ඇවිත් හාමිනාට මතක් කොරාල ගිහිං හනික ඇවිත් කුඹුරු කෑල්ල කොටා දාන්ටය කියල...නැත්තං උන්දැම ඇවිත් කොටල දාන්නං කියලත් කිව්වලු අපරාදෙ කුඹූරු කෑල්ල පුරං වේවිය කියල.  එදාම හවස් ජාමෙ උන්දැගෙ ගෙදර ගොහිං පහදල දුන්න උන්දැට උඹට මතකද විදානෙයෝ පුරං වෙලා තිබ්බ උඹේ කෑල්ලට කල එළියක් අරං දුන්නෙ කවුද කියල....ඔය හිටියෙ උන්දෑ කටයි පුකයි දෙකම වහගෙන.....
බොග දාන එකත් මේ දවස් වලනං හිතාගන්නවත් බෑ.....උදේ අට පහුවෙච්චි ගමන් ආය හවස පහ විතර වෙනකං ශරීර කූඩුව සම්පූරණයෙන් දාඩියෙන් පිරීතිලා...කන්ඩ බත් පිගාන අතට ගත්තු වෙලේ ඉදන්
බොග දාන මොහොත වෙනකම්ම දාඩිය. හප්පේ දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ....
ඔන්න ඔහොම කියනකොට පුංචි කවියක් මතක් වුණා...ඒකත් ඉතිං මම්ම ලියපු අවිදග්ධ කවි පද හතරක්..දුප්පත් ස්තිරි රත්නයක් ගැන ලියපු...

දහදිය පිරී දිව රෑ උතුරා යන්නේ
දෙවියනි සියොලගම ගින්දරමයි එන්නේ
තුන් වේලටම  අපි  එක වේලයි කන්නේ
බැරි උහුලන්න වැදු දරුවන් බඩගින්නේ

හේන් ගොවිතැන් සියල්ල විනාශ වෙලා. අඩුම තරමේ කුළියකට යන්නවත් මේ ඇත්තිට හැකියාවක් නැති හැටි පොලෝ මහී කාන්තාව විතරක් නෙමේ, හිරු දෙයියනුත් දුප්පත් අපිට විරුද්ද වෙලා....ඕං

ඒ කොහොමින් හරි  දැන්තමා ඒකත් සිහියට ආවේ..ඇයි යකෝ මේ අවුරුද්ද ආරම්භ වුණත් හරි එක බොගක්වත් තාම දාල නැහැයි කියපංකො.......ඒත් කමක් නෑ අවුරුදු ගාණක්  ආසාවට අකුරක් නොලියාපු මං මේම හරි ලියන එක ගැන  සතුටු වෙනවා....

අර කාන්තාව ගැන මට පුංචි දුකකුත් නොආවා නෙවේ....සැමියෙක් නැති ගමන් තනි මග කිමද නගෝ කියල  ඒ දවස් වල ජන කවියෙක් ඇසුවාලු...අපි ගැන කුමට කතාවෙනවද ඉතිං මේ සරුවපිත්තල ලෝකෙ...

නැත පෙර නිමිත්තත් වැස්සක වළාවක
මෙතරම් කිමද දිවියම මගෙ අමාවක
සිතමින් කදුළු සළමින් ගිනි තලාවක
රෂ්මිය විදී ඇය හිද හුද කලාවක

වෙලාව ඉවරයි....වෙලාව ඉවරයි......


29 comments:

  1. මට වෙලා තියෙන්නේ ඕකේ අනික් පැත්ත. මාතෘකා හැටහුටහමාරක් විතර ඔලුවේ තියනවා. කෙටුම්පත් හැටියට කොටලා තවමත් කොටමින් ඉන්න එව්වා මහා ගොඩක් තියනවා. ඒ උනාට කම්මැලියි අප්පා කොටන්න හිටං.

    මේ................තමුන්නැහේ තවම තනිකඩද ඔය ගින්නක් පත්තුවෙලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. විචාරක මාමෙ මම දැනට තනිකඩයි.
      ගෙදර බිරියට ඇසුන හොත් මෙය
      අහෝ මාගේ අඩු කඩයි

      Delete
  2. මෙහෙමවත් ලිව්ව එකම මදෑ....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මාතයියෙ....
      මෙහෙම කොමෙන්ටුවකින් හරි පිලිගත් එක මදෑ

      Delete
  3. වැව් ඉස්මත්තට අදයි ආවේ...
    විධානෙට

    විදානෙ කියුවෙ මේ අපේ විදානෙ ගොයියද???

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් නිර්මානි....මාත් හුග කාලෙකට පස්සෙ ඊයෙ ආවෙ....
      නෑ නෑ අපෝ ඒ උන්නැහැ එහෙම නෙවෙයි හොදේ

      Delete
    2. පිලීගන්නව වැව් ඉස්මත්තට සා/ආදරයෙන්

      Delete
  4. හැක්.. අපේ විදානයට කොටන්න දුන්නොත් ඕකා හොඳට කොටල දෙයි.

    ReplyDelete
    Replies
    1. හප්පෙ ආයෙ මොනව කියනවද

      Delete
    2. හප්පේ.......ආයෙ මොනා කියනවද

      Delete
  5. මොනවා වුණත් ලියුව එකයි වැදගත්......... දැන් ඉතින් මදි නොකියන්න ලියමු......

    ReplyDelete
    Replies
    1. අනිව කුරුටු....තැන්ක්ස් පවුරටම

      Delete
  6. වැව් ඉස්මත්තේ සුව සමගින් සිසිල
    වින්දෙමි මුල් වරට සුවයක් ඇත අමිල

    ජය වේවා!

    ReplyDelete
  7. /සැමියෙක් නැති ගමන් තනි මග කිමද නගෝ කියල ඒ දවස් වල ජන කවියෙක් ඇසුවාලු.../

    ඕක ඇහුවෙ ඔහොම නෙමෙයි.

    කණුවට පිටදීල හිටගෙන කිම්ද නගෝ
    අල්ලාගෙන ගවුම අතකින් කිම්ද නගෝ
    කොල්ලෙක් නැතුව තනියම මේ කිම්ද නගෝ
    ඊළඟ තැනින් බැහැලා අපි යමුද නගෝ

    පිළිතුරු කවිය

    කණුවට පිටදීල බිම පෙරළෙන හන්දා
    අල්ලාගෙන ගවුම රැළි පොඩිවෙන හන්දා
    ඊළඟ තැනින් කොල්ලා නැග්ගම, පෙන්දා
    කණ රත්වෙන්න මොනවත් ඕනෙද මන්දා

    ReplyDelete
    Replies
    1. සමන්මලිගෙ පියොවුරු දැක නැවත හැරි
      තබන්නෙම් අලුත් උවමක් කොහොම හරී
      පැලෙන්නට තරම් ලං වුණු සුලං පිරි
      ජපන් බැලුම් යුවලක් මෙන් නොවෙද සරී

      Delete
    2. නෑ අල්විස් පෙරේරා මහත්මයාගෙ

      Delete
  8. ඉරු ගිනිගෙන දවනා කලට ලෝ තලය
    හිත පතුලට ගිනි ඇවිලී තනිකම දැනේය
    හිස් අහසේ ඉඟි කෙරුවට බොරු කළුව
    නෙතේ තමයි වුයේ බර වැහි කළුව

    වැහි ලිහිණියෝ හැන්දෑ කරේ රැඟුවාට
    උල ලේනිත් රෑ තනියට නැතුවාය
    පැදුරු කොටේ ඇලවෙනනට බැරුවාය
    පහන් තිරේ තවමත් තෙල් ඇතුවාය

    කෙස්ස පැහී නර කෙස් එක දෙක ඒය
    දිය කදුරේඳි දුටු මුහුණත මැකිලා යාය
    හීන් හඬින් නැඟුණු සුසුම් අහසේ වේද
    සුසුම් වලින් වත් හිත් වලාව මැවේද

    කදුළු බිබී බෝල් සුසුමන් ඈතට පා කෙරුවා
    ඒ සුසුමක් දිග පාර අසා කවුරුත් නැත ආවා
    දුක වාවන හිත හරහට ඉනි වැට බැඳලා
    තනිකම් දොස මට විඳලා හොඳ හුරුවා

    සියුම් රිදුම් හිතත් හොරෙන් ගෙන ආවා
    පුරුදු විඳුම් හොරෙන් හොරෙන් පැන දිව්වා
    කදුළු වැස්ස වියුණු දෙනෙත තෙත් කෙරුවා
    තනිකම් දොස පෑල දොරින් යලි ආවා

    වෙලාව ඇති හැටියට ලියන්න, මටත් ඔහොමම තමයි. ජය වේවා.

    ReplyDelete
  9. Replies
    1. ඔව් කසුන් ආයෙ හරි ගියා කියන්නකො

      Delete
  10. කලකට පස්සේ වෙළකට බැස්සේ කියලා දැන් කොටන්නයි තියෙන්නේ...

    ReplyDelete
  11. එන්නං කිය කිය උන්නට අදයි එන්න ලැබුණේ. නෙළුම් යාය සම්මාන දවසෙ දෑහින් දැක ගෙන වචනයක් කතා කළා නොවැ. දිගටම ලිව්ව නං දිගටම එන්නං.

    ReplyDelete
  12. නෙළුම් යාය සම්මාන වෙලාවෙ දැක බලාගෙන කතා බහ කළාට මොකෝ අදයි හාහාපුරා කියල කොමෙන්ට් එකක් දාන්නෙ ඕං...හඳුනාගන්න ලැබීම සතුටක්. ඔන්න වැව් ඉස්මත්ත මගෙ රෝලෙත් එල්ල ගත්තා.

    ReplyDelete