Tuesday, August 13, 2013

''මාත් සිත්තරෙක් හරිය''




පුංචි කාලෙ ඉදලම චිත්‍ර අදිනවා.... මකල දානවා .....හරියට  වෙරලෙ අදින චිත්‍ර වගේ  රැල්ලට හෝදාගෙන යනවා.  අන්න ඒ වගේ ඇදපු චිත්‍ර ටිකක් තියාගෙන හිටියා.... හැබැයි චූටි කාලෙ ඇදපු ඒව නෙමේ......කොටි සංවිධානෙ අන්තිම  හුස්ම අදින කාලෙ ඒ කියන්නෙ 2009 වසරෙ ඇදපු චිත්‍ර ටිකක්. දැන්නම් චිත්‍රයක් අදින්න තියා හිතන්නවත් බැරි තරම්.... අර දවස් වලත් එහෙමම තමා ඒත් හිත නිදහස් වෙලාවට ඇදපු චිත්‍ර ටිකක් ඔයාලට පෙන්වන්නම් හැබැයි මේ චිත්‍ර කාරයෙක් ඇදපු ඒව එහෙම නෙමේ මේ මමම ඇදපු ඒව දන්නවනෙ ඉතින් ......නේද? ඔන්න පළමු එක
                                                                   
එච්චරම පැහැදිලි නෑ මොකද ෆෝන් එකෙන් අරගෙන දාපු හින්ද වෙන්න ඇති. හැබැයි මේ  කවුද කියල හරියටම මතක නෑ...මම හිතන විදියට ශේක්ෂ්පියර් වගේ වෙන්න ඔනේ. ඒ වගේ ඉන්නවද කියල  හිතෙනවනම්  ඉතින් හොදයි
                                                                            
මං කිවුවනේ නිදහස් වෙලාවට ඇදපු චිත්‍ර කියල ඒ හින්ද බනින්න එපා මොන මගුලක්ද මේ ඇදල තියෙන්නෙ කියල.
                                                                                
මේකත් ඉතින් ඒ වගේ එකක් තමා අපි  ඔය ඉස්කෝලෙ යනකොට එහෙම අදින්නෙ.ලස්සන කෙල්ලන්ගෙ,නිලියන්ගෙ පින්තූර චිත්‍රකතා පත්තර වලින් අරගෙන මේකටත් ඉතින් ඒ සන්සිද්ධියම තමා
                                                                               
අනේ ඉතින් රූපෙ ඉන්නෙ කවුද කියල අදුරගන්න බැරිවුණොත් මට දෙස් තියන්න එහෙම එපා ඕන්
                                                                             
මේ චිත්‍රෙ දැකල මගෙ ඇඹෙණි මට පන්න පන්න ගැහුවා. ඇයි කියල හිතාගන්න පුළුවන්නෙ ඉතින් නේද. සමහරු නම් කියනවා අවුරුදු 60 ක් විතර ඇති කියල


මේ කවුද කියල නම් ඉතින් කියන්න ඕනෙ නෑනෙ නේද,  ඇමරිකාවෙ ජන නායකයෙක් කවුරුත් හොදයි කියන.
රාජකාරියෙ ඉද්දී රාජකාරි  කොල කැබැල්ලකම ඇදපු එකක් ඔය ඉරි කෑල්ලක් එහෙම ඉතුරුවෙලා තියෙන්නෙ පෑනෙන් ඇදපු නිසා. මට නඩු දායිද දන්නෙ නෑ. එක උරහිසක මොනවත් නැති නිසා නේද? මම නම් බය නෑ කවුද කියල අදරගන්න බැරි නිසා
ආය ඉතින් බොරු කියන්නෙ මොටද. මේව මං බලාන ඇදපු ඒව. මේ ඉන්නෙ ඉන්දියාවෙ තමිල්නාඩුවෙ ඉන්න මහ බලගතු චරිතයක්  හැබැයි මේ දැන් නෙමේ. ඉස්සර නටන කාලේ. ඒකනෙ මේ ලස්සන මූණක් තියෙන්නෙ.(මට විතරක්ද දන්නෙ නෑ නේද)
ඒකාලෙ මගෙ යාළුවෙක් හිටිය. එයාගෙ පෙමිවතියගෙ  උපන්දිනයට මොකවත් අරන්දෙන්න මිනිහට සල්ලි තිබුනෙ නෑ. පස්සෙ මිනිහ කිවුව චිත්‍රයක් ඇදල දෙන්න කියල මේ ඒකෙ පිටපතක්. හැබැයි මිනිහටත් මට වෙච්චදේම වුණාද දන්නැ

මේව  මම ඇන්දෙ ඩෙල්ෆ්ට් දූපතේ රාජකාරි කරන කාලෙ  මහා ලොකු ඉස්පාසුවක් තිබුණෙත් නෑ. මොකද යුද්දෙ අවසාන මොහොත නිසා. නින්දෙන් තමා මම කාලෙ ඉතිරි කරගෙන මේව ඇන්දෙ.

දැන්නම්  කාටුන් එකක්වත් අදින්න වෙලාවක් නෑ. ඒ වගේම හිතට එච්චර නිදහසක් නෑ.


66 comments:

  1. ඇත්තෙන්ම චිත්‍ර අඳින්න ඔයාට හොඳ හැකියාවක් තියෙනවනේ . . .

    විහිලුවත් පුරුංගා අත්තේ තියනන් වත් නෙමෙයි කිව්වේ හදවතින්මයි.

    අහ්

    "මේ චිත්‍රෙ දැකල මගෙ ඇඹෙණි මට පන්න පන්න ගැහුවා. ඇයි කියල හිතාගන්න පුළුවන්නෙ ඉතින් නේද"

    ඇයි කියලා තේරුනේ නෑ . . මේ පරන පෙම්වතීගේ එකක්ද?

    ReplyDelete
    Replies
    1. දුකො පුරුන්ග නෙමෙයි යකො මුරුන්ගා.ගුටිකන්න ඈත්තෙ ඔක ගෑනිගෙ පින්තුරෙ බලන් ඈදපු නිසා

      Delete
    2. ඇයි ඉතින් ඇදපු එක ටිකක් වයසට ගිහිල්ල වගේනෙ

      Delete
    3. අඩේ පොඩි ටයිපින් මිස්ටේක් එකක් . . සොරි ඈ මයන්න වෙනුවට ප්යනන් ටයිප් වෙලා . . හික්ස්

      Delete
  2. මරුනෙ.. උපරිමේටම තියනවා.. ඇත්තටම නියමයි.. බැරිද චිත්‍රකතාවක් අඳින්න.. බ්ලොග් චිත්‍රකතාවක්..

    ReplyDelete
    Replies
    1. මරු අයිඩියා එකක් ඕං අදිනවනං

      Delete
    2. අදිනවනං කියන්නෙ ! උඹ තමා ඉතින් අඳින්න ඕනා. මට පුළුවන්නම් මම ඔය වැඩේ පටන් අරන් ගොඩක් කල්..

      Delete
  3. මාතෘකාව මිසින් බොලන්..

    ReplyDelete
    Replies
    1. අනේ හැබෑට ඒක මතක නැතුව ගියා කියහංකො

      Delete
  4. කලාව කියන්නේ හැගීම් ප්‍රකාශ කරන මාධ්‍යයක් නේ. ඒක කොහොම උනත් අවුලක් නැ

    ගුටි කෑවත් ආයේ...
    බිය නොම වෙන් රාළේ.....

    ReplyDelete
  5. ඔබේ හැකියාව ගැන අඩම්බර වෙමි.ඒ මන්දයත් ඔබ අපේම සොහොයුරෙකි.

    ReplyDelete
    Replies
    1. ඔයා හොරෙන්ම යුග දිවියට ගිය කතාව ඇත්තද කියල මෙයාගෙන් අහගන්න හැකියි එහෙනං

      Delete
    2. ගයානි , මොනවට කියනවද අපේම කියන්නෙ ඉතින් අපේම

      Delete
    3. නලීන් අයිය කියන්නෙ හොරෙන්ම බැදලනේ බලන්ඩකො

      Delete
  6. මලයෝ උඹට සුපිරි හැකියාවන් කිපයක්ම පිහිටල තියනවනේ. මේ හැම දේකින්ම වැඩ ගනියෝ.

    ReplyDelete
    Replies
    1. නලීන් අයිය කියන්නෙ මේ කරන රැකියාවත් එක්ක මොනවත් කරන්න අමාරුයි. බලමු පැන්ෂන් ගිහිල්ලවත් කරන්න

      Delete
  7. වැව්.....දිගටම අඳින්න .පොඩි පොඩි වැරදීම් නිකන්ම හරියයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අයියා ඒත් වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි ස්තූතියි ඔබට

      Delete
  8. උඹත් අර සේකර වගේ මනුස්සයෙක්. මේ හැම හැකියාවම කෙනෙක්ට පිහිටන්නේ කළාතුරකින්. නෝනගෙන් ගුටි කාපු එකනම් අහන්න දෙයක් නෑ. යාළුවත් කන්න ඇති අම්බානක...

    ReplyDelete
    Replies
    1. අනිව අනිව මාතලන් ස්තුතියි ඔබට

      Delete
  9. උබෙ එ හෑකියාවත් උපරිමයි යාලු.වෑඩෙ කන්ටිනිවු කරපන්.

    ReplyDelete
  10. අරුන්දැට මොකද බං ඔච්චර ඩෝන් ගියේ , ඒ ඉන්නේ එයාමනේ ,

    ReplyDelete
    Replies
    1. ඒකනේ ආයෙ ඔය පැත්තෙ ආහම අර ඇල්බම් එකේ පොටෝ එකක් උස්සන්න කියල තමයි හිතාන ඉන්නෙ

      Delete
    2. මෙන්න මේ ටික තමා මම කිව්වෙ අටන් අයියෙ

      Delete
    3. උඹල දෙන්නම එකතු වෙලා කන්න හදන්නේ.. ඔය

      Delete
    4. මොකෝ මොකෝ ඒ මල පැනල

      Delete
  11. ලස්සනයි බං. සිරාවට. උඹට හැකියාවන් ගොඩක් තියනව නෙ. දිගටම ඇඳහන්.. ගිලිහිලා යන්න නොදී.

    ReplyDelete
  12. සිරා කියන්නේ අයියේ, තව ටිකක් එකතු කරලා දාමු ඒක පුද්ගල ප්‍රදර්ශනයක්. අර සමහර එවුන් දාන ඒවාට වඩා දාස් ගුණයක් හොදයි මේ ටික

    ReplyDelete
  13. වැව් ඉස්මත්ත. උඹත් ලොවින් එකෙක් හැම දෙයටම වෙයි සමත කියන කියමනට මුක්කු ගහන එකෙක්.

    හැබෑම ලස්සනයි.

    අරයා උඹට ගැහුව එක වැරදි නෑ. උඹ අනිත් ඒවා තරම් සැලකිල්ලෙන් ඒක ඇඳපු බවක් පේන්න නෑ.

    මේ හැකියාවට මැරෙන්න දෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩුඩ් අයියා. වැඩේ කියන්නෙ මගේ හැකියාවන් කාලෙකට උපදිනව කාලෙකට මැරෙනව බැරිද මේක මොකද්ද කියල පොඩි විශ්ලේෂණ පාරක් දාන්න

      Delete
    2. එහෙම වෙන්න බෑ බං. මේක සිද්ද වෙන්නෙ අපිට ඒ වැඩේට යෙදෙන්න බැරි තරම් කාර්ය බහුල වුනාම හරි කම්මැලි වුනාම හරි. :)

      Delete
  14. උඹව දැක්කම දැන් මතක් වෙන්නේ ලියනාඩෝ ඩාවින්චි, එයාව අපි දන්නේ මොනාලිසා නිසා එත ඩාවින්චි කියන්නේ හොඳ ඉංජිනේරුවෙක්.විවිධ දස්කම් තියෙන මිනිස්සු හරිම අඩුයි,උඹ ඒ අතරේ කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල මිනිස්සුන්ට ප්‍රශ්න කියල දෙයක් තිබ්බෙ නැ.නිදහස තිබුණ. ඉතින් ඒ අය හොද හොද නිර්මාණ බිහිකරා. නමුත් මම කියන්නෙ නෑ හැමෝටම කියල.ස්තූතියි ඉවාන්

      Delete
  15. දක්ෂයෝ එහෙම තමා හොද ඒවා අන්තිමට දෙන්නේ. උඹ හැබෑම යක්සයෙක්.. හැක් ජය වේවා

    ReplyDelete
    Replies
    1. මොකක් මං යක්ෂයෙක් ......කමක් නැ කමක් නැ ස්තූතියි දේශකතුමණි

      Delete
    2. දක්සයෝ යක්සයෝය කියල අහල් නැද්ද බං. එක්කෝ ඒක මගේ හිතේ තිබ්බ එකක් වෙන්ටැති

      Delete
    3. වෙන්ටැති වෙන්ටැති

      Delete
  16. මරු චිත්‍ර කාරයෙක් නේ බන්.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 4ට විතර උඩදි ඇදපු ඒව වගයක් අයිලාස් අයියෙ ස්තූතියි

      Delete
  17. චිත්‍ර ටික හොඳයි,ඇයි අඳින එක නැවැත්තුවේ

    ReplyDelete
    Replies
    1. ඔව්. අපූරු යි. අඳින එක නවත්තන්න එපා.

      Delete
    2. කාලෙ කාලේ.....නතර කලෙත්ම නෑ......හරි ආශාවෙන් උන්නා චිත්‍ර ටිකක් වැඩිපුර අදින්න. ඒත් ඉතින් මොනව හරි වෙලා මගහැරිල යනවා ස්තූතියි හැලපයියා


      දිලිණි පිළිගන්නව ඔබව වැව් ඉස්මත්තට සාදරයෙන්

      Delete
  18. බැලුවම අපේ වැවා සුපිරිම පොරක් නොවැ.
    අටමට ස්තුති කරන්න ඕනා අපිට එල ඩයල් එකක් අදුන්වල දුන්නට.
    ඉඩ ලැබෙන වෙලාවට ඔබේ ලිපි/කවි වලටත් චිත්‍රයක් ඇදල දාන්න බලන්න.
    අපේ හෙන්රි මලය නම් චිත්‍ර වැඩේ නියමෙට දෙනවා.

    ReplyDelete
    Replies
    1. මම බැලුව ඩූඩ් අයිය නේද ලස්සනට ඇදල තිබුණා අල්ල ගන්න ඕන වෙලාවක

      Delete
  19. ඇත්තටම දක්‍ෂයි. මම නිතරම දුක් වෙනවා මට කෙලින් හරියට ඉරි කෑල්ලක් ගහ ගන්න බැරි නිසා.. ඔයා ඒ අතින් පිංකාරයෙක්.... ජය හෝ....

    Bora Diyaka Induwara

    ReplyDelete
  20. උබ නම් හැබෑම දක්සයෙක් සහෝ! කවි රචනා හැකියාව වගේම චිත්‍ර කලා හැකියාවත් උබේ ඇඟේම පිහිටල තියෙනවා.
    ඔබට ජය!

    ReplyDelete
  21. මේකට මහා වෙලාවක් ඕනේ නෑනේ. පුළුවන් පුළුවන් වෙලාවට මොනවා හරි කුරුටු ගාන්න. දැන් ඉතින් ප්‍රේක්ෂකයෝ ඉන්නවනේ ඇති වෙන්න.

    ReplyDelete
    Replies
    1. රාජකාරි වෙලාවට මොනවත් කරන්න ලැබෙන්නෑ සුදීක. ඒත් මම උපරිමයෙන් උත්සාහ කරනවා ස්තුතියි දිරිගැන්වීම්ට

      Delete
  22. මරු මරු ,, අර එකක නම් බෝ එකක් දාගෙන ඉන්නේ බුවා

    ReplyDelete
    Replies
    1. පිලිගන්න සාදරෙයන් වැව් ඉස්මත්තට සුජියා

      Delete
    2. පේන්න අවේ අද නේ , උබ දන්නේ නැතිඋනාට පටන්ගත්ත දවසේ ඉදලා හොරෙන් මන් මෙහෙ ඇවිත් ගියා.

      Delete
    3. umba nam marai ai narakada monawa hari kotala giyanam dena ganna onada

      Delete
  23. නියමයිනේ යාළු. ඔයාගෙ හැකියාව වැඩිදියුණු කරගන්න උත්සාහ නොගත්ත එක අපරාදෙ. කවුරුත් කියන එකේ ඉඳල හිටල හරි චිත්‍රයක් ඇඳල අපිටත් බලන්න බ්ලොග් එකේ දාන්ට.


    මම මේ පැත්තට කලින් ඇවිත් ගියාට ආයෙ ෆලෝ කරන්න බැරි වෙලා. අද අහම්බෙන් දැක්කම මතක් උනේ. ආයෙ නම් ඔන්න දිගමට එනවා. :)


    ReplyDelete
  24. චිත්‍ර ඔක්කොම වගේ ලස්සනයි.. හොද හැකියාවක් තියෙන එකේ ඒක තව දියුණු කර ගනින් .. අර සෙන්නා කියපු වැඩේ ගැන සලකලා බලපන්..

    ජයවේවා !!!

    ReplyDelete
  25. මේවා හැබෑම ලස්සනයි නුවන්...හැම පෝස්ට් එහෙකටම ඔයා චිත්‍රයක් ඇඳලා දාන්න..

    ReplyDelete