Friday, May 9, 2014

මේ මට පේන හැටි


පෙර රජ දවස සිට  එන හොද සිරිතක්ය
කවුරුත් එක වගේ නැත කිසි වෙනසක්ය
ඇද්දිලි කැපිලි ගෙරවිලි නම් රකුසෙක්ය
උෟ නැති එකෙක් මිහිපිටනම් දෙවියෙක්ය

එකෙකුගෙ කීම තවකෙකු ගරහනා ලොවේ
අද කාටවත් නම් මෙය පුදුමයක් නොවේ
මහ සග රුවන පෙන්වයි එඩි බලය ජවේ
ලොකු මැරකමකි තවකෙකු හට මෙහෙව් ලොවේ

පෙර පිනකින්ය ලැබුනේ කට කටකාර
ඒකෙන් පනී අදහස් ගොන්නක් මාර
කරමින් එකෙක් නිරුවත් කර ලෙස වීර
සිටියත් නොම දැනේ එන පරලොව පාර

අත්තා මුත්ත මී මුත්තාගෙන් ලැබුණු
දේපළ මොටද මම පුස් මිනිසෙකි දැමුණූ
ගැහි ගැහි ඉන්න දුප්පත් වැස්සෙන් තෙමුණු
උන්හට පුදමි මට කුමටද රජ ඔටුණු

යැයි තවඑකෙක් බෙරිහං දෙයි රට මැද්දේ
දුප්පත් එවුන් ටික ඌ පස්සෙන් ඇද්දේ
රැවටිලි කපටිකං මේ නැත හිත් වැද්දේ
යම රජු අපායේ ඇත කරමින් සද්දේ

ලැබුණ මුත් මිලියන ගණන් මහ දනන්ගේ පොදු වැඩට යෙදුමට
ඒව වියදම්  වුණේ මහතුනි බට දෙකේ පාලම්ද තැනුමට
ලෝකෙ හිනැහෙයි ගම්මු වැළපෙයි කවුරුවත් නැත නුඹට රිදුමට
එහෙත් ඉන්නව සොහොන් පිටියේ නුඹ වගේ උන් ගන්න පොලොවට


========මතු සම්බන්ධයි=========






12 comments:

  1. //යම රජු අපායේ ඇත කරමින් සද්දේ// එහෙම කවුරු හරි ඉන්නවා නම් අපෙ උන් මෙච්චරම දඟලයිද? කියලා මම මේ කල්පනා කරන්නෙ.

    පද ටිකනම් මරු.

    පෝස්ට් එක දෙතුන් පාරකට දැම්මද?

    ReplyDelete
    Replies
    1. වැරදිලා එහෙම වුණා වගේ මතකයි

      Delete
  2. හොඳ නිර්මාණයක්.

    ReplyDelete
  3. ඔබට හිතුන හැටි කදිමයි.

    ReplyDelete
  4. නියමයි වැව් කවි ටිකනම්..........

    වැව් දැන් නියම කවියෙක් වෙලා.. අපිත් කැමති බ්ලොග් කාරයෝ ටික ඔක්කෝම කවි ලියනවාට. ඒ නිසා අපේ උපරිම සහයෝගය. ජය වේවා.........................

    ReplyDelete
  5. අදයි ඉස්සෙල්ලාම ආවෙ.... පට්ට කවි...... සුපිරි..... දැන් ඉතින් දිගටම මේ පැත්තෙ එනව ඕන්.....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව අකීකරු සිතුවිලි.

      Delete
  6. හා උඹ කවිත් ලියනවා.. මං දැක්කේ නෑනේ බං.. බලහං සින්ඩි වලත් අප්ඩේට් වෙන්නෑ වගේ මේවා

    ReplyDelete
  7. හෙහෙ ඕව ඉතින් එදා ඉඳන් වෙච්ච දේවල්නේ, හැබැයි මන් නං ලිව්වේ එහෙව් එවුන්ට කනත්තේ හතර රියනත් අයිති නෑ කියල.

    ඉපදෙමින් මැරෙන
    මේ සසරේ
    උඹේ ඔය ශරීර කූඩුවෙ
    මොන ලස්සනකක්ද
    උඹ ඕක අතහැරල
    හමාරයි
    කියපන් උඹේ
    පිරිවරට මෙහෙම
    "බැහැපන් ඉතින් පොළවට
    තබපන් ඔය අඩිය බිමින්"
    දැනෙනවද උඹට
    ඒ මිනිස්සුන්ගෙ
    හද ගැහෙන රාවය
    උපන් බිමට බරක් නොවී
    මේ පොළවෙ පය ගහල
    ජීවත් වූවන්
    අවසන් නින්ද
    නිදද්දී
    අපතයෙකු වගේ මෙහෙට එන්න
    බොට අයිතියක් නෑ
    ‍බොලා තවමත් පොදි ගහනව
    මහ ලොකුවට ඉරිසියාවයි
    කුහකකමයි මාන්නයයි
    මළ දාට ලොකුවට
    මල් වඩම් පාවඩ
    බොලගෙ මරණෙට
    අඩන්නෙත් කුලියට
    උඹගෙ සිව් රියන
    අපූරුවට සරසද්දි
    එහෙමවත් නැති
    සැබෑ මිනිසුන් විරලමයි
    හැබැයි ඒ අය අතර
    උඹ තවත් අපතයෙක්ම
    විතරයි
    ඔව් උඹ _ _ අපතයෙක්ම
    විතරයි.

    ReplyDelete
    Replies
    1. මගේ මොනවද කියල හිතෙනවා ඇත්තටම උඹේ නිසදැස දැක්කම. නියමයි මචන් සුපිරි

      Delete