Saturday, May 17, 2014

මොකද කියන්නෙ අපි දෙයියට අරිමුද



කවුද කැමති ජීවිතේ ආයෙත් පාරක් ආපස්සට යන්ඩ. ම් ..... නෑ  එහෙම නෙමේ කවුද අකමැති  ආපසු පුංචි කාලෙට ගිහින් එන්න. ඉතිං මට මේ ලගකදි එක්තරා දෙවියෙක්  වරමක් දුන්නා.
 " පුත ! නුඹට  මං වරමක් දෙනවා......"

"දෙවියනි........නුඹ කුමක් වදාරන්නේද"

"නුඹ පෙර බවයක කරන ලද පිංකං වල මහිමයෙන් නුඹට වරමක් දෙනව. හැබැයි ඒ ආපහු සැරයක් පුංචි කාලෙට ගිහිං එන්ඩ........"

"පුංචි කාලෙ කිව්වට ඒකෙත් එක එක කාල තියෙනවා.....ඒ හිංද මොන කාලෙද ඕනෙත් කියල කියන්ඩ ඕනෙ......" කියල දෙයියො කිව්ව.

"අනේ.....දෙයියනේ.......! .මට කොල්ල කාලෙට යන්ඩ තිබ්බනං ඇති ....."

මහා දුමාරයක් එක්ක දෙයියො අන්තරස්දාන වුණා........ මට මහා භයක් ඇති වුණා.......මට නිකං දවල් තරු පෙනුනා වගේ වූනා......මොහොතක් මුළු පරිසරයම විවිධ වූ වර්ණවලින් දිලිසුනා........ඒත් එක්කම මගේ හිතේ අප්‍රමාණ සතුටක් ඇතිවුණා.........මං ආසාව වැඩි කමට හූ....කිව්ව..... මං කොල්ලෙක් වුණා......කිය කිය හූ කිව්ව.....පුළුවන් තරං හයියෙං....

ඈතින්   තුන් හතර දෙනෙක් මේ පැත්තට එනව පේනව.......කවුද යකෝ..මුන්  ටික...... මගේ හිත විමසන්ඩ වුණා........යකෝ....මේ  මගෙ යාළුවො සෙට් එකනේ.....

"මේ මේ උඹ කොහොමද මෙහෙට්ට ආවෙ.?..දෙයියො උඹලටත් වරං දුන්නද.....?"

"දැන් එතකොට උඹ විතරද පිං කරල තියෙන්නෙ.......අපිත් කැමති නැද්ද  ඔය ගෑනු දරුවන්ගෙන් එහෙම ටිකක් ඈතට ගිහිල්ල පොඩි සැපක් කාරිය ගන්න......අඩෝ...මේ වල්පල් නිකං එපා.....ගහනව උඹට ආපහු හිටිය තැනටම විසික්ක වෙන්ඩ ඕං....."

"නෑ..නෑ...බං මාත් කැමති නෑ බං  ආය හිටිය තැනට ආපහු  යන්ඩ.....ඒ වගේද බං මේ  ලෝකෙ....පුල් ආතල් නැද්ද මං කියන්නෙ..."

"මේ ඒක නෙමේ.....අපි යන්ද වැව පැත්තෙ පොඩ් රවුමක් දාන්ඩ......"

"යං මචන් යං මටත් බැරිවුණා හුග කාලෙකින් වැවකට පැනල නාල පොඩි ආතල් පාරක් ගන්ඩ."

"මේ...... සිරියගෙ ඔරු කබල තාම තියෙනවද දන්නෙ නෑ .. නේද බං......පවු  බං සිිරිය මාම ...මතකද පොරගෙ ඔරුව අරගෙන හොරෙන් මිනිහගෙම දැල් වලින් මාලු  අල්ලගෙන  අහුවෙයි කියල බයට ඔරුව එහා ගොඩෙන් තියල  වැව් ඉස්මත්ත දිගේ  ඇවිත් අර කෙලවරින් වැව් බන්ටෙක දිගේ ගෙදෙට්ට ගාටනව.........පිස්සු ඕයි ඕව මතක් වෙනකොට........"

"අප්පට සිරි.......මොකද බං මේ වැවට වෙලා තියෙන දේ........."

"ඇයි බං උඹ ලංකාවෙ නෙමේද හිටියෙ.......ගිය අවුරුද්දෙ අර අකාලෙට වැහපු වැස්සට වැව කඩාගෙන ගියානෙ ....ඒකයි ඔය....."

"ඉතිං බං  කැඩිච්ච විදිහටම තියෙන එක හරිද මං අහන්නෙ..."

"අනේ මේ පඩි ටෝක් දෙන්නැතිව වරෙන් එනවනං යන්ඩ....කැඩිච්ච ඒව කැඩිච්ච විදිහටම තිබිච්චාවෙ....ඕව හද හද ඉන්ඩ ගියොත් එහෙම...ගෑණි නඩු දානව...මිනිහ වෙන මිනිහෙක් එක්ක පැනල ගිහින් දැන් දවස් ගානක් ගෙදර ආවෙ නෑ.... කියල...."

"ඇයි  උඹ  ඒතරමටම ගෑනිට බයද බං..."

"පිස්සුද බං...ගෑණිට බය වෙන්ඩ....ඒක නෙමේ...උඹ තාම බැදල නැද්ද බං......මං මේ ඇහුවෙ....අර වගේ ප්‍රස්නයක් අහපු හිංද...."

"මචන් නුවන්....මතකද අර හොරොව්ව........"

"විමල්.....උඹ හිතං ඉන්නෙ......මට ඔය ඔක්කොම අමතකයි කියලද.... ඈ..."

"නුවනො.... උඹයි  විමලුයි කැලුමුයි තුන් දෙනා .... ඇත්තටම පේම වන්තයෝ....උඹල තුන්දෙනා ඔය  හොරොව්ව ලගට ඇවිත්... තොපි ඔය බැදපු උන්ම තමයි කවදහරි බදින්නෙ කියල  ලවු උන්මාදයෙන් හොරොව්ව පල්ලෙහාට පැනපු හැටි මට අද වගේ මතකයි. ඇත්තටම උඹල හරි වාසනාවන්තයි....හොරොව්වෙන් පල්ලෙහාට පනින්ඩ බයේ උන්නු මට මං ට්‍රයි කරපු එක  කවදාවත් සෙට් කරගන්ඩ  බැරි වුණා....අද තොපි තුන්දෙනාම  එදා ට්‍රයි කරපු කෑලි තුන බැදල  ඉන්නව දැකීමත් ඇත්තටම සතුටුයි මචංල......"

"අනේ මේ ධනසිරිය ....මට කියල හුප්පද අහගන්ඩ එපා ඕං....පස්සෙ තමා මට තේරුනේ.....එදා හොරොව්වෙන් පැනපු එකේ...රගේ....ඇත්තටම මෙහෙම වෙනව කියල දන්නවනම් කවදාවත් පනින්නෑ යකෝ...."

"කියල වැඩක් නෑ....ඒක නෙමේ........නුවනො.....".

"ඇයි....ඇයි....මොකද්ද වෙන්ඩ ඕනෙ"

"මොකද කියන්නෙ.....අපි දෙය්යට අරිමුද....."



===========මස===========

23 comments:

  1. \\මොකද කියන්නෙ.....අපි දෙය්යට අරිමුද.....//

    අතීතෙට එව්වටද?

    ReplyDelete
  2. හදිසි වාසියක් ආවමත් කියනවා නේද දෙයියෙක් *% ඇරිය වගේ කියලා
    - නලින් දිල්රුක්ෂ

    ReplyDelete
  3. මට තේරුණේ නැහැ අප්පා ,

    ReplyDelete
    Replies
    1. ඊලග එකෙන්වත් තෙරෙයිද බලමුකො

      Delete
  4. ඇයි අතීතය අප්සට් වගේද?

    ReplyDelete
    Replies
    1. අතීතය නෙමෙයි කොල්ලො වර්තමානෙ

      Delete
  5. සිරාවටම මෙලෝ සංසාරයක් තේරුනේ නැති...

    සොරිය

    ReplyDelete
    Replies
    1. මහා පුදුමයක් මේක උඹට තේරුන්නෑ කියනවනම්

      Delete
  6. මටත් නම් තේරුනේ නෑ කිසිම දෙයක්.

    ReplyDelete
    Replies
    1. වීර කාන්තා සාදරයෙන් පිළිගන්නව වැව් ඉස්මත්තට. බලමු ඊලග එකෙන් තේරුම් ගන්ඩ පුළුවන්ද කියල

      Delete
  7. හැක හැක හැක දියට අරින්නේ අහවල් දේකටද එකනේ දෙයියෝ තොපිව ආපහු ගෙනත් දැම්මේ , දැන් ආපහු හොරොව්වෙන් පහලට පනින්නේ නැතුව හිටු

    ReplyDelete
    Replies
    1. ** දියට නෙවෙයි දෙයියට

      Delete
    2. නෑ නැ ඉවාන් අයියෙ, ආපහු වර්තමානෙට නොගිහින් ඉන්න තමා මුන් ටික මාන බලන්නෙ. මොකෝ දෙයිය වරම දුන්නෙ අතීතෙට ගිහිං එන්ඩ විතරනෙ. මුං හදන්නෙ ආපහු වර්තමානෙට නෑවිදින් අතීතෙම ඉන්නනෙ.

      Delete
  8. සොරි වෙන්න ඕන මටත් මෙලෝ දෙයක් තෙරුන් නෑ, :(

    ReplyDelete
    Replies
    1. සොමියා මීට කලින් ඇවිත් නෑ වගේ මේ පැත්තට. සාදරයෙන් පිළිගන්නවා උඹව. මටත් සොරි වෙන්ඩ ඕනෙ තේරුම් ගන්ඩ බැරි විදියට ලිවීම ගැන

      Delete
  9. දෙයියට ඇරලා දෙයියා පල් උනොත් එහෙම??

    ReplyDelete
    Replies
    1. එහෙම කතාන්දරත් නැතුවාම නෙමේ. අගහරු මලයා පිළිගන්නව සාදරයෙන් වැව් ඉස්මත්තට. ඊයේ උඹෙ පොස්ටුවක් කියෙව්ව. ලස්සනයි වගේම වැදගත්

      Delete
  10. දෙයියේක් නෙමෙියි දේවාල ගෙනාපු නැවක් කියලත් කියනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම එව්වත් තියෙනවැයි

      Delete
    2. මෙන්ඩි අයිය මේ පැත්තට ආවමයි වගේ ඉස්සරෝම. පිලිගන්නව සාදරයෙන්

      Delete
  11. කතාවත් නියමයි. කමෙන්ට් ටිකත් නියමයි.....

    ReplyDelete