Wednesday, May 21, 2014
සංසාර ජීවිතේ
මා කුඩා කල
තාත්තා
පාපැදියේ ඉන්දවං
එක්ක ගිය හැටි
පෙරපාසල්
ලැබුණු පසු
මල්ලිව
පුට් සයිකලේ පොල්ලේ තියං මාව........
හැඩල්එක මත කොට්ටයක් උඩ
මල්ලිව තියං.......
ජර බර ගාන ලැගිජ් එක මත
ඉන්දවාගෙන අම්මා.....
පැදපු හැටි පාපැදිය
තාත්තා මගෙ.....
ගිහිං එනකොට හේනට
නොතකා තෙහෙට්ටුව....
රිටිගල කන්ද වන්
ඉස්කෝලේ කන්ද
පැදපු හැටි...
වීරිය අරන්
ඉන්දවාගෙන තිදෙනාම
බසින්නට ඉඩ නොදී......
සිහියට නැගේ තවමත්
වට්ටමින්
දෙනෙතින්
කදුලු කැට.....
ගෙවී ගොසින්
වසර ගණනක්
චූටි පුතා මගෙ
ඉස්කෝලෙ ඇරලන්නට
ගියපු දිනයක පාසලට
දිටියෙමි.....
ඉස්කෝලෙ පල්ලමේ
ඈත කෙළවරේ,
සෙමින් සෙමින්
සයිකලයක් තල්ලු කරන්
කේඩෑරි වී ගිය
මහලු රුවක්
කන්ද නගින හැටි
පයිං
Labels:
සිතුවිලි සේයා
Subscribe to:
Post Comments (Atom)
පිය සෙනෙහස ගැන ලියවුනු අපූරු අදහස් ටිකක්. සැබෑ පියවරුන් යනු කැපකිරීම් කිරීමටම උපන් අයයැයි විටෙක මටත් හිතෙනවා.
ReplyDeleteමචන්, THARANGA පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී.............
Deleteහිරිවැටෙන කවියක් , උපරිමයි
ReplyDeleteස්තූතියි ඉවාන් අයියා
Delete\\මා කුඩා කල
ReplyDeleteතාත්තා
පාපැදියේ ඉන්දවං
එක්ක ගිය හැටි
පෙරපාසල්
ලැබුණු පසු
මල්ලිව
පුට් සයිකලේ පොල්ලේ තියං මාව........
හැඩල්එක මත කොට්ටයක් උඩ
මල්ලිව තියං.......
ජර බර ගාන ලැගිජ් එක මත
ඉන්දවාගෙන අම්මා.....
පැදපු හැටි පාපැදිය
තාත්තා මගෙ.....//
අතීතයට හිත දුවල ගිහින් ආව. ගොඩක් පිං උඹට..
ස්තුතියි උඹටත්
ReplyDeleteහිත නතර කරන්නට මොහොතකට හැකිවුණා ඔබේ කවියට...
ReplyDeleteජයවේවා...
ලස්සන පබැදුමක්
ස්තුතියි මහේෂ්
Deleteමගේ අතීතෙත් ඔය වගේමයි, තාත්තා මවත් දාගෙන ඉතින් පදිනවා, සමහර වෙලාවට මන් පොල්ලේ, තාත්තා බැහැල තල්ලු කරන යනවා, ඇත්තටම ගොඩක් පින් ඒ අතීතය මතක් කරලා දුන්නට.
ReplyDeleteමෙන් මගේ බය්සිකල් කතාව
බයිසිකලය.....
දිවි බර යෙදා පදින විට
රෝද කැරකෙන අපූරුව
ටිං ටිං සීනු හඬ
ඉඩ ඉල්ලා හඬන හැඩ
මගේ දිවි සරි කළැ
දඬු යකඩ ගොඩ
පදිමි තවමත්
පදිමි හෙටටත්
වෙල මැදින් ගුරු පාරෙන්
ඉගිල යමි
විහගකු ලෙසින්
ඇයව කැන්දන් නුඹ මතින්
ආව හැටි මතකයි සොදින්
ඇය ඇති ඉතින්
මග බලන්
පදිමි හනිකට
කරමි ඉක්මන්
මා දුක සේම සතුටත්
මා දයඩියත්
හැදිනුවේ නුඹයි සබද
නුඹයි ඒ බයිසිකලය........"
යකඩ ගොඩක් වුණු බයිසිකලේ......තාත්තගෙ බයිසිකලේ දකිද්දි ඇත්තටම දුක හිතෙනවා.....ස්තූතියි සොමි
Deleteහිත රිද්දවපු කවියක් මේකනම්.. හ්ම්ම්..
ReplyDeleteතෑන්ක්ස් දිනේෂ්
Deleteනියම කවි පන්තියක්.
ReplyDeleteඅපි පොඩිකාලෙ ඉස්කෝලෙ යනකොටත් අපිව ඔහොම බයිසිකලේ තියාගෙන ගිය අපේ පංතියෙ වෙන ළමයෙක්ගෙ තාත්ත කෙනෙක් හිටිය. ළමයි එකෙක් දෙන්නෙක් නෙමෙයි 6 ක් විතර තියාගෙන අරන් යනව එයා.
ස්තුතියි ප්‍රසන්න,
Deleteදැන් කාලෙ එහෙම කරයිද.....පාරෙ යන ළමයෙක් දිහා ඇහ ඇරල බලන්නෑ... වෙලාවකට ඒකට මොකුත් කියන්නත් බෑ....මොකද දැන් සමාජ තත්වය ඉස්සර වගේ නෙමේනෙ
මමත් තාත්තා කෙනෙක් නිසා උපරිමයේන් දැනුනා බං
ReplyDeleteසතුටුයි මට
Deleteඇත්තට ම වැව්
ReplyDeleteඇඟ හිරිවැටුණා කවියට. මටත් තිබුණා ටිකක් සමාන අතීතයක්. තාත්තට තිබ්බ බයික් එකේ අපිව පාසල් එක්ක ගියා. නංගියි මල්ලියි දෙන්න ම පාසල් දැම්මාම මං පයින් ගියා. ඒ අතීතය මතක් කරනවා කියන්නෙම හරිම සුන්දර දෙයක්. ඒත් ඒ අතීතය ඒ වෙලාවේ හරිම කටුකයි. කටු පදුරු වලින් ඈත් මෑත් වෙලා ලස්සන රෝස මල් පූදින බව ඇත්ත වැව්. ඒ රෝස මල් කවදාවත් අම්මා තාත්තා අමතක නොකරාවි.
පිය සෙනෙහස කවදාවත් අපිට අම්මා තරම් ආදරේ පෙන්නලා නෑ. නමුත් අපි වෙනුවෙන් මුහුදක් තරම් දහඩිය හෙලලා ඇති. ඇත්තට ම පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදි තමයි වැව්.....
අතිශය අලංකාර නිර්මාණයක්.... අපේ සුභපැතුම්.............
තාත්ත කවදාවත් අපිට ආදරේ පෙන්නලා නෑ. ඒත් අපි දක්න්න ඕනෙ එයාගෙ ආදරේ.ඒක බොහොමයක් පියවරුන්ගෙ හැටියක්.ඒත තාත්තලා අපිට ආදරේ තරං හිතා ගන්නවත් බෑ. ස්තුතියි ඔබලාට
Deleteමගේ පුතා රජා කියා ඔබේ කර උඩ තියා
ReplyDeleteයන යන තැන අරන් ගියා මගේ සිහසුන දරා
ඔබේ කර උඩ මම ගියතැන් පසු කරමින් එදා
යලි නොඑනා ගමන් ගියා මගේ කර උඩ ඔයා.......
නෙල්සන් කියන ඔන්න ඔය සිංදුවත් මට හොඳටම ෆීල් උන සින්දුවක් වැවා..
කියාගන්ඩ බැරි වේදනාවක් එන්නෙ.ඒක දැනෙන්නෙ සෙනෙහසක් තියෙන පපුවකටම විතරයි පත්තරේ
Deleteපියෙකුගෙ සදා නොමැකෙන සෙනෙහස. හරිම අපූරුයි. ස්තූතියි අපේ පැත්තෙ ගොඩ වැදුනට. මටත් කාලෙකින් එන්න ලැබුනෙ නෑ. අමනාප වෙන්න එපා මලේ.
ReplyDeleteලස්සනයි පෝස්ට් එක ඔයාගේ ඒ වගේම වැදගත් විශේෂයෙන්ම තරුණයින්ට ස්තූතියි ඔබට
Deleteපට්ට මචන්. තාත්තා කෙනෙක් නිසාද මන්දා මාර විදිහට දැනෙනවා.
ReplyDeleteබ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා නෑනෙ බං මේ පෝස්ට් එක??
තෑන්ක්ස් ප්‍රියා..
Deleteඒක පොඩ්ඩක් බලන්නං ස්තූතියි