Wednesday, August 17, 2016

තනිවුණු ප්‍රේමය


බුරුත පලු වීර ගස් සුවද නිති පිරි
ඉස්කෝලෙ හැඩරුව මැවේ
වසර ගණනක මියැදුණු තුරු මත
මගෙ සිතුවිලි මිහිදන් කෙරේ

සිසුවියකි ඈ අලුත සපැමිණි
බලන් උන්නෙමි නෙත් විදා
ඇගේ මුව මා දුටුව දිනයෙම
දහතුනෙන් දොළහට ගියා

අහිංසක කම දොරේ ගැලුවා
හදවතින් පෙම ඉතිරුනා
හිඳගතිමි ප්‍රේමය ලඟින් නුපුරුදු වූ මුත් ඈගේ සෙනෙහේ
සදා කාලයට මං පැතුවා
ප්‍රේමයේ මං පෙත් තනන්නට
දහතුනෙන් දොළහට ගියා

නොදැන සිටියෙමි වෙලුණු බව
නොලැබෙන  ප්‍රේමෙක ඇයව එදා
වයස්ගතමුත් තනිවුණූ ප්‍රේමය
තාමත් තුරුණුය පෙර වාගේ......

8 comments:

  1. ලස්සනයි. අත්දැකීමක් වගේ

    ReplyDelete
  2. කවි අදහස ලස්සනයි. කවියේ තාලය ගැන හිතලා වචන ටිකක් එහෙ මෙහෙ වුනානම් තවත් වටිනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  3. අතීත අත්දැකීමක් - ඇත්තටම දහතුනෙන් දොළහට ගියාද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දහතුනෙන් දොළහට ගියා

      Delete
  4. චයිල්ඩ්හුඩ් ලව්..))

    ලස්සනයි..!!

    ReplyDelete