Friday, February 20, 2015

නුඹ කෙසේනම් යම්ද අතහැර


ඩා බිදු රුහිරෙන් නැහැවී
පිට කොන්දෙන් දෙකකුල් සිඹ
මහපොලොවට එක් වූයේ
ප්‍රාණ රුධිරයයි අපගේ

මහා වෘක්ෂයන් පෙම් බැදි
පොරෝතලේ සෙනෙහස විද
මහ පොලොවට සිදලූයේ
ප්‍රාණ ශක්තියයි අපගේ

දේදුනු තැනුමට ලකඹර
ජීව හුස්ම පෙව් දියකර
නුඹ කෙසේනම් යම්ද අතහැර
ප්‍රාණයන් නුඹ සැදුව දැඩිකර

8 comments:

  1. රන් අස්වනු පූදින්නට
    ලේ දහදිය කඳුළ පිදුව...
    නුඹමය දෙවිවරු මිහිපිට........

    ReplyDelete
  2. අව්වේ මුතු ඇට වපුරා
    ඒමුතු පණමට හරවා
    අපේ කුසේ ගිනි නිවලා
    නුඹ කුසගින්නේ
    ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චී
    නුඹ කුසගින්නේ අපේ අප්පච්චී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූපෙ.....පිළිගන්නව සාදරයෙන් නුඹව

      Delete
  3. Replies
    1. ඔටු පැටික්කියෙ ස්තුතියි නුඹට සාදරයෙන් පිළීගනිමි වැව් ඉස්මත්තට

      Delete
  4. අදමයි ආවෙ මේ පැත්තේ....
    ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්. සාදරයෙන් පිළිගන්නව වැව් ඉස්මත්තට

      Delete