Tuesday, July 16, 2013

චීත්තෙ කැඩිලා ගෑණු කෙනෙක්ගේ විලාප දුන්හැටි මට..............



පොතකුත් පෑනකුත් අරගෙන ඇදට නැග්ගෙ  මොනව හරි කතාවක් ලියන්න කියල හිතාගෙන කල්පනා කර කර සෑහෙන වෙලාවක් හිටියා ඒත් කිසිම දෙයක් ඔළුවට ආවෙ නැහැ. කමක් නෑ ඒව පස්සෙ ලියනව කියල හිතාන පටන් ගත්ත කවි පදයක් ලියන්න.

කවි පද මතක නැති වී යන නිසාවෙන්
සිතුණා කවක් ගෙතුමට උවමනාවෙන්
සැමදා බැලූ මම ලිව් කවි සිනාවෙන්
අවසර පතමි ඔබ සැමගෙන් දයාවෙන්

කවියෙකු නොවෙමි මා හිතවත් සහෘදය
පදයක් ගොතමි පතමින් මා  විනෝදය
කවුරුත් ගෙනෙන විට තරමක් විවාදය
මා නම් ඉතින් හැමදාමත්         ප්‍රමාදය

තම රැකියාවෙ වැඩකටයුතු නිමා කොට
දුක් සෝ සුසුම්  මැද නගිනව බසේකට
මායිම් නොකර සරතැස ගැන තඹේකට
ලියනා කතා කියවමි මම අගේ කොට

ඇතැමුන් ලියන දේ මටනම් හරි ගැඹුරුයි
පැල්පත් දිවිය තුල ඒවා රජ මැදුරුයි
එනමුත් ඒව කියවන මගෙ හිත සොදුරුයි
තේරුම් ගතහැකිය ඈතක නැත නොදුරුයි

සිතුවිලි මගේ නිතරම එහෙ මෙහෙ යනවා
රජකාරියට නිතරම     වෙහෙසෙනවා
ඉඩ ලද විගස පරිඝනකය වෙත යනවා
ඔබ ලිව් කතාවක් වේගෙන් කියවනවා

වෙනසක් කිය කිසිවක් නැත කතාවල
හැමදේ අගෙයි මටනම් මේ කතාවල
කිසිවක් නොමැත කවදාවත් මෙමා හල
පුදුමයි අහෝ පුදුමයි මේ ලැගුම් හල

ගොවිතැන් කරපු හැටි ඉස්සර කුඹුරු වල
කර ගැට නැගෙන තුරු කෙටු හැටි හේන් වල
රෑ පැල් රැක්ක හැටි එළවපු රිලව් රැල
තාමත් මතක ඇත ගැලු  හැටි බතල අල

ඇල මංකඩ වල      වැව් මංකඩ වල        නාන්න ගිය හැටි                 මට මතකයි
රතු කරගෙන ඇස්     ගෑණූ උඩින් පැන     කරනම් ගැසු හැටි            මට මතකයි
චීත්තෙ කැඩිලා      ගෑණු කෙනෙක්ගේ      විලාප දුන් හැටි               මට මතකයි
වැව් ඉස්මත්තට     ගොඩවැදිලා මං        රාබිව් හැටි  හොද              හැටි මතකයි

අටන් අයිය හැලප කඩේ
හිරු මාතා සමග ඩුඩේ
මම ආවේ ඉදන් මඩේ
සමාවෙන්න ඉතින් අඩේ

නම් ඔක්කොම මතක නැතේ
සිතුම් සයුර කොනක ඇතේ
කවි ලිව්වා ඇතැයි සිතේ
නිදි දෙව් දුව වෙලෙයි ගතේ

කවි ලිය ලියා මම උන්නෙමි ඇද මත්තේ
නිදිමත වෙලා නිදි දෙව් දුව ඇග මත්තේ
එළිවෙන විටදි නම් මට විසුමක් නැත්තේ
දුරකතනයට ඇඹෙණිය රිං කර ඇත්තේ

පියවෙන විටදි දෙනයන කළුවර අස්සේ
මැවිලා පෙනෙයි නිදියපු හැටි පැල් මැස්සේ
මදුරුවො කාපු හැටි පොරවන නැති මැස්සේ
මතකයි උණ්ඩි වී හිටි හැටි මහ  වැස්සේ

ඔබ සැම වෙතට රස කවි ගෙන මා ආවේ
හැකි වෙර ගෙනයි සිවු පද ඔබ වෙත පෑවේ
දැන් මගෙ සිතත් ඔබේ සිතුවිලි හා යාවේ
මේ කවි ලියන මා නාවික         හමුදාවේ

මේ  අන්තිම කවි තුන නිදියගන්න කියල ගිහින් පෑනයි පොතයි මේසෙ උඩින් ගිහින් තියල ආවට පසුව  අරගෙන ලිව්වෙ. නැවත   පොත මේසෙ උඩින් තියන්න ගියෙ නෑ . ආයෙත් කවියක් මතක් වුණොත් ලියන්න කියල හිතාන




67 comments:

  1. නියමයිනෙ!

    හොද කවිකාරයෙක් :D

    ReplyDelete
  2. උඹට හොඳට කවි ලියන්න පුළුවන්. නිදා ගන්න යන වෙලාවටයි, උදේ කලින් අවදි උනොත් කවි සිතුවිලි හෝ ගාලා ගලනවා. ටක් ගාලා කොලේක කටු ගා ගන්නයි අවශ්‍ය. කවි බෑ කියපු අටමත් කවි ලිව්වා මම කියපු නිසාම. එකම දේ කවියක් ලියනවා කියන් සිතුවිල්ල එන එක විතරයි.

    රහම රහයි කවි ටික උබැහේ ලීව
    සැන්විච් වගේ මස් හා චීසුත් ගෑව
    නේවී එකේ හැමදා මූදේ නෑව
    ඉඹ ගන්නට හිතයි අටමා මෙන් තෝව

    ReplyDelete
    Replies
    1. තියමු දිනයක සුහද හමුවක්
      දෙන්න ඔබහට පුංචි සුවදක්

      Delete
    2. මාතලන්ගේ දිරි ගැන්විම හැම විටම මම අගය කරමි.ඔබ ඒ කරන නිහඩ සේවය ඉතාමත් වැදගත්.අපි නොදන්න බ්ලොග් වෙත ඔබ අපිව රැගෙන යාම වටිනවා.

      Delete
  3. කෙල්ලෙක් ලියයි බ්ලොග් පිටුවක් ජීවන තලාවේ
    හර බර ඔවදන්ය ඒ දෙස බලනා හැම වෙලාවේ
    ජීවන සටන ගෙනයන්නට ඔබ වෙහෙසෙන කලාවේ
    අර දැරිවියත් දැන් ඉන්නේ ඔබ සේ නාවුක හමුදාවේ

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කියන කෙල්ලව මම නං දන්නේ
      මටනං ෂුවර් නුවන් මල්ලි නො දන්නේ
      ඇතොත් තව එකෙක් කවුදැයි නොම දන්නේ
      "මෙන්න තියනවා" බලලා දැන ගන්නේ

      Delete
    2. අද දවසෙම හරියට වැඩ නලීන් අයිය ගොඩක් ස්තූතිය. දැරිවිය තාම බ්ලොග් ලියනවද

      Delete
    3. ඇයි බං ඔය උඩින් මම දාලා තියන නිල් පාට අකුරු ටිකට කොටහංකො

      Delete
    4. අටමා හරියටම තැන ඇල්ලුවා.. ඒකනේ බං පරනත කම කියන්නේ.

      Delete
    5. මම බැලුවා කෙල්ල ගැන හොයලත් බැලුවා. හොයල බලද්දි තමයි දැනගත්තෙ කෙල්ල මේ දවස්වල ඇයගෙ විවාහයෙ කටයුතු වලට ගිහිංලු.

      Delete
  4. නියමනෙ හොද කවි කාරයෙක්. ඉඳ හිට හරි කවිත් ලියන්න. ඔබට ඒ හැකියාව පිහිටා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට මහ වෙදාණෙනි

      Delete
  5. හොද කවිකාරයෙක්නේ..... ඔය තියෙන්නේ අගේට ලියලා....

    ReplyDelete
  6. අහ් හඃ.. මේකයි එහෙනම් අටමා කියපු හැව...

    ReplyDelete
    Replies
    1. හැබැයි සෙන්නා මම නම් ඇවිල්ලා ගොඩේ කොල්ලෙක් මම දන්න එකම හැව ගැරඩි හැව විතරයි

      Delete
  7. හරි යන්නේ නෑ මම කවි ලියන එක නතරකරලා ලියන්න ගන්නවා. මෙන්න සේරම අය මෙතන කවි ලියනවා එකසිය ගානට.
    පට්ට කවි ටික. කවිය හොදට හුරුයි වගේම නීති රීති ගැනත් හොදට දන්නවානේ.

    ReplyDelete
    Replies
    1. පූමා වැඩිය නිති රීති ගැන මම දන්නෙ නම් නෑ ඒත් කවිය ලියල ඉවර වුණාට පස්සෙ ආයෙත් දහපාරක් විතර මමම කියවලා බලනවා රිද්මයක් තියේද කියලා.එහෙම තිබුණොත් විතරක් මේකට දානවා හැබැයි ඉතින් වැරදි ඇති. මම ලියන කවි වල අකුරක් අකුරක් ගානේ හරි වැරදි පෙන්නන්න පුළුවන්නම් ඒකටයි මම කැමති. ස්තුතියි ඔබට

      Delete
    2. මම කියලාත් ලොකු දේවල් දන්නේ නෑ. ඒත් මූලික නීති රීති ටික ඉගෙන ගත්තා. ඒවා තවත් කෙනෙක් යොදලා තියෙද්දී හරිම ආසයි. මොකද යවහන් දෝෂය ඉවත් කරන්න ගොඩක් අය දැනුවත් නැති හින්දා. ඒත් මේ කවි වල ඒවා අපුරුවට අයින් කරලා. ඒකයි දැනගත්තේ හොද දැනුමක් තියනවා කියලා.

      Delete
    3. මමත් හොඳින් බලාගෙන ආවේ,යවහන් දෝෂයට අහුවෙන්න පුළුවන් තැන් කිහිපයක්ම දෝෂයට අහු වෙන්න නොදී ගොතලා තියේ,හරිම අගෙයි.

      Delete
  8. වැව් ඉස්මත්තෙන් ..
    එන කව් නාදෙන් ..
    හිත සැනහෙනවා ..
    සතුටු වැඩෙනවා ..

    මම හැමදාමත් කියනව වගේ ඔබ සිංහල බ්ලොග් අතරේ සුවිශේෂ නිර්මාණයක් අපට ලබා දෙන බව මට නම් විශ්වාසයි .
    ස්තුතියි ඔබට .

    ReplyDelete
  9. කරදිය වැදි උඹේ මොල කෑලි මලකඩ කාලාද
    නැව් වල නැගී බමණ මතින් කරපට් වත් වෙලාද
    කිව් කවි ටිකත් පංකාදුයි කිව්වාම
    හිත හයි ගනිං දිගටම මෙහි රැදෙන්නට

    කිසි දෙයකින් කිසි විට නොසැලෙන් රාලේ
    කිසිම දෙයක් අඩා දොඩා නොම ලැබගන් මේ කාලේ
    බ්ලොග් ගැන හිතේ කහටක් නැති වෙන කාලේ
    වැව් ඉස්මත්ත යහතින් උඩ යයි රාලේ..

    අඩන්නේ නැතිව තමන්ගේ වැඩ ටික කරගෙන පලයං. මේක කාටවත් බලෙන් බලන්නවත්, ප්‍රතිචාර ගන්නවත් බැරි තැනක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයාණෙනි

      Delete
    2. උඹේ කවි හොඳයි මචං. දේශකය කියන ඒව්ව ගනං ගන්න එපා එච්චර

      Delete
  10. නියම කවි සැට් එක.

    ReplyDelete
  11. Replies
    1. ඔහේ ලියන කවි
      සතුට ගෙනෙන කවි
      මැලේ බලන කවි

      ස්තූතියි මැලේ රාල

      Delete
  12. කවි පද බඳිනට , සතුට ලබන්නට
    සෙට් වෙමු හවසට වැව් ඉස්මත්තට

    ReplyDelete
  13. අඩියක් ගන්නට සතුට විදින්නට
    දවසක එක්වෙමු වැව් ඉස්මත්තට

    ස්තුතියි ඉවාන්

    ReplyDelete
  14. හෙහ්... මේක සිරා!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා රජතුමණි සම්ප්‍රාප්ත වුණාට වැව් ඉස්මත්තට

      Delete
  15. සිරාම සීන් එක ඈ...

    ReplyDelete
    Replies
    1. වැව් ඉස්මත්තට ඔබව සාදරයෙන් පිළිගන්නවා තරිදු

      Delete
  16. මෙන්න අපේ හමුදාවෙ කොල්ලොන්ගෙ කලාකාමී බව...

    සතුරන්ට පොඩ්ඩක්වත් බය නැති උනාට මොකද ඇඹේණිය හමුවේ සීරුවෙන් වගේනේ... හික්ස්

    ReplyDelete
  17. හිහ්.....හිහ්.. යසිත් තාම බැදල නැද්ද

    ReplyDelete
  18. පිටු ගණනාවකින් කියන දෙයක් කවි පද හතරක් අස්සට ගොනු කරන්න පුලුවන් නෙ. ඉතින් කවියත් එක විදිහක කතාවක් තමයි.. කවි ටික සිරා. තව ලියමු, එතකොට තව ඔප මට්ටම් වෙලා එයි.

    ReplyDelete
  19. උඹ දක්ෂයි තව ලියපන්

    ReplyDelete

  20. ඔන්න තවත් සහජ හැකියාවක්. වැව් ඉස්මත්තෝ, මට බැරි දේවල් අටෝරාසියෙන් එකක් තමයි ඔය කවි ලියවිල්ල. උඹ දන්නවද මම කවි කියෙව්වට පස්සෙ, වෙන සාමාන්‍ය ලිපියක් කියවනකොටත් අර තාලෙටම තමයි කියවෙන්නෙ. හෙන ලෙඩක්, බං. :D

    නමුත් හොඳ කවියක් රසවිඳින්න මේ එකකින්වත් බාදාවක් නෑ.

    Keep it up.

    ඔන්න වැව් ඉස්මත්ත මගේ බ්ලොග් රෝල් එකට ඇඩ් කලා.



    ReplyDelete
    Replies
    1. අනිවා ඩුඩ් සහෝ අනිවා....
      මට මාර හැකියාවක් තියෙන්නෙ....

      Delete
    2. //මට මාර හැකියාවක් තියෙන්නෙ....//

      වැරදුනා බං , "මුට මාර හැකියාවක් තියෙන්නෙ"........
      එහෙම සංශෝදනය වෙන්න ඕනේ ...
      :)

      Delete
  21. ස්තුතිය ඩූඩ් අයියා. සම්මුඛ පරීක්ෂණයකට ගිය නිසා රිප්ලයි එක දෙන්න ටිකක් පරක්කු වුණා.

    ReplyDelete
    Replies
    1. වැඩේ හරි ගියොත් ලොකු එක දාන්නේ නැතුව ලියහං හරිද

      Delete
    2. බලමු බලමු අටන් අයියා

      Delete
  22. කවි ටික ලස්සනයි...මටත් අර හෙන්රියට වගේ කවි ලියන්න බෑනෙ

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට බොට ඒකත් පුලුවං උනානං අපිට බ්ලොග් වහන්ඩ තමා වෙන්නේ

      Delete
  23. ස්තූතියි හැලප අංකල්

    ReplyDelete
  24. හොඳයි හොඳයි ... ඔය ලියලා තියෙන්නේ රහ කවි පන්තියක්

    ReplyDelete
  25. මට නං අයියේ කවි බෑ. ඒත් මේ කවිනං තේරෙනවා. සමහර කවි පිස්සුවගේ.
    සෙනසුරාදට විතරයි මට ජාල ගතවෙන්න ඉඩ කඩ ලැබෙන්නේ. තාම මං තහංචි මැද.
    මම සෙන්කෝලයා

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ හැමතැනම දාන තහංචි කතාව

      Delete
  26. ලස්සනට ලියල තියෙනව වැව් ඉස්මත්ත.මාරම හැකියාවක්.,
    පොඩි අවුලක් තිබුනනේ මොබයිල් රෙම්ප්ලේට් එකේ,මම සැහෙන දවසක් බැලුව කමෙන්ට් එකක් දාන්න මගේ මොබයිල් එකෙන් හරි ගියේ නෑනේ .... පොඩ්ඩක් බලල නිවැරදි කරනවද...

    ReplyDelete
  27. Replies
    1. වැරදීම් වෙනවා සොබාවිකයි.මිනිසුන්ගෙන් වැරැදි වෙන්නැත්තම් කවුරු අතින්ද වැරදි වෙන්නෙ අතෑරලා දාන්ඩ විදුර ඕව

      Delete
  28. කොච්චර සරලව ලියලා තියෙනවද?ජිවිතයේ යථාර්තය කෙතරම් ගැඹුරුද සහ කෙතරම් බැරැරුම්ද එහෙත් ඒ ගැඹුරු බව නොසිතෙනවා මේ වාගේ කවි ටිකක් හිතට දා ගත්තම.අවශ්‍යතාවයද එයමය.එවිට ජිවිතය ඉතාමත් සරලව සුන්දරව ගලා හැලෙන දිය පහරක් සේ යා හැකිය.හමු වන ගල්පර වල වැදි එවිට නොනැවති සුන්දර ලෙස ගලා බැසිය හැකිය.

    ReplyDelete
  29. මේ දවස්වල මහා ගල් පරයක් ඔළුවට කඩාගෙන වැටිල ඒ නිසා මේ දවස් ටිකේ කවි පද ටිකක් ගළප ගන්න අමාරු වුණා. ස්තූතියි ගයානි වැව් ඉස්මත්තට සාදරයෙන් පිළිගන්නෙමි ඔබව

    ReplyDelete
  30. මහා ගල් පරය දැන් වැටිලා ඉවරයි. පැත්තකට තල්ලු කරලා ලිපාං බං

    ReplyDelete
  31. කො කො ඉතින්

    ReplyDelete
  32. අටන් අයියෙ මේ දවස් වල මම ටිකක් මඤ්ඤං වෙලා ඉන්නෙ. මම මටම කවුනසලින් කරනව. පොඩියක් ඉමු හොදේ.

    ReplyDelete
  33. යකෝ පට්ටනේ බොල... දිගටම ලියපන් පුතා..

    ReplyDelete