Sunday, May 25, 2014

නගරසෝභිනියක් දුටිමි


ලී දණ්ඩක් සොයං
වන වැදුණු මං
මස් ගොබින් පිරි
මුව නෑම්බියක් දැක
පසෙකලා
ලී දණ්ඩ
පසුපස්සේ වැටීමි
ඇය

නොහැකි තැන සොයාගත
අසරණව
මං
මුලාවූවෙකු සේ
ඉක්මන් කලෙමි
පය
සොයනුවස්
ලී දණ්ඩ

24 comments:

  1. 'දුවන මුවන් දැක නොහෙලන් නෙලූ පලා' කියන පරණ කවි පදය මතක් වුණා.

    ලස්සණ නිර්මාණයක්. බොහොම අගෙයි.

    ReplyDelete
  2. SHOAK KAIYAK NEDA

    ReplyDelete
  3. හැමදාම ඉර බැහැලා ගිහිල්ලා කරුවල වැටුණම අපිට හඳ මතක් වෙනවා තමයි වැව්. ඒ සාමාන්‍ය මනුෂ්‍ය ගතිය. ඒත් ඇත්තට ම ජීවිතය තියෙන තැන හොයා ගන්න අපිට මුලින්ම පුලුවන් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් සොරිම තමයි...................

    ReplyDelete
    Replies
    1. හුග දෙනෙක්ගෙ ජීවිතය ඔය වගේ මචං

      Delete
  4. අන්ධකාරේ අතරමං වෙන්න එපා කියල තමයි කියන්න වෙන්නේ. ......හොද උපමාවන් ,ඔයා යොදල තියනවා.......

    ReplyDelete
  5. ඔය අඳුරේ දිවුවොත් අන්තිමේ ඉතුරු පසුතැවිල්ලක් වෙන්නත් බැරි නෑ..

    ReplyDelete
  6. මිනිස් හිත ගැන විවරණයක් දෙන්න හරි අමාරුයි මචං !!!

    ReplyDelete
  7. පට්ටයි, අන්තිමේදී හැමෝටම වෙලා තියෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් තමා, ප්‍රියා සූරියසේන මහත්තය කියන මේ සින්දුවේ මේ වචන ටිකේ තේරුම හරියටම මිනිස්සු දන්නවනම්
    "මොහොතට සුව දෙන චංචල ලෝකයේ" මොනතරම් දෙයක් මේ වචන දෙක තුන ඇතුලේ හිතන්න තියෙනවද? හ්ම්ම් ඔබේ නිර්මාණය හරිම අගෙයි, යොදාගත් උපමා උපමේයයන් ලස්සනයි. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. අනිවා සොමී.ඒත් මිනිස්සු ඒ ගැන වැඩිය හිතන්නෑ සහෝ

      Delete
  8. ඇත්තනම් තමයි...ඒත් අනේ මන්දා බං? සමහර දේවල්, සම්භන්දතාවයන් වලට අර්ථකතන දෙන්න අමාරැයි.

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් පෘතග්ජන කාටත් පොදුයි වගේ කියල හිතෙනවා සන්ජිව අයියෙ

      Delete
  9. අනේ මංද...
    කෝම හරි තිබ්බ එකත් නෑ... හොයපු එකත් නෑ....
    අපූරුයි පද පෙළගැස්ම

    ReplyDelete
    Replies
    1. අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ ඒ වගේ දෙයක් තමා වෙන්නෙ අවසානෙට.
      දුවන මුවන් දැක නොදමන් නෙලු පලා කිව්වලු

      Delete
  10. කියන්න දෙයක් නෑ ..නිර්මාණය රස වින්දා ,,..

    ReplyDelete
  11. ගිය නුවන ඇතුන් ලවා අද්දවන්නත් බැරිලු. මෙතනත් වැඩේ උනාට පස්සේ මොන කතාද? හොඳ නිර්මානයක්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ස්තුතියි අජිත් සහෝ

      Delete
  12. ලී දණ්ඩක් උනත් හැමවෙලේම ළඟ ඉන්නෙ එය නම්, අපිව රකින්නෙ එයනම්, අප විසින් එය රැකගැනීමයි කල යුත්තෙ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඒක තේරුම් ගන්නෑ මචන්

      Delete