Monday, May 19, 2014
රට කන මීයෝ
දවසේ කුලියකින් අපි කා බී ඇදලා
ඉන්නේ කෙලෙසකද දරු පැටවුන් හදලා
ගෙනෙනා බඩු ටිකත් පන් මල්ලක දමලා
මීයන් කතී ඒවා මහ රෑ ඇදලා
රුපියල් පනහකට ගත් කඩයෙන් පොල් ගෙඩිය
බෑවකි ගෑවෙ බෑවක් උඩ වං ගෙඩිය
මේ එක් රැයට එය කා ඇති මී ගෙඩිය
හෙටනම් උඹට අත්වෙනවා දං ගෙඩිය
මහ රෑ පුරාවට මුළු කුස්සිය පැත්ත
ගන්නට දෙයක් නැත ඇත මීයන් රොත්ත
උදයේ කං කෙදිරි බිරිදගෙ මිං මත්ත
ඇසුනොත් තොපිව වළලනවාමයි සත්ත
ඊයෙත් පාන්දර හිටි මම තද නින්දේ
බලයෙන් ඇහරවා පෙන්වූ දේ නන්දේ
පියනක් හපා ඇත පිහිටෙන් දත් ඇන්දේ
මීයන් මරා දාපං මට ඇය වැන්දේ
කඩයෙන් ගෙනා එළවලු පළතුරු එක්ක
ඇයි මේ හතුරුකං කියපං මා එක්ක
හම්බුනු සොච්චමෙන් කරවල ටික වික්ක
සතියක් කන්නහැක දරුපැටවුන් එක්ක
කුස්සිය පුරාවට හිමියනි මී ගදය
බැහැ ඉවසන්න මියෙනා එකනම් හොදය
විසිකර තිබෙන ඔය මෙත් ගුණ, මී වදය
අවසන් කරන්නට සැලසුව හොත් හොදය
ඉටිරෙදි සීලිමට වී දගලන සද්දේ
හදවත බියෙන් ගැස්සෙයි තද නිදි මැද්දේ
මගෙ ගේ වෙතම ඇයි මේ කෙනෙහිලි ඇද්දේ
යන්නට බැරි වුණිද මීයෙනි වන බැද්දේ
මී ගද තිබුණ මුත් ඒකට කමක් නැතී
මී බෙටි තිබුණ මුත් අතුගා දැමිය හැකී
එනමුත් කියන්නට තව එක් දෙයක් ඇතී
කෑ කෝ ගැසුව හොත් පොඩිදුව නිදන්නැතී
Labels:
සිතුවිලි සේයා
Subscribe to:
Post Comments (Atom)
හරිම අෙගයි පද ටික...
ReplyDeleteඅැත්තට ම මී ෙයා් කියන්ෙන් වදයක් තමයි. ඒ්ත් ඒ් කරදරය කවීත්වයකින් දැකීම ගැන කුරුටු පවුර හැටියට අපි ඔ ෙබ් නිර්මාණයට ස්තූතිවන්ත ෙවනවා.
ස්තුතියි ගී පවුරට . මී කරදර නම් එමටයි ඒත් ඔක්කොම ගොතන්න නොහැකිවුණා
ReplyDeleteපට්ටයි අපි මී විරෝධී පෙරමුණක් හදමු ,උඹ කැඳවුම් කරු ... මී විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වැවා
ReplyDeleteහැක්..හැක්...ඉවාන් අයියෙ කොළඹ ඉන්න මීයො ටික පාරට බැස්සොත් සදා සුම්....
ReplyDeleteස්තූතයි ඉවාන් අයියෙ......
එල යකෝ...... අපේ සදුන ගෙ ලෙවල් එකටම මූත් ඇවිල්ල....පට්ට යකූ......
ReplyDeleteතෝ එච්චර මී විරෝධියෙක්ද..... ජපන් පොඩි එවුන් කූඩු වල සුදු මී පැටව් හුරතලේට ඇති කරනව ..
සිතිවිල්ල පට්ට....මට මතක් වුනේ අපේ අටම කියවන එකක් ලෙසට.....
ඇත්තට! ගොඩක් සතුටුයි.... ස්තුතියි කෙන්ජි අයියෙ
Deleteසුදු බඩ අපිට පෙන්නා යට ලීයේ යන ..
ReplyDeleteමීයාගේ දසුන ගෙනයයි මා අතීතෙට ..
පියතුම සමග ගෙවුමා ඒ සොඳුරු කල...
සිහියට එනවා මට බැහැ නවතන්න එය.....
උප්පැන්නය කා තිබුණේ මීයෙක්ය..
එදා පටන් මීයා මගේ සතුරෙක්ය..
දුටු තැන චප්ප කර මැරීම සතුටක්ය..
එනමුත් මා ඉතා මොළකැටි දැරියක්ය....
මී කරදරය රසවත් කම නිමක් නැතී..
වැවාගේ පද පේලි වල හිස් කමක් නැත..
මිපාසාන මී කතුරුත් පොලේ ඇත..
ගෙනවිත් තබණු මී කරදර දුවනු ඇත...
ඔයාගේ කවි හරිම ලස්සනයි,, සහතික ඇත්ත,, මගෙයි තාත්තගෙයි ගොඩක් දේවල් මීයෝ කෑවා, ජරා සත්තු මට අදටත් කේන්ති, දැක්කොත් මරන්නම හිතෙනවා,
ReplyDeleteබොහොමත්ම ස්තුතියි ඔමායා
DeleteExcellent...
ReplyDeletethanks shehan
Deleteමීයෝ රෑට ටිකක් නිවිහැනහිල්ලේ නිදාගන්න දෙන්නේ නැති කරදරයකුත් මට තිබුණා මතකයි.
ReplyDeleteසිවිලිම උඩ රෑට මළ සොහොන් පිට්ටනියක් වගේ.....ස්තූතියි ඔබට
Deleteමී කරදරේට මූණ දුන්න කාලයක් මතක නෑ.. කෝම වුනත් සෝක් කවි ටික..
ReplyDeleteස්තුතියි දිනේෂ්
Deleteනෑයෝ... මීයෝ... වේයෝ...
ReplyDeleteමේ ජාති තුනම එකයි බං
දුටුවිට කරන දේ සමහර දේ නෑයෝ
Deleteසිහිපත් වුණේ ආපෝ තේජෝ වායෝ
කාලා දැමුව මුත් බෝතික දේ වේයෝ
නෑයෝ තරං නැත ගත සිත කන මීයෝ
මීයන්ගේ මල වදයෙන් බේරෙන්න
ReplyDeleteකියන්නං කෙමක් හොඳ හැටි අහගන්න
නින්දට යන විටදි මීයා පෙන්නන්න
මීයට බයේ මීයෝ යනවා යන්න
දුන් අවවාද මම සිහියට අර ගත්තේ
Deleteඑනමුත් පුංචි සැකයකි මටනම් ඇත්තේ
දුටුවිට මීය ඇති මාගේ එළී පත්තේ
පූසා කයිද මීයා මගෙ හිතු මත්තේ
This is superb!
ReplyDeleteමීයන්ට එහා ගිහින්, ඒත් මීයොම ආදේශ කරගෙන මේ නිර්මාණය වඩාත් ආකර්ෂණීයව රසවිඳින්න පුලුවන්. එහෙම හිතන්න උදවුවෙනවා උඩින් දාල තියෙන හෙඩිම. "රට කන මීයෝ"
Deleteස්තුතියි මනෝෂ්
Deleteපට්ටයි සුපිරියි.. උබ පටන් ගන්නකොටම මම වැව් ඉස්මතතට ආවෙි. බලපන් පරන කොමෙන්ටු ඇති.
ReplyDeleteඇත්තටම සොරි වෙන්ඩ ඕනේ........ස්තූතියි සන්ජීව අයියෙ
Deleteමමත් ආසම නැති සතෙක්... අපූරුයි පද වැල් ටික ...
ReplyDeleteස්තුතියි තුසානි
Delete