ඒකත් ප්‍රේමයක් .........
පත්තියං වී ආවෙ මුරුගසන් වරුසාව
සීතලට ගැහුණි හද සෙනෙහසක් ඉඟි පෑව
කොහේදෝ ඈතකින් මා සොයන් පා ආව
එරමිණිය මල නුඹයි සිඹගන්න හිත් ලෑව
නීල දෙනයන, කරපු ඉඟි බිඟි සියොලඟම මගෙ ඇවිලුවා
හංස පැටවුන්, කරපු දඟකම් සිතේ එහෙ මෙහෙ දැඟලුවා
මවා නුබ ගැබ, තරු නේන රෑ මසිත හැඟුමන් පැතිරුවා
තුඩ තුඩින් ගෙන, දුරින් ඉඳගෙන ප්‍රේම කවි පද මිමිණුවා
ලඟට නා මුත් හංස චංචල ලීලා
තාම ඇත මගෙ හදේ කොනකට වීලා
අමා පැන් ගෙන තුඩින් සැනසීලා
මුව දොවන්නෙමි හිඳිනු සැරසීලා
No comments:
Post a Comment