Sunday, August 7, 2016

බාල ගිරි දෝෂය අද නොවේ


මහ පඬිවරුය අසරණ ගැමියා  ගාව
රවටන වහසි බස් පරදයි ගංඟාව
වැතිරුණු අයුරු වයසක දෙපතුල් ගාව
තාමත් මතක රැව් දෙයි මගෙ හිත ගාව

බොරුවට මුසාවට නැත හිත මෙන්ම කට
රැකියා බැංකුවකි මතුවට නැගෙයි රට
දුන් හැටි පිළිවදන් මහ දන කරන් වට
මිනිසුනි බාල ගිරි දොස් අද නොවේ හෙට‍

පස්සය පළමු  රට පස්සය දොඩවන්නේ
දස්සය තරඟ නෑ බෑ ඔළු සොලවන්නේ
තිස්සය මොහොතකට පිංවත නවතින්නේ
ලස්සයකට කොඩිය කවුරුද ඔසවන්නේ

වෛරය මුල් ඇදෙයි මිනිසත් හද පතුල
මයිලය තරං මොල ඇති පල්ලනි පතල
ශෛලය බඳුය උන් කුණු හදවත් වපුල
කතිරය විසඳුමයි නැති කෙරුමට අපල

මොණර කොලින් මල් මාලා දමාලා
පිළි අරගත්තෙ අසරණ ගැමි පුතාලා
දාසක් පොරොන්දුය ආ  පසු දිනාලා
මන්දැයි නාවෙ තාමත් ඔබ තුමාලා

කට කන් දෙකට ගෑවෙයි පෙනුමෙන් තොසිනා
අතපත ගායි අත් යුග ගෙන නිති සිඹිනා
මම ඔබෙ අයිතිකරු වෙමි විසඳුම් දෙමිනා
කියු උත්තමුන් තව දැක නැත ඇස් දෙකිනා

එපා කිසි විට රැගෙන යන්නට දුප්පතුන් තුළ පිරි දිරී
විලසමයි නුඹ උන්ද බීවෙත් තමන්ගේ මව්ගේ කිරී
වැඩ කරන් නිති, දකින්නට ලක  තිබෙන ජය සිරියෙන් පිරී
එහෙම නොවුනොත් ඇඟිලි ගැනපං යන්න ගෙදරට මන්තිරී

28 comments:

  1. අවංකවම ඇත්ත කියනවානම්, බොහොම කාලෙකට පස්සේ අන්තර්ජාලයෙන් කියෙව්ව, හොඳ පද්‍ය නිර්මාණයක්. අනේ මන්දා කවි කියලා එව්වා ජාතියක් ලියනවා, ඊට හොඳයි ඒවා ලියලා මැලෙව්වා නම්.

    වැව්, උඹ දන්නේ නැද්ද මේ කවි වල එළිසමය පෙනෙන විදිහට පද පේලි සකසන ආකාරය? එහෙම හදලා දැම්මානම් තවත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියා විචා තුමෝ.....මට මේ හොයා ගන්ඩ බැරුව ඉන්නෙ තාම ඔය කරමෙ

      Delete
    2. වර්ඩ් ඩොකියුමන්ට් එකක් අරගන්නවා. එකේ ඉන්සර්ට් ගිහින් ටේබල් කියන එකෙන් කොලම් තුනක් සහ රෝව්ස් හතරක් තියෙන්න ටේබල් එකක් අරගන්නවා. ඒකෙ පලවෙනි කොලම් එක යටතේ කවියේ පද හතරේ මුල් වචන උදාහරණයක් වශයෙන් මේ කවි පන්තියේ පමුවෙනි කවියේ මහා, රවටන, වැතිරුණු, තාමත්, කියන වචන හතර තමා එන්නේ. දෙවැනි කොලම් එක යටතේ තියන පේලි හතරට එන්නේ සෑම කවියකම පේලියේ අග වචනයට කලින් එන වචනටික. උදාහරණයක් වශයෙන් පලවෙනි කවියේ 'පඬිවරුය අසරණ ගැමියා' කියන කොටස. ඊළඟට අවසන් කොටුවට එන්නේ ගාව කියන වචනය.

      ටේබල් එකේ පලවෙනි දෙවෙනි කොලම්ස් ලේෆ්ට් අලයින්ඩ් කරන්න. තුන්වෙනි කොලම් එක රයිට් අලයින් කරන්න. ඔක්කොම සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න ඕනේ. කවි ඔක්කොම ටයිප් කරාට පස්සේ, ඉන්සර්ට්> බෝඩර්> ගිහින් නෝ බෝඩර් කමාන්ඩ් එකෙන්, ඔක්කොම ඉරි මකන්න. දැන් කවිටික බ්ලොග් පෝස්ට් එකට කට් > පේස්ට් කරන්න.

      Delete
    3. ගොඩාක් ඉස්තූතියි විචා මාමෙ....ඔන්න වැඩේ කට්ටෙටම සිද්ද වුණා

      Delete
  2. නියම කවි පෙළ... තිත්ත ඇත්ත...

    ReplyDelete
  3. වත්ත පිටියේ වැඩට හුරුකල දෑත තවකෙකු වෙත පපා
    පැත්ත පක්ෂය මිසක මිනිසත් කමට නම් නොනැගේ දෙපා
    තිත්ත ඇත්තය සැවොම දැති එය ඒත් තව යයි පිටු නොපා
    ගත්ත පැන්සල ගැහුවා කතිරය වෙනත් සැපතක් මට එපා..

    ReplyDelete
    Replies
    1. හිතුමතේට ගහලවැඩවැරැද්ද ගන්ඩ එපා ඕං මං කිවව

      Delete
  4. නියමයි... මම කියන්නේ මෙන්න මේ දේ.. විරෝධතාකල්ප කවි...

    පට්ට රහයි.. අගෙයි.. ඒ වගේම උඹ අර වගාවක් කොරනවා දාපු පොටෝ ටිකත් අගෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතයියෙ.....

      නිකං ඉන්න හිත දෙන්නෙ නෑ.....නිවාඩු පැත්තක දාල හේනට බැස්ස

      Delete
  5. කවි අරුත වටිනවා වැව්. විචාරකතුමා කිව්ව යෝජානාව ගැනත් සලකා බැලුවොත් වටී.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් දුමී....යෝජනාව හොයන්න බැරුවනෙ මං මේ ලතැවෙන්නෙ

      Delete
  6. කාලෙකට කලිං අටමාද මන්දා දාල තිබුනා එලිසම පේලි හදන ගැජට් විජට් කෑල්ලක්..දැන් ඉතිං කොහේද දන් නෑ ඕවා..

    ReplyDelete
    Replies
    1. මටත් මතක නැතුව ඉන්නෙ අමිල...

      Delete
  7. අදමද මන්දා මේ පැත්තෙ ආවෙ.. කණගාටුදායක සත්තාව තමා ඉතින්..!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වැව් ඉස්මත්තට ගොඩවැදුනට

      Delete