Friday, June 9, 2023

සමහරවිට වැවා වෙන්න පුළුවන්


ආයෙම ලියනව

හරයක් නැති දේවල් ලියනවට වැඩිය හොඳා නොලිය ඉන්නව

ලියන්න පටන් ගත්ත එක ඩිලීට් කරලම දැම්ම

මොකෝ කාලයක් ලියල අතෑරල දැම්ම මට

ආයෙම ලියනව කියන එක හිතන්නවත් අමාරුයි

එකක්, ලියන්න කරුණු නෑ

පොත් කියවන්නෙ නැ නිවුස් බලන්නෙ නෑ කිසිම අප්ඩේට් එකක් නෑ. 

ඉතිං ලියන්න දේකුත් නෑ.

දැන් සිංහල වචනත් අමතක වෙලා

මොනව කරන්නද කියල හිතෙනව වෙලාවකට

මේ දවස්වල ත්‍රීවීල් රස්සාවෙ හිංද ගොඩාක් අවිවේකයි.

රස්සා නෑ කිව්වට ත්‍රීවීල් එකේ හයර් යන එකත් හොඳ රස්සාවක්

හැබැයි කුඩු කාරයින්ගෙන් අයිස් කාරයින්ගෙන් හොරුන්ගෙන් බේරිලා ඉන්න වෙනව.

මේ ලඟදි බෙල්ලට පිහිය තියල ත්‍රීවීල් කාරයෙක්ගෙ සබ්බ සකලමනාවම හූරගෙන ගිහිල්ල.

සමහරු සල්ලි නොදී පැනල දුවනව. අල්ලන්න කියලය. ආයෙම හරෝගෙන එනව. නින්ද එනකම් දුවනව. නිදිමත ආපුවාම ත්‍රීවීල් එකේම නිදා ගන්නව. ඒකත් පට්ටම ආතල් ජීවිතයක්. 

 එළීවෙනකොට ගේ ඉස්සරහ ත්‍රීවීල් එකක් නතර කරල තිබුනොත් බලන්න සමහරවිට වැවා වෙන්න පුළුවන්.

 

7 comments:

  1. ඔන්නොහෙ මොනව හරි ලියල දාහං. කාලයක් යනකොට ඉස්සර වගේ ලියන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  2. උඹ පැංසොන් ගියාද? හෙන වයසයිනේ ඕයි..

    ReplyDelete
  3. අජිත් ධර්මකීර්තිJune 10, 2023 at 1:24 PM

    නුගත් අඩුකුලේ ත්‍රීවිල්කාරයොත් බ්ලොග් ලියනවද?
    කළු කැත කොට ජරාව.

    ReplyDelete
    Replies
    1. කළු කැත කොට ජරාව ගැන අපි හොයල නෑ කවදාවත්. එහෙම වුණානම් සමහරවිට මීට හාත්පසින්ම වෙනස්වෙන්න තිබ්බ. සමහරවිට මේ වෙනකොට මැරිච්ච තැන්වල ගස්කොලනුත් හැදිලා අයියෙ. හැබැයි ඒව දැක දැක උගත් උසස්කුළවල කාර් වල යන ගොඩාක් අය කළු කැත කොට ජරාගොඩවල්වල තාමත් ජීවත් වෙනව. ඒව මේ අඩුකුලේ ත්‍රීවීල්කාරයාගෙ ඇස්දෙකට හොඳ ලස්සනට පේනව මේ ටිකට

      Delete
  4. නැගල යන කෙටි කතාවක් ඕනේ මලේ...

    ReplyDelete