බුරුත පලු වීර ගස් සුවද නිති පිරි
ඉස්කෝලෙ හැඩරුව මැවේ
වසර ගණනක මියැදුණු තුරු මත
මගෙ සිතුවිලි මිහිදන් කෙරේ
සිසුවියකි ඈ අලුත සපැමිණි
බලන් උන්නෙමි නෙත් විදා
ඇගේ මුව මා දුටුව දිනයෙම
දහතුනෙන් දොළහට ගියා
අහිංසක කම දොරේ ගැලුවා
හදවතින් පෙම ඉතිරුනා
හිඳගතිමි ප්‍රේමය ලඟින් නුපුරුදු වූ මුත් ඈගේ සෙනෙහේ
සදා කාලයට මං පැතුවා
ප්‍රේමයේ මං පෙත් තනන්නට
දහතුනෙන් දොළහට ගියා
නොදැන සිටියෙමි වෙලුණු බව
නොලැබෙන ප්‍රේමෙක ඇයව එදා
වයස්ගතමුත් තනිවුණූ ප්‍රේමය
තාමත් තුරුණුය පෙර වාගේ......
ලස්සනයි. අත්දැකීමක් වගේ
ReplyDeleteස්තූතියි ඉයන්..ඇත්තටම
Deleteකවි අදහස ලස්සනයි. කවියේ තාලය ගැන හිතලා වචන ටිකක් එහෙ මෙහෙ වුනානම් තවත් වටිනවා.
ReplyDeleteජයවේවා!!!
තෑන්ක්ස් දුමී.....
Deleteඅතීත අත්දැකීමක් - ඇත්තටම දහතුනෙන් දොළහට ගියාද ?
ReplyDeleteඇත්තටම දහතුනෙන් දොළහට ගියා
Deleteචයිල්ඩ්හුඩ් ලව්..))
ReplyDeleteලස්සනයි..!!
තෑන්ක්ස් ෆෝ යූ වැසි
Delete