ලියන්න ඇතත් බොහෝ දේවල් දැන් අකුරු අමුණන්නත් අමතකයි වගේ. ආයෙමත් පුරුදු රස්සාවට වැටිල. ඒ රස්සාවට මම ගොඩාක් කැමතියි. ඒකට හේතු ගොඩාක් තියෙනව. කරත්තකාරයා ආමිකාරයා මාලුකාරය කියල නොදැනුවත්කමට මිනිස්සු කිව්වට ඉස්සර තාමත් උගත් යැයි සම්මත මිනිස්සු ත්‍රීවීල්කාරයා කියල අමතනව මගෙ දෙසවනට වැකුන වාර අනන්තයි.ඔව් ඉතිං ත්‍රීවීල්කාරය කියන්නැතුව වෙන මොකක් කියන්නද. ඒත් ඒ ත්‍රීවීල්කාරයාට මම කැමතියි. ත්‍රීවීල් එක පදවනකොටනම් ගොඩාක් දේවල් ලියන්න හිතට එනව හරියට ටොයිලට් එකේ ඉන්නකොට හිතෙන දේවල් වගේ. හැබැයි ටොයිලට් එකෙන් නැගිටලා එනකොට ඒ දේවල් අමතකයි වගේ ත්‍රීවීල් එකෙන් බැහැල එනකොට ඒ දේවල් අමතකයි.
මාමේ හයර් එකක් යනවද?
මං හිතුවෙ ඇත්තටම කියල. බම්බලපිටියෙ
මං ඔව් කියන්න ලෑස්තිවුණා විතරයි
නුවරඑළියෙ කියල අවුරුදු අටක් විතර වයසැති පුතා කොක්හඩලා හිනා වුණා.
එයත් එක්ක එයාගෙ අම්ම තාත්ත තවත් ඥාති පිරිසක් හිටිය එයාලත් මං දිහා බලල හිනා වුණා.
මාත් හිනා වුණා.
හැබැයි මගෙ දරුවෙක් එහෙම ඒ වෙලාවෙ ඒ දේ කරානම්. එහෙම කරන්නෙ නෑ දන්නව එයාල තාත්තගෙ හැටි.
පුංචිපුතා විහිළුවට තමයි එහෙම කරේ. ඒකට කමක් නෑ. දෙමාපියොත් ඒකට මං දිහා බලල හිනාවුණ එකයි වැරදි.
තවත් දරුවෙක් දවසක් එයාගෙ ආච්චිලාගෙ ගෙදර ඉඳල එනකොට මල්වගයක් කඩාගෙන ඒ මල්වලට සුවඳ දිදී ආව. අවුරුදු නමයක් විතර ගනේමුල්ල පැත්තෙ.
බහිද්දි අනේ ඒ පුතා බැහැල මං ගාවට ඇවිත් ඒ මල දීල ඉංග්‍රීසියෙන් කිව්ව මේ මල මාව මතක්වෙන්න තියාගන්න කියල. ඒ දරුවව ඉඹින්න බෑ මට. මම ගොඩාක් සතුටින් ඒ මල ගත්ත. අරං ත්‍රීවීල් එකේ ඉස්සරහින් ගහගත්ත.
දරුවො මල් වගේ.ඒ දරුවො දෙන්නම එකම වයසේ වගේ. උන්ව කාටවත් කරදරයක් හිසරදයක් වෙන්නෙ නැතුව ඉන්න කියල දෙන්න ඕනෙ එයාලගෙ දෙමව්පියන්. පුංචි දේකින්වත් කාගෙවත් හිත් රිද්දන්න හොඳ නෑ. එහෙම නොවුනොත් ඊලඟ මොහොත මොනවගේ වෙයිද කියල කියන්න බැහැ.
අපෙ හිත් රිදවන්න කාටවත් බෑ. ඒක නෙමෙයි මං කියන්න උත්සාහ කරේ.
මල්ලිට ත්‍රීවිල්කාරයෙක් පුකෙවත් ඇරියද?
ReplyDeleteඔව් අයියෙ එකෙක් ඇරිය. ඌ මට ඇරපු එකත් මං ඌට අරින එකත් දෙකම දාන්නම්
Deleteමොන රස්සාව උනත්... බාල්දු කරන එක හරි නෑ කියලයි මට හිතෙන්නෙ
ReplyDeleteඅපෙ හිත් රිදවන්න කාටවත් බෑ ++++++++
ReplyDelete+++++++++++++++++
ReplyDeleteඅපෙ හිත් රිදවන්න කාටවත් බෑ. +++++++++
ReplyDelete+++++++++
Delete