Thursday, January 22, 2015

අමතක වුණා නුඹ



දගකාර හුරතලී
මගේ පුංචි පැටික්කී
දවස් කොතරම් ගතවුනීද
සිහිනෙකින් වත් නොදැක
ඔබෙ රුව

තනිකමේ පාලුවේ
උන්නු මම සැනසුවේ
වෙන කෙනෙකු
අමතක වුණා නුඹ මගේ බව
නුඹ නැතිව සිටි  වෙලේ

උදෑසන  එන විටදී වැඩට මං
තාප්පය උඩ තබා ඇති
අල්ලපු ගෙදර චූටි දූගේ
කලුපාට සපත්තු කුට්ටම
අහෝ නුඹ මගේ පුංචි  දෝණී
ලගදීම එනවා බලන්නට නුඹ සමග මෑණී

 


16 comments:

  1. ජීවිතේ අපි ළගම තියාගන්න ඔ්නේ දේවල් අෑත් වෙලා කියලා දැනෙන කොට ...................

    කියලා නිම කරන්න බැහැ ඒ හැගීම.....

    ReplyDelete
  2. හිත රිදුනා මචං..
    ඉදලා හිටලා හරි ලියපන්
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. විස්කි බ්‍රැන්ඩි දෙන්ඩ එනකොටම මහා ලොකු ආගාධයකට කඩන් වැටුනා සංජීව

      Delete
  3. අපිට අයිතියි කියලා හිතන් ඉන්න හුඟක් දේවල් අපෙන් ඈතට යන්නේ අපිටත් නොදැනිමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත යථාර්ථය ඒකමයි දිනේෂ්

      Delete
  4. අයිතියි විතරක් නෙවේ.. අපි ලඟින් හිටිය දේවල් අපිව අතැරලා යනවා අපිටත් නොදැනීම.. හදිසියේ එක පාරට ඒවා මතක් උනහම තමා නියම දුක තේරෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒ දුක ලියන්න අමාරුයි ඒ ලෙසින්ම

      Delete
  5. හිතට දැනුනු පද වැලක්...

    ReplyDelete
  6. දැනුන බොක්කටම
    ඉක්මණට ගෙදර පල...
    හිහි

    ReplyDelete
  7. සඡ්ඡාගේ පංඩගුව එකතු කරගනින්

    ReplyDelete
  8. දරුවෝ අප්පොච්චගෙන් දුරස් වෙන්නේ ඕකයි. අපේ තාත්තත් ජොබ් කරන කාලේ මාසෙකට දවසයි එන්නේ ගෙදර.
    ඒ නිසා අදත් අම්මයි අපියි අතරේ තියෙන වගේ කනෙක්ෂන් එකක් හදාගන්න තවමත් තාත්තට බැරි උනා

    ReplyDelete
  9. දරුවන් වගේම පව්ලේ අයගෙන් දුරස් උනාම තමයි එයාල එක්ක ලගින් ඉන්න තියෙන ඒකෙ වටිනාකම තේරෙන්නෙ. . .

    ReplyDelete