Thursday, September 5, 2013

දීග ගියත් මම තරුණයි


ලෝකෙ මොන යුද්ධ නතර වුණත් කවමදාකවත් නොනවතින යුද්දෙ තමා නැන්දම්මාගෙයි ලේලිගෙයි යුද්ධය. කිසිම ගෙදරක නැන්දයි ලේලියි සටනක් නැත්නම් එයද පුදුමයකි. එසේ සටනක් නැති ගෙයක් නැත්තේද නොවේ.මෙහි කතුවරයා කවුද යන්න මා නොදනිමි.දන්න අයෙක් වෙතොත් පවසන්න.
කොක් හඩලා කැකිරි තලයි - උදේ සවස පියර උලයි
කණ්නාඩියකින් දවසට - සිය සැරයක් මූණ බලයි

ඇයි මට නිතරම බණින්නෙ - මොන වැරදිද මම කරන්නෙ
රෑ සිහිනෙන් පවා මගේ - ඇදකුද නැන්දට පෙනෙන්නෙ

සාරි තුනක් දිනට අදියි - සංකර ලෙස කොණ්ඩෙ බදියි
උඹට ඇදුම් සපයන්නට - මගෙ පුතාගෙ පඩිය මදියි

ඔබ දැන් ලෝකෙට පරණයි - අළුත් ලේලි ගැන උරණයි
මූනෙ පියර ගෑවම ඇයි - දීග ගියත් මම තරුණයි

ගෙදරක ඇති දැඩි වුණාට - කටේ වචන සැර වූණාට
දෑතේ වැඩ මොකවත් බෑ - හම පමණක් සුදු වුණාට

මගෙ ලස්සන පිට පොත්තයි - ඔබ පවසන එක ඇත්තයි
තරුණ ලේලි කවදත් ලොව  - නැන්දට පමණක් තිත්තයි

කටනම් හරි සැරයි තිගේ - දෙපිට කැපෙන කතුර වගේ
මෙයින් අමාරුවෙ වැටුනේ - අසරණ කොළු පැටව මගේ

මගෙ පාඩුවෙ මම ඉන්නව - නැන්දගෙ හිත ගිනි ගන්නව
වැරදිකාරි ඔබද මමද - යන බව මුළු ගම දන්නව

ඔපිසරලෑ ගෙපිල වත්තෙ - කන්දෙ ගෙදර කුඹූර පැත්තෙ
උඹේ කටේ රතිඤ්ඤ හඩ - කොයි මිනිහද අහල නැත්තෙ

ඔබමයි රණ්ඩුව අදින්නෙ - කොහොමද මම නිහඩ වන්නෙ
රතිඤ්ඤාව පුපුරන්නට - නැන්දයි ගින්දර තියන්නෙ

මගේ ඇගේ පැටලි පැටලි - මට පෙන්වන පුදුම නැටිලි
උඹගෙන් ලෝකෙට මැවුනා - ගෙරවිලි සහ විදිලි කෙටිලි

ගෙයි දොරපිල අතුගෑවත් - මගෙ නිවැරැදිකම කීවත්
හොදක් අහන්නට නොලැබෙයි - ඔබගෙන් මට කවදාවත්

තී  මේ ගේ සැප විදීවි - මගෙ කොළුවා දුක විදීවී
මේ අපරාදෙට කපුවට - කවදාහරි හෙණ වදීවී

තව තව දික් වෙයි කතාව - මේ නම් අන්තිම වතාව
කසාදෙවත් කටු ගාලා - වෙන්කර ගන්නකො පුතාව

43 comments:

  1. අගෙයි අගෙයි.. මම නං දන්නෑ කාගේද කියලා.. කාලෙකින් දැක්කේ

    ReplyDelete
    Replies
    1. ප්‍රස්න ප්‍රස්න දන්නැද්ද ඉතින් මිනිස්සුනෙ

      Delete
  2. මේ කතාව ඇත්ත තමයි- කොයි ගෙදරත් ඔහොම තමයි
    පුතාගේ ආදරේ ලෙලි- තනියම විඳිනවට බයයි

    මෙපමණ කල් සෙනෙහෙ පපා- මා හට හිටි හොඳම පුතා
    දැන් ලේලිට තුරුළු වෙලා- අම්මව අමතක කරලා

    ReplyDelete
  3. ෂා මැරූ කවි වලියක්.

    ReplyDelete
    Replies
    1. අම්මගෙ පෙට්ටගමේ තිබිල හොයාගත්තු එකක්

      Delete
  4. මේක නම් ලේසී පාසූ පුතයෙක්ගේ වෙන්න බෑ.. උපරිමයි.. පට්ටයි...

    ReplyDelete
    Replies
    1. රාහුල හිමියො ලියාපු එකක්ද දන්නැ

      Delete
  5. තව තව දික් වෙයි කතාව - මේක හොඳින් කනට ගන්න
    අම්මගේ හුරතල් ඉවරයි - දැන් තියෙන්නෙ මගේ වාරය

    හි හි...

    ReplyDelete
    Replies
    1. තිටත් ඕක දවසක වෙයි ලෙලි කෙනෙක් ආපු දාක
      දැන් තියෙන්නේ මගේ වාරේ නන්දම්මේ පලයන්නේ

      *මෙය වස් කවියකි නිතර කියවීමෙන් වලකින්න :)

      Delete
    2. මේක තනිකර බොරුවක්......ඒ අපේ පවුලේ ලේලියෝ 10 ම කිසි අවුලක් නැතිව නැන්දම්මාත් එක්ක ඉන්නවනේ හලෝ.

      Delete
  6. මගේ පුතා ගෙනා ආ ඒ මනාලී...
    හරිම අගෙයි හැඩ බලපං මනාලී....
    පිට්ටු රොටී තම්බනවා මිනොලී..
    ගෙදරම සුර ගෙයක් කළා මනාලී....

    වත්ත පුරා සිරියාවයි ගෙනාවේ....
    කෑම රසට දෑතින් මුහු කලාවේ....
    මටත් හරිම පහසුයි ඇය උනාවේ...
    දෑ වැද්ද බොහෝ ඇත අද අපෙ දිහාවේ....

    ගෙදර තියන ලාම්පුවයි මනාලි...
    එලිය දෙන්නේ කාන්තියයි රැස් පේලි....
    කිව්ව හැටිත් මතකයි මට මිනොලී...
    නැන්දා දුවක් විරසක වී තිබේ ලී...

    දරු පැටවුන් නලවන්නට මට ආසයි...
    ගේ අහුමුලු වල මකුළුවෝ දැන් දැන් පේවෙයි....
    දරු පැටියෙක් හිටියොත් නම් හිතට හොඳයි...
    මිය යන්නට මට තව දින ටික බෝමයි....

    වඳ ගෑනි නේ ගෙනාවේ මේ අපේ පුතා...
    රුව තිබුණට පුස් කජ්ජක් වෙලා සතා...
    පෙර කිව්වට පසුවට ලොස් වෙලා ගතා...
    වඳ උනාද අපේ පරපුරා අනේ ඉතා....

    බොහෝම අගෙයි ඔයාගේ නිර්මාණය. ඔන්න මමත් කෙටුවා කවි පේලි ටිකක් මෙතන. ගැලපීම් නම් දන්නේ නැහැ. ඒත් කවියට කවියක් දෙන්නම එපැයි..

    Bora Diyaka Induwara



    ReplyDelete
  7. මරු බං, නියම කවි සෙට් එකක් කාගේ වුනත්. උඹ නේද ලිව්වේ මචෝ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඇහිද ගත්තු එකක් අම්ම බැන්න අනුන්ගෙ ඒව දාන්න එපා කියල. කාගෙ වුණත් ලස්සන දරුපැටියෙක්නෙ කියල ආදරයෙන් සිප වැළද ගත්ත

      Delete
  8. ඕක නම් ඩිෆෝලට් සෙටිං එකක්නේ බං, ඒ වුනාට ඔහොම නැති තැනුත් තියෙනවා. නමුත් සංඛ්‍යාවෙන් අඩු ඇති. එක වහල යග ගෑණු දෙන්නෙකුට ඉන්න බැරි එක නම් මිනිස්සුන්ගෙම කරුමයක් වෙන්නැති ඉවාන්

    ReplyDelete
    Replies
    1. //එක වහල යග ගෑණු දෙන්නෙකුට ඉන්න බැරි එක නම් මිනිස්සුන්ගෙම කරුමයක් වෙන්නැති ඉවාන්//

      උමට තව එකක් ඕන වෙලාද?

      Delete
    2. පිස්සුද බොල. මම කිව්වේ නැන්දා ලේලි අරගලය. :D

      Delete
    3. හෝ හෝ වැරදි ටොක් දෙන්න එපා හරිද නේද ඩුඩ් අයිය

      Delete
    4. ඒකනේ බං. මට වැරදීමකින් උඹට ඉවාන් කියලා කිව්වේ. උඩ කමෙන්ට් එක දාලා තියෙන්නේ ඉවාන් නිසා ඒ සිහියෙන් ලිව්වෙ.

      Delete
  9. පට්ටම කවි සෙට් එකක් මචෝ. හිමිකරුවාව නම් නොදනිමි. පුපිරි වැඩ්ඩෙක් කවුරු වුණත්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නලින් අයියෙ හිත හිත හිටියෙ නැ

      Delete
  10. නැන්දම්මගෙ ඊරිසියාව

    ReplyDelete
    Replies
    1. ඕකෙ මුල කොතනද කියන්ඩ බැරිද දිලා

      Delete
  11. ඕවා ඔහොම තමයි අනේ :D

    ReplyDelete
  12. මම නම් ඔය කයිය අහලා තිබුනේ නෑ මිට කලින්..

    කොච්චර හොඳ උනත් පොඩිම හරි හිත රිදීම්, කොනිත්තගැනීම් නැත්තේම නැහැනේ. පොඩි කාලේ ඉඳන් හදපු වදපු, කැත කුණු අත ගාපු පුතාව එක පාරම කොහොමද අප්පා කොහෙවත් ඉන්න ගැනියෙක්ට දෙන්නේ?

    අපේ නෝනාත් දැන් පොඩි පුතාව නලවන ගමන් ඔය කතාව කියනවා.

    ReplyDelete
  13. මගෙ ගෙදර නැන්දම්ම ඉන්නව.
    මට තියෙන ප්‍රශ්නෙ අම්මයි දුවයි රණ්ඩු වෙන එක.
    කාගේ උනත් කවි ටික මල් මසුරන්.

    ReplyDelete
    Replies
    1. මම නම් ෙවලාවට ෙවනම ඉන්ෙන නැත්නම් ෙම් කවි ටික අෙප උත්තමාවියන්ට නියමට ගැලෙපනව

      Delete
  14. කවිටික මරු.හෑබෑයි මගෙ වාසනාවට ඔක මට නෑ.අපෙ අම්ම දුල දෙන්නට වෑඩිය මගෙ වයිෆ් එක්ක යාලුයි.දෑන් මට තමයි ඉන්න බෑරිවෙලා තියෙන්නෙ දෙන්න සෙට් උනාම.මට තනියම ෆයිට් කරන්න වෙලා

    ReplyDelete
    Replies
    1. අෙප ෙගදර උන්දැයි උන්දැෙග අම්මයි තමයි වැඩිපුරම රණ්ඩු අල්ලන්ෙන

      Delete
  15. වැව්......මරු කවි ටික.

    මම ඒ අතින් නම් හරි වාසනාවන්තයි.මිනිස්සු හිතන්නේ මම බෑණා කියලා.මම නිවාඩුවකට ආවාම උනත් සමහර අය අහනවා අම්මාගෙන් "ආ..මිසිස් පෙරේරා බෑණා නිවාඩු ඇවිල්ලා නේද කියලා" මට එතකොට කේන්තියයි, සතුටයි දෙකම දැනෙනවා.දෙන්නා අතින් අල්ලන් පාරේ යන්නේ.උඹ මගේ කතාව කියවනවානම් ඔය විස්තර ඉස්සරහට කියවන්න පුළුවන්..

    ReplyDelete
  16. නියමයි නුවන්.. දිගටම ලියන්න..

    ReplyDelete
  17. ලෙසටම රසපදමට ලියා ඇත.
    ලිව්වේ කවුද නම් මාත් දන්නේ නෑ,කලින් අහලාත් නෑ.
    වැව් ඉස්මත්තට ආවේ අදයි මුලින්ම.. ඔන්න මගෙත් පොස්ටුවක් තියේ වැව් ඉස්මත්ත කියලා.. කියෝලා බැලුවනම්!

    http://karuugesithroo.blogspot.com/2013/08/blog-post_25.html

    නැවත එන්නම්.ජය!

    ReplyDelete