Monday, June 24, 2013

බුද ගුරු සනි හිරුට හිමි හැම දවස්වල මේ සන්හිදේ එළියක් ඇත සවස් කල


මමය මාගේය කියා දෙයක් මේ ලොව නැත  අප මහා බුදුන් වහන්සේ දේශනා කොට ඇත එනමුදු  වැව් ඉස්මත්තට  වෙලා කරපු දේවල්  වෙන කවුරුවත් කරපු දේවල්ද නෑනේ මමමනේ නේද 


දයාබර පාඨකයිනි  ලියන්නට යන්නේ මා  වසර එක්දාස් නවසිය අනුනමයේ අවුරුද්දේ මා හට සිද්ධ වූ එක් සිද්ධියක්  අළලාය
 නුඹලාට මතකද විමලරත්න කුමාරගම කිවිදානණ්ගේ අයියනායක කවි පන්තිය අන්න ඒකට කරපු දෙයක් සම්බන්ධවයි මෙන්න මේක.
ඇත්තම කිව්වොත් මාගේ මෑණියන් ඉන්නවා නේද? අර තරම්ම කිවිදියාණන්  කෙනෙක් නොවුනත්  ඇත්තටම ඇය තමයි මගේ ජීවිතයේ  කිවිදියාණන්

විස්තරේ මේකයි වැඩි පල්හෑලි අනවශ්‍යයි
ඒ කාලේ  විශ්ව විද්‍යාලවල රැල්ලක් තිබ්බා ඔය සංදේශ කාව්‍ය එහෙම වෙන වෙන ආකාරයට  ලියන එක කොටින්ම කිව්වොත්  ඔය නොතේරෙන භාෂා වලින්  කොච්චර ලේසිද නේද ?හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන් හංස සංදේශය එහෙම කාටද පුළුවන් නොතේරෙන භාෂාවකින් ලියන්න.

එතකොට ඔන්න ඔය කියපු රැල්ලට මමත් අහුවුණා කියමුකො. ඒත් ඉතින්  ඔය ලොකු ලොකු අයියලා වගේ ලොකු ලොකු ඒව වෙනස් කරන්න අපි ගියේ නෑ. නැත්තෙම කියන්නත් බෑ මොකද ඔය සැළලිහිණි සංදේශය එහෙම පොඩි පොඩිවට වෙනස් කිරීම් වලට භාජනය කලා. නමුත්  අයියනායක කියන්නා වූ රමණීය කවි පන්තියට මගේ සිත නිරායාශයෙන් ඇදී ගියා කිවිවොත් නිවැරැදියි.  මට හරි ඉක්මනටම ඒ කවි පන්තිය ඉතාමත් ඉක්මනටම මතක හිටියා. හැබැයි අර ඉහතින් කියපු රැල්ලට මම ඒ වෙනකොටත් යට වෙලා ඉවරයි.

ඒ වගේම තමා අපි ඒ දවස්වල ඉස්කෝලෙට යනවා රෑට පාඩම් කරන්න කියලා. කොහොමහරි පන්තියේ ඔය පොඩි පොඩි වල් අදහස් ටිකක් තියෙන කොල්ලා ටිකක් තමයි රෑට ඉස්කෝලෙට එනනෙ. වල් කිව්වට අර වල් වැඩ එහෙම ඕන් නෙවෙයි හොදද.
ඉතින් රෑට ඉස්කෝලෙට ගිහින් මම කරන්නේ ඔය හිතට කාවැදුණූ අයියනායක කවි පන්තිය සුද්ධ සිංහල හෝඩියේ අක්ෂර අරගෙන  තිත්ත කුණුහරුපෙට පරිවර්ථනය කරන එක. 

හැබැයි මම ඒ කාලේ ලියපු කවි විහිළුවට උනත් කුණූ කූඩයට දැම්මෙ නෑ. ඒව අරපරිස්සමට අරන් තියල තිබ්බා. හැබැයි මේ වගේ කවි පන්ති ඉතාමත් රහසිගතව තමා හංගල තිබ්බෙ. රහසිගතව කිව්වට ඉතින් අපිට ඒ දවස්වල හැටියට ඉතින් කොට්ට අස්සෙ  පැදුර අස්සෙ වගේ තැන්වල තමයි හංගන්නෙ.
දවසක් දා ඉතින් මම දහපදුරාවේ ඇවිදලා ඇවිදලා ඕං ගෙදර එනවා.
රෑට බතුත් කාලා මේසෙ ගාවට ගියා මොනවා හරි බලන්න කියල හිතාගෙන. මේසයක් කිව්වට මේසයක්ම නෙමේ ඔය ගඩොල් කෑලි ටිකක් උඩින් පිටලෑලි ටිකක් තියලා හදාගත්තු එකක්. ඔන්න ටිකක් වෙලා ඉන්නකොට අපේ මෑණියන් වහන්සේ එතනට ලගාවුණා.
වෙනදත් ඉතින් ඔය සාමාන්‍ය විදියට අම්ම එන නිසා මම ගණන් ගන්නෙ නැතුව ඔය රචනාවක්ද කොහෙද ලිය ලිය හිටියා. 
එක පාරටම අම්ම කියපි 

''පුතේ  අර කොට්ටෙ අස්සෙ තියල තිබුණු  කොලේ තිබිච්ච කවි ටික නම් හරිම ලස්සනයි'' 

කියලා ....

ඔයාලාම හිතා ගන්නකො ඔය වගේ දෙයක් ඔයාලගෙ අම්මට හරි තාත්තට අහුවුණානම් මොනවයින් මොනව වෙයිද කියල. ඒ වගේම තමා මටත් හීන් දාඩිය දැම්මෙ නැති වුණාට මට දරා ගන්න බැරි විදියේ පට්ට පට්ටම ලැජ්ජාවක් හිතුණා. මම අහක බලාගෙන අම්මට බැන්න අම්ම මොකටද මගේ මේසෙ ගාවට ආවේ  කියලා. පස්සෙ අම්ම කිව්වා  ඒ වුණාට 

''පුතේ ආය ඔය වගේ කවි නරක විදියට වෙනස් කරන්න යන්න එපා''
කියලා.....

ඉතින් මම ඊට පස්සෙ මම එදත් එදායින් පස්සෙ කුණූහරුප කවි තියා  මෙලෝම මෙලෝ දෙයක් ලියන්න ගියේ නැහැ. ඊට හුගම හුග කාලෙකට පස්සෙ තමා  වැව් ඉස්මත්තට ගොහින්  කවියක් හැදුවේ. හැබැයි මම මොන කවියක් ලිව්වත් මගේ අම්මාට ඒව ලස්සනයි  හරියට උනහපුලුවට තමන්ගේ දරුවා ලස්සනයි වගේ

8 comments:

  1. ඒවා නොලිය වැඩක් නෑ බොල.. කවි ලියන්න පුළුවන් වෙන්නේ එහෙම කරොත් තමා අනික පොඩි කාලේ පොඩි වැඩ නෙව බං

    ReplyDelete
  2. ඒ ලියපු කවි ටිකත් මෙතනම දැම්මනම් කොමෙන්ටුවක් දාන්න තිබුනා ඔන්න ආයුබෝවන්ඩ ....

    ReplyDelete
    Replies
    1. දැන් මතක නෑ ආයුබෝවණ්ඩ පස්සෙ දවසක ලියල දාන්නම් ටිකක්

      Delete
    2. එව්වා මතක විදිහට දාහං මේක සම්පූර්න නැ වාගේ

      Delete
  3. කෝ ඒ කවි ටික?
    මේ කතන්දරේ දෙවෙනි කොටසේ ද?

    ReplyDelete
  4. ඒවා දැන් මතක නෑ චුට්ටි කාලේ ලියපුවානේ අනේ

    ReplyDelete
  5. මටත් ඔය ගාතා, කවි වල හෙම මතක තිබ්බේ කුණුහරප වර්ෂන් එක විතරයි. හොඬ එක මතක් කරගන්න අරක තමයි හැඬල් එක. :D

    ReplyDelete
  6. ජීවිතේට වැදගත් කතාවක් නුවන්.. බොහෝ මව් වරුන් තම දුවා දරුවන්ට ආදරේය...

    ReplyDelete