ඇය මගේ බිරිඳය
විකසිත වෙමින් හිරු ඝනදුර වෙත රැව්වා
සඳසේ යමින් හෙමිහිට සොමි රස එව්වා
වියැළුණු ලී කැබැලි එකිනෙක ලිප සෙව්වා
ඇයගේ දෑත මත නෙක දිව රස මැව්වා
හිමි නැති ලඟක පාතක හුදෙකලාව
තරණය කළා ඇය දිවි මං තලාව
තම දරුවන්ට මැව් ගුරු තක්ෂලාව
රස අඳුනකිය පෙන්නූ දිවි කලාව
දරුවන් තුන්දෙනෙකි මා වෙනුවෙන් වැදුව
දිව මැණිකක්ය මට දෙව් බඹු ලොව හැදුව
මගෙ මාපියන් උස් ආසන මත හිඳුව
උපමා කුමට නුඹමයි අඹරෙහි සඳුව
පැද යන විටදි ඔරුවට හයියක් වෙන්න
සිදුවුණි නුඹගෙ දෑතට හබලක් ගන්න
අත්ලෙහි සිනිඳුබව ගත් රකුසන් ගොන්න
මං හින්දාය පොඩියක් තව ඉවසන්න
හුරුළු වැවට වැටෙන දිය කඩ කුමට
මගේ පියඹ ඩා බිදු ඇත පිරෙන්නට
නියං සාව දුක් විඳිනා ගොවියනට
මගේ පියඹ උපහැරණෙකි දරන්නට
මාස් මහයි පන්ති මුදල් හරි ගෙවන්ට
ගාස්තුවත් මදිවෙයි වියදං දෙන්ට
වාස් වේගයෙනි දරුවන් ගෙට ගන්ට
ගෑස් නැතුව ඇත සිව් මස ලං වෙන්ට
ඇයටයි මගේ මේ කවි පද උපහාර
පුදනෙමි මතුවටත් එක අකුරක් නෑර
දුක සැප එකට විඳි මා හද නොම පාර
ඇය වෙදදුරෙකි දිවියට ඒකාකාර
ඔබේ බිරිඳට සුභ පැතුම්
ReplyDeleteහුඟ කලකින් නේද අයියෙ
ReplyDeleteඒකනේ
Deleteඅපොයි වැවාගෙ ලියවිල්ලක් දැක්ක කල්...
ReplyDeleteමොකෝ වෛෆ් ඔරුවක් පදිනවය කියන්නෙ? බෝයිස් ටවුන් ළඟ වැවේ ද? :D
වැව් ඉස්මත්තෙ හාමිනේට දීර්ඝායුෂ ලැබේවා!
ReplyDelete(ගැළපෙන සුභ පැතුමක් ගැන කල්පනා කරල කරල තමයි මේක ලිව්වෙ... දෙන්න දෙමාල්ලො අතරෙ තියෙන බැඳීම ගැන තියෙන සංකීර්ණ හැඟීම අකුරු කරන්න හරි අමාරුයි.)
හුඟ කාලෙකින් ඩ්රැකී. නෑ බං දැන් ගමේ ගිහින් ඉන්නෙ..ස්තූතියි උඹට..හුග කලකින් ලිව්වෙ නැහැ.පුලු පුලුවන් විදියට ටික ටික හරි ලියනවා...
Delete