
මාස හතක පමණ කාලයක් කිසිත් නොකර හිඳින්නට මා හට සිදුවිය. මම ලියන්නෙකු නොවෙමි. ලියන්නට තතනන්නෙකු වෙමි. ඇතැම් දේ නොලියාම හිඳින්නට සිදුවේ. එහෙත් මම එයින් කම්පිත නොවෙමි. දිගු කලක් නොලියූ බැවින් මා තුළින් බොහෝ වචනයන්ද ගිලිහී ගොස් තිබුණි. මා පෙර එක දිගට ලියූ ලේඛකයෙකු යන්න එයින් අදහස් නොකෙරේ. එහෙත් සතියකට වරක් පෙම්වතියට ලියමනක් හෝ ලියුවෙමි. මෙසේ හෝ මා පෙර නොලියූ බැවින් අද මම බොහෝ සතුටු වෙමි. ඒ මා හට මේ අයුරින් අකුරු අමුණා වචනයක් ලිවීමට හෝ හැකියාවක් ඇති බැවිනි. ගොවි පවුලක උපන් මම මෙය හොඳින් දනිමි. බොහෝ දෙනෙකු හට අකුරු ඇමිණීම කළ නොහැක්කකි. ඒ බොහෝ කලක් ලිවීම අමතක කොට ඇති නිසාය. කියැවීමද එසේම වනු ඇත. එක දිගට කියවාගෙන යා නොහැක. තව නොබෝ කලක් ගත වුණිද, මාද එම ගොඩටම වැටෙන්නට ඉඩතිබුණි. එහෙත් එයින් මා ගළවා ගත් ඔහුට මගේ බලවත් ස්තුතිය .
මා කවියෙකුද නොවෙමි. නමුදු පුංචිම පුංචි කවියක් ලියන්නට මම වෑයම් කරන්නෙක්මි.
අමතක කළෙමි සිසුවෙකු බව කවි ලෝකේ
මම තනි වුණෙමි ලෝකෙක හරි දුක සෝකේ
බෑ මට කියන්නට සිදුවන දේ ඒකේ
නැත කිසි තෙතක් විටෙකදි එය යම ලෝකේ
වෙන කිසිවක් නිසා නෙමේ, විශිෂ්ඨ ගණයේ නොවුණත් පුංචිම පුංචි කවක්වත් ගොතාගන්න නොහැකි විටෙකදි මට එලෙස සිතුණා.
සිතු සිතු විලස කිසිවක් නැත සිදුවන්නේ
පරඩැල් සේය මිනිසුන් මෙහි මිය යන්නේ
වැළපෙන හඩා පසු සැනහෙන මිනිසුන්නේ
මේ දිවි කුසුම ගැන මොන මොනවද දන්නේ
මගේ නිවසට ආසන්නයේ ගල් වැඩ පොලකි. ඒකෙ හුගක් වැඩ කරන්නේ පිරිමින්ට වඩා ගැහැණුන්ය. පට්ට පායන ඉඩෝරෙ ඉර අව්ව හිස් මුදුන් වෙලා....ගහක් කොලක් පේන මානෙක නෑ.....
නැත පෙර නිමිත්තක් වැස්සක වළාවක
කිම මේ තරම් දිවියම මගෙ අමාවක
සිතමින් කඳුළු සළමින් ගිනි තලාවක
රශ්මිය විඳී හිඳගෙන හුදකලාවක
දහදිය පිරී දහවල උතුරා යන්නේ
හිමියනි මගේ ඇඟපත නිතරම දන්නේ
තුන්වේලටම මං එක වේලයි කන්නේ
දෙවියනි මගේ දුරුවන් අද බඩගින්නේ
හැම තාත්ත කෙනෙක්ගෙම හිතේ මෙහෙම සිතුවිල්ලක් තම යටි සිතේ දෝංකාර දෙනු ඇත. ඇත්තාට ඇති හැටියටත් නැත්තාට ඒ හැටියටත් සිතුවිලි උත්පාදනය වනු ඇත.
සුදෝ සුදුවන් කිරි කොකුන් මෙනි ඈත එනවිට පෙනෙන්නේ
උදෑසන පිපි දෑසමන් පෙති පරදවයි ලවනත දිලෙන්නේ
මගේ හදතුළ දෝරෙ ගලනා සතුට නුඹ වෙනුවෙන් පිරෙන්නේ
මගේ ලොව දෙස බලාගෙන මං නුඹට නව ලොව තනන්නේ
රාත්‍රීය උදාවනු එකෙකුගේ නොව සියල්ලන්ගේම සතුටට හේතුවනු ඇත. එකෙකු ගී ගයයි. තවකෙකු ලඟට විත් මැසිවිලි නඟයි. එහෙත් රාත්‍රීය කණපිට හැරලුණී. යකඩ ඇඳක් මැස්සක් වෙචිචි...
මුන්ගෙ ගොරහැඬි සද්ද අස්සේ
ලියනු කවි පද කෙසේ සිත්සේ
උදෑසන හිරි පිපෙන වැස්සේ
නිදමි මං ගුලිවෙලා මැස්සේ
මේ කව කුමක් අරබයා ගෙතූවක්ද නොදනිම්
අදහස් කොතෙක් තිබුණත් හිත යට පේවී
මදහස් බැල්ම නැතිවී උදහස් වේවි
සෙනෙහස් කඳක් වියැකී නොපෙනී යාවී
නිදහස් කිරුළ තව යයි දුරටම පාවී
ඉඳල හිටල මහ රෑ ෆේස් බුක් එකටත් කවියක් දෙකක් ලිව්වා....මේ එහෙම ලියපු එක කවියක් මං හිතන්නෙ හිටිවන කවි මඩුවක්.....හැබැයි හිටිවන වුණාය මේක සැතපුණ කවියක්
මේ ඇරඹුමකි කවියෙන් ලොව සරන්නට
ඔබෙ අත පතමි ඒ ලොව ධජ වනන්නට
කාලය වටී මට බැහැ මිළ කරන්නට
අවසර දෙන්න චුට්ටිත්තක් නිදන්නට
අන්කල් කාරයාට පිළිතුරක්
ඇය සියුමැලිය නුඹ හට ඇය ගැළපේද
පළමුව සිතිය යුතු එයමය නේද
ඇන්දත් සියුම් රෙදිපිලි වටිනා සේද
වයසට ගිය සෙයකි මාමේ වැටහේද
මහා දේශ පාලුවන් බිම් මට්ටම ගැන කියන පුංචි කතාවක්....අහිංසකකම විතරයි මං දැක්කෙ.....කඩවුණු පොරෙන්දුව..........
ගලා හැලෙනා අව්ව නොතකා වන ලතාවක් ඔහේ දිවුවා
සලා දෙනුවන් මෙමට මතකයි බැන්න හැටි නෙත් කොනින් රැව්වා
කලා වක් සේ දේස පල්ලන් වචන හරි ලස්සනට මැව්වා
මළා නික වී ගිහින් අද ඈ ටිකින් ටික ජීවිතය සෙව්වා
මේ වෙනමම කතාවක් ....දැක්කම පව් කියල හිතෙනවා......ඒත් දැන් ජීව්තේ වෙනස්ම කතාවක් වෙලා....
නැහැ තෙත් බවක් ඇත්තේ කිසි හදවතක
දුටු දුටු තැනදි දඬුවම්මය හැම විටෙක
අත් පා සිනිදු හැදු ඇස් දෙක මෙන් කලෙක
වියැකි ගොසිනි දැන් මා මිලිටරි ලොවක
( ඒත් මේ හදවතුත් මිනිස්සුන්ගෙම හදවත් , මේ ලෝකෙ ජීවත් වෙන කියල, පස්සෙ දිනයක සිතෙනවා ඇති )
කාලය කොච්චර වටිනවද කියල හිතෙන්නෙ දැන්....
වෙල් ඉපනැල්ලෙ දුව පැන ගියපු හැටි
කකුල් දෙකේ කටු ඇනිල වේදනා දුන්න හැටි
අයිය කියන දේවල් නාහ හොඳටම ගුටි කාපු හැටි......
මහා කවියෙක් වගේ නොලිව්වත් මට ලියවුනේ මෙහෙමයි......
වෙල් ඉපනැල්ලෙ දුවමින් එහෙ මෙහෙ නැටුව
අල්ලන් කකුල ඇඬු හැටි ඇණුනම කටුව
අයියා දුන්න හැටි ගුටි අල්ලන් බොටුව
මතකය අවදි වෙයි සිහිවෙන විට කොටුව ( මේ ඇවිල්ල .....කොළඹ කොටුව එහෙම නෙවෙයි ඕං..)
දැක්කනෙ අයිය ගහන හැටි . තාත්ත කොහොම ගහනවා ඇද්ද.....එහෙව් ගුටිකාපු අපිට...........මේවත් ........කිවුවලු.
සෙවූ සැම තැන මුහුනු පොත ගෙන නුඹයි ප්‍රේමය හද දිනූ
හැමූ මේඝය පරදවයි එය මහා මංදිරයකි තැනූ
ඉනූ සෙනෙහස පුද කරන්නම් නොවේ මේ කවියක තනූ
දැමූ ආයාචනය පිළිගෙන රැදෙන්නට හද ඉඩ දෙනූ
අදට ලියන අන්තිම කවිය.......මොනව නොකරත් ඔන්න ඕකනං කොරා රෑ මැදියං වෙනකං.....