Wednesday, February 21, 2018

ලැමිස්සියක වී




අවැසි කල මා හට
නොපිපුණු
පුංචිම පුංචි
දම් පාටින් බැබළෙන
ආඩම්බරකාරී  රෝස මල
නුඹයි.
හරිත වර්ණ වූ
නුඹේ
පියාපත් අතරින්
සක්මන් කළෙමි.
දළු ලා වැඩෙන අග පසග
මගේ හදවත එකළු කළෙහිය.
වූ නමුදු වැඩිවියට
තාම නුඹ ළදැරියකි
බලා ඉන්නෙමි
නුඹ
ලැමිස්සියක වී
ආදරේ බෝ කරන්
මගේ හදවත
පුරවනා අන්දම්


6 comments:

  1. නැවුම් පසක සරු අංකුර හා බවුන් වඩන කවි සිතුවිළි

    ReplyDelete
  2. අපූරුම කවි සිතුවිලි

    ReplyDelete
  3. උඹේ නිර්මාණ හැකියාව ඉස්තරම් වැව්. නිතර ලියන්න බලපන්.

    ජයවේවා!!!

    ReplyDelete