දහවල රැව්ව ටකරං
වහලෙන්
|
බේරේ
|
||
දහඩිය කන්ද ගං ඇල
දොළ මෙන්
|
බේරේ
|
||
වළදින බත් පිඩත්
ගිණියම් ලෙස
|
තේරේ
|
||
ලෝදිය ගින්න උගුරෙන්
පහළට
|
බේරේ
|
||
එළියට බහිනු කෙලෙසක
ගිනි
|
ගින්දරය
|
||
ඇතුළත හමා එන ඩහදිය
|
කරදරය
|
||
දෙමලිති මලිති පැණි
කුරුලන්ගෙන්
|
තොරය
|
||
හැම අත කපා හෙළූ
තුරු සහ
|
අන්දරය
|
||
පෙර කල මිනිස් හදවත්
වන්දනය
|
කෙරූ
|
||
හුස්ම පොදට පිරිසිදු
වා තලය
|
පෙරූ
|
||
සිහිලස ලොවට
නිරතුරුවම ජනිත
|
කෙරූ
|
||
මෙතැනින් නොනැගිටිමි
මා නුඹ දකින
|
තුරූ
|
||
බුදු පා රැදුනු දා
සත් සියොතුන්
|
එක්ක
|
||
දොඩමළු වුණිලු නැත සැකයක් නුඹ
|
එක්ක
|
||
මිනිසෙක් කපන විට
කොටයක් මා
|
වික්ක
|
||
දුටුවෙමි ගලන
කදුළැලි රුධිරය
|
එක්ක
|
||
වැස්සෙන් නොතෙම්වා අව්වෙන්
|
බේරන්න
|
||
සිදුවිය මුළු දිවිය
වහලෙට දන්
|
දෙන්න
|
||
සැපයෙන් පහසුවෙන්
ජීවිත
|
ගෙනියන්න
|
||
ඇගෙ කය තීරු විය
සීලිම
|
ඉදිවෙන්න
|
||
පස් වී පොහොර
උපදින කය
|
රැකගන්න
|
||
මිනිසුන් පෙළෙඹිලා
තුරුලිය
|
වනසන්න
|
||
පෑගෙන බිමත් ලීයෙන්
නිති
|
සරසන්න
|
||
මිනිසුනි කුහක ඇයි
තුරු රුධිරය
|
බොන්න
|
||
ණයටය ගත්තෙ මේ සැප
සම්පත්
|
රොත්ත
|
||
නූපන් එකාටය මේ ලෝ
එය
|
ඇත්ත
|
||
කැපුවොත් ගහක් අරගෙන
මිනිසුනි
|
කැත්ත
|
||
හදපන් පුංචි පැළයක්
පොලියත්
|
එක්ක
|
||
Monday, August 15, 2016
මෙතැනින් නොනැගිටිමි මා නුඹ දකින තුරූ
Subscribe to:
Post Comments (Atom)
මමත් ගස් කපනවට බොහෝම විරුද්ධයි..
ReplyDeleteමේ කවි පන්තිය අති විශිෂ්ඨයි මචෝ....
ස්කෙච් එකටත් මං කැමතියි.
Deleteතෑන්ක්ස් මාතයිය
Deleteතෑන්ක්ස් PRA JAY
Deleteඅදහස, ව්‍යායාමය, සහ කවි පන්තිය යන තුනම ඉස්තරම්
ReplyDeleteතෑන්ක්ස් ඉයන්
Deleteගහක් කොළක්, සතෙක් නැතුව ජීවත් වෙන්න වෙච්ච දවසට තේරෙයි. එතකොට පරක්කු වැඩියි.
ReplyDeleteනියම කවි පෙල සහ චිත්තරේ.
//කැපුවොත් ගහක් අරගෙන මිනිසුනි කැත්ත
ReplyDeleteහදපන් පුංචි පැළයක් පොලියත් එක්ක//
හිටෙව්වට මදි රැකබලාගන්නත් ඕන.හොඳ පනිවිඩයක් දෙන නිර්මාණයක්.
අව්වේ සැර කිරණ පෙරමින් නිහඩවම
ReplyDeleteමව් වරු ලෙසේ රැකගෙන අප ජීවයම
දෙව් ලෝ දෙවි වගේ ඇති තුරුලිය ගැනම
වැව් ඉස්මත්තෙ ලිව්වට තුති පුදමි මම........
ජයවේවා!!!
හෙහ් හෙහ් හෙහ්, ඔය තියෙන්නේ ටොපේ ටොප් එකට හිටින්න කවිටික ටයිප් කරලා.
ReplyDeleteහැබැයි ඔය එළිසමය තැබීමේදී, ටිකක් සැලකිල්ලට ගතයුතු කරුණු තියනවා. දෙවැනි කවියේ පළමුවැනි පේලියේ අන්තිම වචනය සහ, හතරවැනි පේලියේ අන්තිම වචනය ගින්දරය, අන්දරය, කියන තැන එළිසමය හරි. නමුත්, දෙවැනි තුන්වැනි පේළිවල වැරදියි. ඒවත් 'න්දරය' කියන ආකාරයට අවසන් වෙන්න ඕනේ.
කොහොම වුනත් කවිපන්තිය රසවින්දා. බොහොම හොඳයි.
දහවල රැව්ව ටකරං වහලෙන්බේරේ , අව්ව කියන එකද
ReplyDelete//ණයටය ගත්තෙ මේ සැප සම්පත්
ReplyDeleteරොත්ත
නූපන් එකාටය මේ ලෝ එය
ඇත්ත
කැපුවොත් ගහක් අරගෙන මිනිසුනි
කැත්ත
හදපන් පුංචි පැළයක් පොලියත්
එක්ක// වැදගත් පණිවිඩයක්!!! ගස් කැපුවට කමක් නෑ.. අළුතින් ගස් වවපල්ලා... ජයවේවා !!!
හොඳ කවි පන්තියක් , කාලීන මාතෘකාවක් වෙනුවෙන් ලියැවීම නිසා අගෙයි.
ReplyDelete