Monday, May 19, 2014

රට කන මීයෝ


දවසේ කුලියකින් අපි කා බී  ඇදලා
ඉන්නේ කෙලෙසකද දරු පැටවුන්  හදලා
ගෙනෙනා බඩු ටිකත් පන් මල්ලක දමලා
මීයන් කතී ඒවා මහ රෑ  ඇදලා

රුපියල් පනහකට ගත් කඩයෙන් පොල් ගෙඩිය
බෑවකි ගෑවෙ බෑවක් උඩ වං ගෙඩිය
මේ එක් රැයට එය කා ඇති මී ගෙඩිය
හෙටනම් උඹට අත්වෙනවා දං ගෙඩිය

මහ රෑ පුරාවට මුළු කුස්සිය පැත්ත
ගන්නට දෙයක් නැත ඇත මීයන් රොත්ත
උදයේ කං කෙදිරි බිරිදගෙ මිං මත්ත
ඇසුනොත් තොපිව වළලනවාමයි සත්ත

ඊයෙත් පාන්දර හිටි මම තද නින්දේ
බලයෙන් ඇහරවා පෙන්වූ දේ නන්දේ
පියනක් හපා ඇත පිහිටෙන් දත් ඇන්දේ
මීයන් මරා දාපං මට ඇය වැන්දේ

කඩයෙන් ගෙනා එළවලු පළතුරු එක්ක
ඇයි මේ හතුරුකං කියපං මා එක්ක
හම්බුනු සොච්චමෙන් කරවල ටික වික්ක
සතියක් කන්නහැක දරුපැටවුන් එක්ක

කුස්සිය පුරාවට හිමියනි මී ගදය
බැහැ ඉවසන්න මියෙනා එකනම් හොදය
විසිකර තිබෙන ඔය මෙත් ගුණ, මී වදය
අවසන් කරන්නට සැලසුව හොත් හොදය

ඉටිරෙදි සීලිමට වී දගලන  සද්දේ
හදවත බියෙන් ගැස්සෙයි තද නිදි මැද්දේ
මගෙ ගේ වෙතම ඇයි මේ කෙනෙහිලි  ඇද්දේ
යන්නට බැරි වුණිද මීයෙනි වන බැද්දේ

මී ගද තිබුණ මුත් ඒකට කමක් නැතී
මී බෙටි තිබුණ මුත් අතුගා දැමිය හැකී
එනමුත් කියන්නට තව එක් දෙයක් ඇතී
කෑ කෝ ගැසුව හොත් පොඩිදුව නිදන්නැතී

26 comments:

  1. හරිම අෙගයි පද ටික...

    අැත්තට ම මී ෙයා් කියන්ෙන් වදයක් තමයි. ඒ්ත් ඒ් කරදරය කවීත්වයකින් දැකීම ගැන කුරුටු පවුර හැටියට අපි ඔ ෙබ් නිර්මාණයට ස්තූතිවන්ත ෙවනවා.

    ReplyDelete
  2. ස්තුතියි ගී පවුරට . මී කරදර නම් එමටයි ඒත් ඔක්කොම ගොතන්න නොහැකිවුණා

    ReplyDelete
  3. පට්ටයි අපි මී විරෝධී පෙරමුණක් හදමු ,උඹ කැඳවුම් කරු ... මී විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වැවා

    ReplyDelete
  4. හැක්..හැක්...ඉවාන් අයියෙ කොළඹ ඉන්න මීයො ටික පාරට බැස්සොත් සදා සුම්....
    ස්තූතයි ඉවාන් අයියෙ......

    ReplyDelete
  5. එල යකෝ...... අපේ සදුන ගෙ ලෙවල් එකටම මූත් ඇවිල්ල....පට්ට යකූ......
    තෝ එච්චර මී විරෝධියෙක්ද..... ජපන් පොඩි එවුන් කූඩු වල සුදු මී පැටව් හුරතලේට ඇති කරනව ..
    සිතිවිල්ල පට්ට....මට මතක් වුනේ අපේ අටම කියවන එකක් ලෙසට.....

    ReplyDelete
    Replies
    1. ඇත්තට! ගොඩක් සතුටුයි.... ස්තුතියි කෙන්ජි අයියෙ

      Delete
  6. සුදු බඩ අපිට පෙන්නා යට ලීයේ යන ..
    මීයාගේ දසුන ගෙනයයි මා අතීතෙට ..
    පියතුම සමග ගෙවුමා ඒ සොඳුරු කල...
    සිහියට එනවා මට බැහැ නවතන්න එය.....


    උප්පැන්නය කා තිබුණේ මීයෙක්ය..
    එදා පටන් මීයා මගේ සතුරෙක්ය..
    දුටු තැන චප්ප කර මැරීම සතුටක්ය..
    එනමුත් මා ඉතා මොළකැටි දැරියක්ය....


    මී කරදරය රසවත් කම නිමක් නැතී..
    වැවාගේ පද පේලි වල හිස් කමක් නැත..
    මිපාසාන මී කතුරුත් පොලේ ඇත..
    ගෙනවිත් තබණු මී කරදර දුවනු ඇත...

    ReplyDelete
  7. ඔයාගේ කවි හරිම ලස්සනයි,, සහතික ඇත්ත,, මගෙයි තාත්තගෙයි ගොඩක් දේවල් මීයෝ කෑවා, ජරා සත්තු මට අදටත් කේන්ති, දැක්කොත් මරන්නම හිතෙනවා,

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ඔමායා

      Delete
  8. මීයෝ රෑට ටිකක් නිවිහැනහිල්ලේ නිදාගන්න දෙන්නේ නැති කරදරයකුත් මට තිබුණා මතකයි.

    ReplyDelete
    Replies
    1. සිවිලිම උඩ රෑට මළ සොහොන් පිට්ටනියක් වගේ.....ස්තූතියි ඔබට

      Delete
  9. මී කරදරේට මූණ දුන්න කාලයක් මතක නෑ.. කෝම වුනත් සෝක් කවි ටික..

    ReplyDelete
  10. නෑයෝ... මීයෝ... වේයෝ...
    මේ ජාති තුනම එකයි බං

    ReplyDelete
    Replies
    1. දුටුවිට කරන දේ සමහර දේ නෑයෝ
      සිහිපත් වුණේ ආපෝ තේජෝ වායෝ
      කාලා දැමුව මුත් බෝතික දේ වේයෝ
      නෑයෝ තරං නැත ගත සිත කන මීයෝ

      Delete
  11. මීයන්ගේ මල වදයෙන් බේරෙන්න
    කියන්නං කෙමක් හොඳ හැටි අහගන්න
    නින්දට යන විටදි මීයා පෙන්නන්න
    මීයට බයේ මීයෝ යනවා යන්න

    ReplyDelete
    Replies
    1. දුන් අවවාද මම සිහියට අර ගත්තේ
      එනමුත් පුංචි සැකයකි මටනම් ඇත්තේ
      දුටුවිට මීය ඇති මාගේ එළී පත්තේ
      පූසා කයිද මීයා මගෙ හිතු මත්තේ

      Delete
  12. Replies
    1. මීයන්ට එහා ගිහින්, ඒත් මීයොම ආදේශ කරගෙන මේ නිර්මාණය වඩාත් ආකර්ෂණීයව රසවිඳින්න පුලුවන්. එහෙම හිතන්න උදවුවෙනවා උඩින් දාල තියෙන හෙඩිම. "රට කන මීයෝ"

      Delete
  13. පට්ටයි සුපිරියි.. උබ පටන් ගන්නකොටම මම වැව් ඉස්මතතට ආවෙි. බලපන් පරන කොමෙන්ටු ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සොරි වෙන්ඩ ඕනේ........ස්තූතියි සන්ජීව අයියෙ

      Delete
  14. මමත් ආසම නැති සතෙක්... අපූරුයි පද වැල් ටික ...

    ReplyDelete