Tuesday, July 2, 2013

මම අත් හරින්නෙමි මේ එකගෙයි කෑම

                                                                 
   
ලැබිලා නැති නමුත් රජයෙන් සම්මානේ
රස කවි ගොතන්නයි මා හට නම් ඕනේ
හොද ගෙවිලියක් වෙමි මා දිනු ගම්මානේ
කවි කිවිදියනි මා හට අවසර ඕනේ

ඇරයුම ලැබුණ මුත් කවි පද ගලපන්න
මට සිදුවුනේ ඇද මත කැහැ කැහැ ඉන්න
හැකිවුණ නමුත් රස කවි අහගෙන ඉන්න
නෙතගින් ගැලු කදුලු බැරිවිය නවතන්න

තබනට මගේ ගම්මානෙට මතට තිත
ඔබ කිව් වදන් සමහර දෑ මතක ඇත
දුන් අවවාද පිළිඅරගෙන සියළු සත
මත්වන බීම අත්හැරියොත් වේය සෙත

කවි කිවිදියන් විත් කවි ලොව රගන විට
ස්ටීවන් කිවිදු සිහිපත් වුණිය මට
සිරිසර සවිය මා සිත යට පුබුදු කොට
යවහන් කියා දුන් හැටි සිහිවුණිය මට

නොතබා මතට තිත හිමි බිව්වොත් බීම
දරුවන් සමග ඇති සැප සම්පත් සෑම
නොතකා අතැර දා මින්පසු හැම දාම
මම අත්හරින්නෙමි මේ එක ගෙයි කෑම

හඩ දී ගැයුණ විට මැදියම් රැයෙහි නළා
ඔබ සැම දෙනා යන විට කවි සෙමෙර සලා
ඔබ හට නෑසුනත් මම අත් දෙකම සලා
අත්පොළොසන් දුනිමි මම ලෙඩ ඇදට වෙලා

මේ කවි පෙලත්  අම්මා විසින් ලියන ලද කවි පෙළකි. තවත් කවි කිපයක් ලියා තිබුණත් ඒවා මාහට  මෙහි ලියන්නට පැහැදිලි නැති නිසා පසුවට ලියන්නට තැබුවෙමි. දින තුන හතරක නිවාඩුවකට ගම රට බලා යන බැවින්  ඇය ලියු තවත් එක් කවක් මා ලියා යන්නට සිතුවෙමි.

කැක්කුම වැටි නිතරම රිදෙනවා දෙපා
කොදු ඇට පෙල රිදෙයි නෑ මට කිසිදු සැපා
දරුවන් නැති මෙමට රුපියල් අතට එපා
මේ වැනි දුකක් කිසි කෙනෙකුට වෙන්න එපා

ලනු ටික දිරා ටික ටික එළියට ඇද්දේ
සැමියා නිදයි කුදු වී ඒ ඇද මැද්දේ
උලමා හඩයි බියමුසු විලසට බැද්දේ
සිතුවිලි වලින් මාගේ හදවත රිද්දේ

පොත්වල අකුරු නොපෙනෙයි එළියට පානේ
සිහියට නැගේ කල වැඩ කුඹුරේ හේනේ
ඉපැයූ මුදල් කිසිවක් ඉතිරිව නැනේ
මා කොන්වෙලා අද වැඩකටයුතු බෑනේ

දරුවන් සිවුදෙනෙකි මා මව් කිරි දුන්න
අද නැත දූ පුතුන් මා තනියට ඉන්න
නෑ බත් පතක් වැඩිවෙයි මගෙ කුස ගින්න
මරුවාණනේ විගසින් මා වෙත එන්න

...................චන්ද්‍රා හේමචන්ද්‍ර.........................

22 comments:

  1. උඹලා අම්මට සැලකුවේ නැද්ද...?

    ReplyDelete
    Replies
    1. බිව් කිරිවල ණය ගෙවන්න
      පුළුවන් අය ඉන්නවනම්
      කියා දෙන්න මෙමා හටත්
      පුළවන් වෙයි පිනක් ගන්න

      Delete
  2. ඉතාමත් රසවත් කවි කිහිපයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැවත එන්න
      තවත් කවි කියවන්න

      Delete
  3. හරිම සංවේදී කවි පෙලවල් දෙකක්. හරිම ආසාවෙන් කියෙව්වා. ඈ දක්ෂ කිවිඳියක් නෙ මලේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇය දක්ෂ කිවිදියක් වගේම සමාජ සේවිකාවක්, දක්ෂ ගෘහනියක්, රංගන ශිල්පිනියක්, මෙන්ම දක්ෂ ගුරුවරියක්.....තවත් ඇගේ කවි ඉදිරියට මම ලියන්නම් ඔබේ කමෙනට්ස් වලින් ඇයව දිරිමත් කරන්නේ නම් ඇය ලස්සනට කවි හදාවි

      Delete
  4. ඉතාමත් අගෙයි. මේ කමෙන්ට් අම්මට පෙන්නපන් මලයා. ඒ වගේම ඇයගේ තවත් කවි මේ බ්ලොගයේ දාපන්.

    ReplyDelete
  5. ලස්සන කවි පෙළක්.... අම්මට ලස්සනට කවි ලියන්න පුළුවන්නේ......

    ReplyDelete
    Replies
    1. මගේ අම්මට ගොඩාක් ලස්සනට කවි ලියන්න පුළුවන් . එහෙම කියන්නෙ ඒ අම්මගෙ දෙවැනි පුතා.

      Delete
  6. වැව් ඉස්මත්ත අංක එකේ කිවිඳියකගේ පුතෙක්නේ! නියමායි!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටමද ? ස්තූතියි ගොඩාක්

      Delete
  7. ඔන්න ජාන තුලින් හැකියාවන් සම්ප්‍රේෂණය වෙනවා කියන එකට හොඳම උදාහරණයක්

    ReplyDelete
    Replies
    1. ඩීඑන්ඒ පරීක්ෂණ අනවශ්‍යද ඉවාන්. ස්තූතියි ආවට

      Delete
  8. අම්මා කෙනෙක්ගේ සිතේ ඇතිවූ හැඟීම් . හරිම සංවේදී කවි පෙල .

    ReplyDelete
  9. ගහේ කට්ට උල්වෙලා මදිද මන්දා

    ReplyDelete
    Replies
    1. හැක්..ඒ මොකද අටන් අයියෙ ඕන් අද උදේ ආවෙ නිවාඩු ගිහින්. අටන් අයියෙ ලගදිම මේ පැත්තෙ එනවා මගේ කවි අම්මා

      Delete
  10. අම්මගෙ නිරමාන වලටම බ්ලොගක් දාපන්.අම්මෙ ඔබට සතුට සහ දිගසිරි...................

    ReplyDelete