Saturday, July 6, 2013

මිහිතලය කිසිම සත්ත්වයෙකුට ‍වෙන් කර දී නොමැත, දුර්භික්ෂය අත ලගයි.



මිනිසෙකුට ලොව ඕනෑම වස්තුවක් පිළිබදව විවිධාකාර ලෙස විග්‍රහ කොට යම් තාක් දුරට හෝ එක් නිෂ්චිත නිගමනයකට එළඹිය හැක්කේ ඒවා නොවෙනස්ව පවතින බැවිණි.උදාහරණයක් ගතහොත්  කාලගුණය.දීර්ඝ කාලයක් අධ්‍යනය කිරීමෙන් පසුව ස්ථිරවම නැතත් අද වසීවි හෝ අද තද අව් රෂ්මියක් වැටේවී යැයි  අනාවැකි පළ කල හැකිය.නමුත් බුදුන් වහන්සේ දේශනා කරන ලද්දා වූ (සියල්ල වෙනස්වේ) යන සංකල්පය නොව, සියලු දේවල් වෙනස්වන නමුත් බොහෝ දේවල් වෙනස් වීමට කාලයක් ගත වනු ඇත.

එහෙත් මේ මුළු විශ්වයම පිළිබද විද්‍යාඥයින් අනාවැකි පළ කලද එසේ අනාවැකියක් පල කිරීමට  බැරි එකම වස්තුව නම් මේ මිහිතලය රජකරන මිනිසා නමැති සත්ත්වයාය.මිනිසා වනාහි කුමන වේලාවක වෙනස් වේවවිදැයි කිසිම පුද්ගලයෙකුට අනාවැකි පළකල නොහැක,නිගමනයකට එළඹිය නොහැක. ඔහු ඒ තරමටම ඇතැමුන් විශ්වාස කරන පරිදි දෙවියන් විසින් නිර්මාණය කරන ලද අපූරු සත්ත්වයෙකි.

නයෙකු ද්ෂ්ඨ කරන්නේ ඔහුට හිරිහැරයක් පීඩාවක් හෝ බියට පත් වූ අවස්ථාවකය.මිනිසුන් විසින් ඉතාම දරැණු ඝනයේ සත්ත්ව කොට්ඨාශයක් ලෙසට සළකනු ලබන සිංහයා කොටියා වලහා පවා අහිංසක සතුන්ය.මාංෂ භක්ෂක බව සැබෑ නමුත් ඒ අපූරු ජෛව විවිධත්වයේ විශ්මිත නිර්මාණයක්ය.නමුත් මිනිසා තරම් කුහක අධම ගතිගුණ වලින් පිරී ඇති

මේ පොලෝ තලය මත සිදු වෙන්නා වූ දූෂන මිනිමැරුම් මංකොල්ල අල්ලස් ගැනීම් කැපිලි කෙටිලි මොලේ උසස් යැයි සම්මත මිනිසා විසින් කරනු ලබන ඒවාය.ඔවුන් ලග හැර වෙනත් කිසිම සත්ත්වයෙකු ලග තිබේ නම් ඒ නවීණ තාක්ෂනය ඔස්සේ නිර්මාණය  කෙරූ රොබෝවරයෙකු විය යුතුය. එසේනම් ඒ රොබෝ වරයාද යනු මිනිසෙකුමය. ඒ මිනිස් මොළයෙන් නිර්මාණය වූවක් බැවිණි.

මදුරුවන්ගේ මැස්සන්ගේ විෂ උගේ තුඩ අග ඇති බවත්, ගෝනුස්සාගේ විෂ උගේ නැට්ටේ ඇති බවත් ප්‍රකාශ කරන අලගියවන්න මුඛවෙටි තුමා  මිනිසාගේ විෂ උගේ මුළු මහත් ශරීරය පුරාම ඇති බව ප්‍රකාශ කරේ ඒ මේ අධම මිනිසාගෙන් බේරී සිටීමටය. නයෙකු පොළගෙකු දෂ්ඨ කල විට, දවසකින් හෝ දෙකකින් මිය යනු ඇත.නමුත් මිනිසා වනාහි  කුරිරු සත්ත්වයා දෂ්ඨ කලහොත් මුළු ජීවිත කාලයම විදව විදවා මිය ඇදෙන්නට ඉඩ ඇත. ඒ සතුන්ගේ හා මිනිසාගේ විෂවල ඇති පරාසයය්.


මිහිතලය කිසිම සත්ත්වයෙකුට ‍වෙන් කර දී නොමැත.නමුත් මිනිසා බලහත්කාරයෙන් අත්පත්කරගෙන


ඇත.අහස් කුස පරයන මහා තට්ටු නිවාස ඉදිකරති.මහ මුහුද පරයන නාන තටාක හදති.එකිනෙකා පරයමින් විවිධ වු දේවල් නිපදවති.සදට යති අගහරුට යති. නව ග්‍රහලෝක සොයති.

මොවුන් ලගා කරගැනීමට තතනන දෙය කුමක්ද යන්න මහත් ගැටළුවකි. මෙය අද ඊයෙක ඇරඹුමක් නොවේ.මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිටම පැවතෙන්නෙකි.

අතීතයේ ගල් මුගුරු භාවිතා කොට සතුන් මරාගෙන ජීවත් වූ ගල් යුගයේ මිනිසා තම වර්ගයාගේ වර්ධනයත් සමග විවිධ උපකරණ නිර්මාණය කර ගැනීමත්, ගල් ගුහා වැනි සොබාවික වාසස්ථාන වෙනුවට ඔවුන් විසින් නව නිවාස තනාගැනීමත්, ජනගහණය පුලුල් වීමත් සමග තම වර්ගයා වෙනුවෙන් නායකයන් බිහිකරගැනීමත්, ලිංගිකත්වය,ලැජ්ජාව වැනි සංකල්ප බිහිවීමත් සමග ශරීර ආවරණයන් නිර්මාණය කර ගැනීමත් යන මෙකී නොකී දේවල් තව දුරටත් වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස දැනට පවතින්නා වූ මෙවන් වු ලෝකයක් නිර්මාණය වී ඇති බව ඔබ කවුරුත් දන්නා කරුණකි.

අද ලෝකය ඇණ කොටා ගනිති. ලෝක බලවතා වීමට උත්සාහ දරති. තම බලය යොදාගෙන කුඩා රාජ්‍ය තම අණසකට ගැනීමට කටයුතු කරති.සම්බාධක පනවති,රාජ්‍යයන් අතර ගැටුම් නිර්මාණය කරති,වෙනත් රාජ්‍යයන් හි ඇති සම්පත් සූරාකෑමට අර අදිති.ගල් යුගයේද මේ සියල්ලම පැවතුණි. වෙනසකට ඇත්තේ එදාට වඩා නූතන මිනිසාගේ මොළයේ දියුණුවයි.මිනිසාගේ මොළයේ වර්ධනයත් සමග ලොව විනාශයකට ලක්වීමට ඇති ඉඩකඩ නිර්මාණය වනු නොවේද.

ලොව විනාශ වීම යනු  එය පුපුරා විනාශ වී යනු ඇතැමෙකු විශ්වාස කරයි. විනාශ වී යාම යනු එයමම නොවේ.  මිනිස්සු ඇණකොටා ගනීවි, මරා ගනීවි, ගංගා ඇළ දොළ සිදී යනු ඇත , ඕසෝන් ස්ථරය පළුදු වී පාර ජම්බුල කිරණ  කෙලින්ම පොළොව මතුපිට පතිත වී  විවිධ රෝග වර්ග හට ගනීවි.ආහාරයට ගන්නා ද්‍රව්‍යයන් හි වස විෂ තියේවි,ලෙඩ රෝග වලින් දුටු දුටු තැන මිනිස්සු මිය යාවි,ජෛව විවිධත්වය විනාශ වී යනු ඇත, න්‍යෂ්ටික අවි හැමතැනම තියේවී,රාජ්‍යයන් එකකට එකක් පෙන්වන්නවත් බැරි තත්ත්වයක් ඇති වේවි,ලෝකය පුරා  මහා දුර්භික්ෂයන් හට ගනීවී. මෙයින් සිදු වන්නේ ලෝකය විනාශ වීම නොවේද?

එහෙත් සිදුවිය යුත්තේ එය නොවේ. මිනිස් වර්ගයා තුළ අන්‍යේන්‍ය  අවබෝධය ඇති කල යුතුය. ඒ සදහා විවිධ  වු ක්‍රමවේදයන් සකස් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපත් විය යුතුය.නැතිබැරිකම තුරන්කල යුතුය.ළමයින්ට  ඉතා හොද ආගමිත වතාවත් පිළිපැදීමට සැලැස්විය යුතුය.මනා අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කල යුතුය.සැමට එකසේ ජීවත්විය හැකි පරිසරයක් ඇතිකල යුතුය.පරිසරය ආරක්ෂා කර ගත යුතුය. එසේ නොවන්නේ නම් එදා විශාලා මහනුවර ඇතිවු  දුර්භික්ෂය මෙන් නොව මුලු ලොව තුලම මහා දුර්භික්ෂයක් ඇතිවීම වළක්වනු නොහැකි වනු ඇත.

32 comments:

  1. //මිහිතලය කිසිම සත්ත්වයෙකුට ‍වෙන් කර දී නොමැත.නමුත් මිනිසා බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇත//
    මේකනම් සම්පුර්ණයෙන්ම ඇත්ත

    මිනිසා ලොව පහල වූ දා පටන් ඇතිවූ සියලුම දියුණුවේ සහ විනාශයේ හේතුව වන්නේ ද මිනිසාගේ සිතේ පහලවූ ආශාව නොහොත් තණ්හාවයි.

    ReplyDelete
  2. උබේ කතාව සහතික ඇත්ත බොල.... බට්... දැන් නම් මිහිතලය සම්පූර්නයෙන්ම ජීවින්ට අයිතියි.... අපා දෙපා සහ සිවුපා සතුන්ට....

    ReplyDelete
    Replies
    1. ජීවීන්ට නෙවෙයි අයියෙ තිරිසන්ගත සත්ත්වයින්ට මොකද දෙපා සතුනුත් දැන් සිවුපා ගණයට වැටිල නිසා මම හරිද

      Delete
  3. අටමා තමයි එන්න පාර කිව්‍යේ..මම එනවා හැමදාම
    ජයවේවා

    ReplyDelete
  4. මට හැමදාම හිතුන දේ අදත් හිතෙනවා. "මිනිසා කියන සතා නොහිටියනම් අදටත් මේ ලෝකෙ කෙතරම් ලස්සන තැනක්ද ? කෙතරම් ලස්සනට තියේවිද ? "

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ ලස්සන අපට පේන්නෑනෙ. මේ මිනිසා කියන වචනය ගැන කාටවත් අර්ථකතන තනන්න අමාරුයි. ඒක ඒ තරමටම ගැඹුරුයි.ලෝකය විවිධ වු පැතිකඩයන් ඔස්සේ ගලා යාම නිසා අද වන විට මේ වගේ ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා හිතන්න පුළුවන් සෙන්නා ගොඩක් ස්තූතියි මගේ බ්ලොග් එකට ආවට

      Delete
    2. කුරුල්ලෙක් වුනානම් ඉවරනෙ... :D

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  5. මට වඩා උඹට දැනුම තියනවා . මට වඩා ලියන්නත් පුලුවන් ,මට වඩා භාෂාවත් රසවත් සහ හරවත් , ඉක්මනටම බ්ලොග් රිද්මය අල්ලා ගනීන් මල්ලියේ, අඹට ඒක මිස් උනේ කලින් බ්ලොග් කියවලා නැති හන්දා , බ්ලොග් ගොඩක් කියවපං

    ReplyDelete
    Replies
    1. ජීවිගේ ඔහේ ගලාගෙන ගියා.කිසිම හරවත් බවක් තිබුනේ නෑ. කිසිම ආත්ම තෘප්තියක් දැනුණේ නැ ජීවිතේට.මේ කාලකන්නි ජීවිතේට පහුරක් වුනේ ඔයයි අටන් අයියේ.

      Delete
  6. මිනිසුන්ව තමා තේරුම් ගන්න බැරිම සත්ව කොට්ටාසය.... කතාව සහතික ඇත්ත.....

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතාවක් ඉවර කරන්න හරි අමාරුයි. මොකද තේරුම් යනතුරුම ලියන්න එපැයිනේ නේද සමනලී. ස්තූතියි ඔබට

      Delete
  7. මිනිසා නැත්නම් මේ ළොකේ කිසි ලස්සනක් නෑ. අපිත් ඔහේ සත්තු ටිකක් වගේ ජීවත් වේවී. මිනිස් මොළය හොඳට වගේම නරකටත් යොදා ගන්නවා. අනිත් දේවල් සියළු සත්වයන්ට පොදු දේවල්.. ඒකයි මට නම් මේ ළෝකේ බොහොම ලස්සන..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මේ ලෝකෙ ලස්සනයි. ටිකකට පැත්තකට වෙලා ටිකක් කල්පනා කරන්න පුංචි දුකකුත් තියේවි ස්තුතියි මාතලන් අයියෙ

      Delete
  8. හ්ම්.. ඇත්ත, මමත් කැමතියි මිනිස්සු ජාති ආගම් කුල බේද රටවල් විදියට බෙදෙන්නෙ නැතිව එකට එකතුවෙල එකපවුලක සහෝදරයො වගේ ඉන්නව නම්. ඒත් ඒක කවදාවත් වෙන්නෙ නෑ. මිනිස් සත්ත්වයා බිහිවුන දා ඉඳලම උන්නතිකාමයෙන් (වචනෙ හරිද මන්දා) පෙළෙනවා. හැමවිටම තව අඩියක් ඉස්සරහට යෑමේ නොතිත් ආශාවකින් පෙළෙනවා. ඒකෙ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. ඒත් අවාසනාවකට මිනිස්සු හැමවිටම වගේ ඕනම දේක හොඳ පැත්තට වඩා යොමුවෙන්නෙ නරක පැත්තට. මම හිතන්නෙ ඒ නිසා තමයි තමන් හෝ තමන්ගෙ පිරිස විතරක් අරන් ඉස්සරහට යන්න උත්සාහ කරන්නෙ, මිහිතලයෙ සිටින අනිත් මිනිසුන් ඇතුළු සියළුම සත්ත්වයින්ට හෙන ගැහැවුවත්.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන විදියට වචනෙ හරි. ඒකෙ තේරුම මට මතක නෑ ඩීඩීටී ලොඩාක් ස්තූතියි මේ ආධුනිකයාගේ බ්ලොග් එකට ආවට

      Delete
  9. උඹ හැම මගුලටම ඉස්සෙල්ල කොමන්ට් කරන සියල්ලට ප්‍රතිචාර දක්වන්න නිහතමානි වන්න.

    ReplyDelete
    Replies
    1. අම්මෝ කෙන්ජියගේ සැර , මචංලා කොල්ලා මේ දවස් දෙකේ වැඩට ගිහින් නැ ,

      Delete
    2. කෙන්ජි අයියේ මම ගෙදර නිවාඩු ගිහින් හිටියෙ ටැබ් එකක් හරි ලැප් එකක් හරි තිබුණනම් මම කමෙන්ට්ස් වලට රිප්ලයි නොකර ඉන්නෙ නෑ මොකද මේව බලන්න මම ඔෆිස් එකට එන්නම ඕනේ අයියේ මට සමාවෙන්න

      Delete
  10. කතාව ඇත්ත, හැබැයි ලෝකේ මිනිසා නොහිටියානම් මීට වඩා ලස්සන වෙන්නත් වගේම කැත වෙන්නත් තිබුනා,

    ReplyDelete
  11. රිප්ලයි කරන බව දන්නවා එකෙන්ම. මම නම වැඩිය කැමති වැවා ගේ කවි වලට

    ReplyDelete
  12. ඔබේ ලිපි සියල්ල කියවන්නට නොවුනත් තවම , කියවු සියල්ලම අනර්ගයි , විශේෂයෙන් ඔබේ සිංහල භාවිතයේ හැකියාව ඉහළයි , සිංහල බ්ලොග් පරිශ්‍රයට සිටිය යුතුම , සංවේදී සිත් ඇත්තෙක් හඳුන්වා දුන් අටම්පහුරේ මිත්‍රයාටත් මේ ගම්නම ස්තුතියි කළ යුතුමයි ,

    බ්ලොග් පරිශ්‍රෙය් දිගු ගමනක් යන්නට සුබ පැතුම්

    ReplyDelete
  13. වැව් ඉස්මත්ත වෙත ගොඩවැදුණූ ඔබ සාදරයෙන් පිළිගනිමි. මා ලිවීම සහ කියැවීම පටන්ගත්තේද අටන් අයියාගේ මග පෙන්වීම මතය. එසේ නැත්නම් මා නිකරුනේ කාලය ගෙවා දමන්නෙක් වනවාද නියතය

    ReplyDelete
  14. මම කියන දේත් එක්ක වැඩි දෙනක් එකඟවෙන එකක් නෑ.

    විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් වැඩගන්නකොට ඇතිවෙන ගැටලු වලට පිළිතුරුත් විද්‍යාවෙන් හා තාක්ෂණයෙන්ම ලබා ගැනීමයි කලයුත්තේ. ඒ නැතිව තාක්ෂණයට එරෙහිවීම නෙවෙයි.

    ඔය දෙක නිසා තමයි අපි අද මෙතන ඉන්නේ, කැලේම ඉඳං සත්තු පස්සෙ නොදුවා.

    උදාහරණයක් හැටියට තාක්ෂනයෙන් නිමවපු එංජිමෙන් එන ඝෝෂාව නතර කරන්න සයිලන්සරයත් පරිසර දූෂණය අවම කරන්න කැටලිටික් කොන්වර්ටරයත් හැදුවේ වැඩිදියුණු කරන ලද තාක්ෂනයෙන්මයි.

    බොහෝ විට වරද විද්‍යාවෙ හෝ හා තාක්ෂණයෙ නෙවෙයි. ඒක යොදා ගන්නා ආකාරයෙයි තියෙන්නේ.

    වැව් ඉස්මත්ත කියන නම බ්ලොග් එකට නම් හොඳයි. නමුත් උඹට වෙන නමක් දාගත්තා නම් හොඳයි. මොකද ඒයි වැව් ඉස්මත්තෝ, ඒයි වැවෝ කියන්න බෑනේ.
    මට කවුරුත් කියන්නේ ඩූඩ් කියලා. හෙන්රි බ්ලොග්වෝකර් කියලා හක්ක පන්නා ගන්න ඕනෙ නෑ. :D

    ReplyDelete
  15. ඩුඩ් අයියා කියන එකේ ඇත්තක් තියෙනවා.හොයන්නම් එකක් .ස්තුතියි ඔබට ගොඩාක් මේ වගේ දේවල් වලින් මාව දිරිමත් කිරීම ගැන

    ReplyDelete
  16. //මදුරුවන්ගේ මැස්සන්ගේ විෂ උගේ තුඩ අග ඇති බවත්, ගෝනුස්සාගේ විෂ උගේ නැට්ටේ ඇති බවත් ප්‍රකාශ කරන අලගියවන්න මුඛවෙටි තුමා මිනිසාගේ විෂ උගේ මුළු මහත් ශරීරය පුරාම ඇති බව ප්‍රකාශ කරේ //මේ කතාව නං සහතික ඇත්ත ,විද්‍යාවේ දියුණුව කියන්නේ එක පැත්තකින් ලෝකයේ විනාශ මුඛය ! නමුත් මමත් ඉන්නේ ඩුඩ් කියන මතයේ ..විද්‍යාව තාක්ෂණය කියන දේවල් නිවැරදිව යොදාගන්නවානම් පරිසරයටවත් ජීවින්ටවත් හානියක් නෑ .මොකද ඒ තාක්ෂනය නිසාමයි ඔබත් මමත් මේ අපේ අදහස් උදහස් හුවමාරු කරගන්නේ .හැමදේකම හොඳ සහ නරක පැති දෙකක් තිබෙනවා .නිවැරදි දේ තෝරාගැනීමයි බුද්ධිමත් කම !

    ReplyDelete
  17. රෙහානිට ගොඩක් ස්තූතියි මේ අදහස් දැක්වීම ගැන.පස්මහ බැලුම් බලල සිදුහත් බෝසතාණන් බුදු වුණු ඉන්දියාවේ තමා ඒ වන විට ලෝකයේ වැඩියෙන්ම ජනගහණයක් ඉදල තියෙන්නෙ. ඒත් ඒ සා විශාල ජනගහණයෙන් ටිකම ටික දෙනෙක් විතරයි බුදුන් වහන්සේගේ මාර්ගයෙ ගිහින් තියෙන්නෙ. ඒ කියන්නෙ හොද දේට වඩා නරක දේට මිනිස්සු යොමු වන ප්‍රතිශතය අද මෙන්ම එදාත් වැඩියි. විද්‍යාව හා තාක්ෂණය දියුණුවේවි,නමුත් මිනිසා හොද දේට වඩා නරක පැත්තට යොමුවෙන එක නවතාලන්න හරි අමාරුයි.ඒ වගේම තමා මේ දියුණූවන විද්‍යාව හා තාක්ෂණය හොද දේට යොදාගන්න මිනිස්සු පෙළඹෙන ප්‍රවණතාවය අඩුයි.මේක තමා ලෝක විනාශය .මතකද මුගලන් හාමුදුරුවන්ට වුණු දේ.ඔහුට පුළුවන් වුණාද විශ්වයේ කෙළවර සොයාගන්න.විශවයේ අතරමං වෙලා හිටිය මුගලන් හාමුදුරුවන්ට ආලෝක ධාරාවක් යවල බුදුන් වහන්සේ බේරගත්තෙ නැතිනම් මුගලන් හාමුදුරුවන්ට කුමකින් කුමක් වේවිද? හැබැයි නැවත බුදු කෙනෙක් මේ කල්පයේ උපදින්නෙ නැ.

    ReplyDelete