Sunday, May 1, 2016

මැයි රැලිය


වෙසක් මාසයෙ පළමු දිනයයි ඉංගිරිස් මැයි පළමු වැනිදා
කාගෙ දිනයද කියා නොදනියි  කවුරු කවුරුත් ගියත් සැමදා
බලය ඇති උන් දොඩයි නන්,දන අසාගෙන හිඳි දෙකන් පිසදා
අඹුව දරුකැළ ගිනි බුදිති හිඳ කන්න කොයි අද කුළිය නැති දා

බොහෝදුර සිට එන්නෙ කම්කරු දනා සමරනු මැයි දිනේ
බලවතුන් ජය විජය නංවන දිනෙකි කම්කරු වන් දිනේ
රවටගෙන දුප්පතුන් හට දුන් මහමෙරක් පැතුමන් පෙනේ
දුප්පතුන්ගේ කුසටමයි කම්කරු දිනේදීත් කෙලවුණේ

එහෙන් ගෙන්වති මෙහෙන් ගෙන්වති නිර්දනන්ගෙන් පුරවතී
කොහෙන් අහුලා ගත්තකින් හරි උනුනගේ කන් පුරවතී
ගල් අරක්කුත් පැට්ටො ටිකකුත් අරං දී දෙව් ලොවක් මවතී
දිනේ අහවර, යන්න නොමැතිව චූ ගඳින් පිරි කොටුවෙ නිදතී

සෙනඟ මෙච්චර මං ගෙනාවා මට සුවර් ඊලඟ සැරේ
මැති තුමන්ලා නිතර කියවයි එල්ලගෙන කට මන්තරේ
රටේ මහජනතාව රවටනු බැරිය දැන්නම් මිත්තරේ
ගෙදර යන්නට සැරසියන් හෙට අදයි කම්කරු වෙඩිමුරේ.....


26 comments:

  1. කාට කියන්නද ඉතින්

    ReplyDelete
    Replies
    1. ඒක කම්කරු දිනේ.එහෙම නැතුව පාලකවරුන්ගෙ දිනයක් නෙවි...ඊයෙ දවස තනිකරම උන්ගෙ

      Delete
  2. කන්කරුවෝ හරි පව් බං.....

    ReplyDelete
    Replies
    1. ඔව් උන් හරි පව් බං අයියෙ

      Delete
  3. අද වැල්ලවත්තෙ හින්දු විද්‍යාලය අසබඩ බස් ගොඩක් තිබුනා. ඒ බස්වල ඇවිත් තිබුනෙ යාපනේ දෙමළ ජනතාව. යාපනේ දෙමළ ජනතාව කොළම එන්න පිටත්වෙන්න ඇත්තෙ කලින්දා රාත්තිරි..ඒ මිනිස්සුන්ට හරියට වැසිකිලි කැසිකිලි පහසුකම්වත් තිබුනද මන්දා..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකටනෙ කම්කරු දිනේ කියන්නෙ...හනේ හප්පෙ වනේ වාසෙ කිව්වලු

      Delete
  4. මොකද්ද මැයි දිනේ කියන්නේ? පක්ෂ වල හයිය පෙන්නන දවස නේද?

    ReplyDelete
    Replies
    1. බලාපං මෙන්න මෙතැනින්..http://economatta.blogspot.com/2015/09/blog-post_6.html

      Delete
    2. පක්ෂ වල නෙවේ අඟහරුවො උන්ගෙ කටවල හයිය නොවෙද

      Delete
  5. දෑ කැත්තක් මිටක් නැතිව
    පායන හැම රාත්‍රියක
    අහස බලන පුංචි ඈයො
    නිදි නොලබයි පැදුරු මත්තේ
    නිදා ගන්න හෙට දිනයෙදි
    තරු පායපු අඳුරු රැයක
    මිටක් හොයන දෑ කැත්තට
    යලි පායන දිනයක අපි
    සවි කරමුකෝ නැගී ඉතින්

    එතෙක් පුංචි උන්ගේ ලොවට
    තරු පෙන්නපු මහ ගනදුර
    පරයාලා මිටක් ඇතිව
    පායාපන් දෑකැති සඳ
    අමාවකෙත් හරි එලියට

    ReplyDelete
  6. Replies
    1. // ඇයි සරස තුමෝ//

      හොඳයි ඉස්මත්ත තුමෝ!

      Delete
  7. බස් වල සෑහෙන සෙනග ඇද්ද තැන් තැන් වල තිබුන රැලි වලට. සෑහෙන සෙනග කිව්වට සමහර බස් වල හිටියේ විස්සක් විතර. සෙනගටත් වඩා සෙනග අදින්න දාපු බස් වැඩිද මන්දා.

    (උඹට අද කොල් එක ගත්ත වෙලාවේ උඹ කියපුවා හරියටම අහුනේ නෑ මචෝ)

    ReplyDelete
    Replies
    1. කාගෙ සල්ලිද මේ කම්කරුවන්ගෙ සල්ලිනෙ බං

      Delete
    2. (කම්කරුවන්ගෙ දිනේනෙ දවසම වැඩ බං)

      Delete
  8. මේ වෙනකොට සියලු දේශපාලන පක්ෂවල මැයි දින කතා විකාෂණය වෙලා අවසන්.. කම්කරුවාගේ දිනය උනාට කිසිම දේශපාලන පක්ෂයක සිකිම නායකයෙක් කම්කරුවන් වෙනුවෙන් වචනයක් කතා කළාද කියලා මතකයක් නැත... හරිම කනගාටුයි..

    ReplyDelete
    Replies
    1. එක කම්කරුවෙක්වත් කතා කරාද

      Delete
  9. සියලු කම්කරුවන්ට

    ජය වෙවා !

    ReplyDelete
  10. අන්තිමටම මෙහෙ කම්කරු මැයි රැලියක් තිබුනෙ මොන අවුරුද්දෙද? එහෙම තිබුනද? මුලින්ම තිබුන ඒවත් තිබුනේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව මිසක් සම්පූර්‍ණව කම්කරුවන් සඳහා නෙමෙයි මං හිතන්නෙ

    ReplyDelete
  11. කංකරුවෝ කැංගරුවෝ වෙලා. දෙස් පලුවෝ ගල් පැලුවෝ වෙලා.

    ReplyDelete
  12. කම්කරුවෝ? ඒ කවුද??

    ReplyDelete