Monday, February 2, 2015

බහුබූත සිතුවිල්ලක්

 
කුමක් කරන්නද
කුමක් කියන්නද
නොදනිමි මෙය නම් කාගෙ දොසා....

ස්වාමියා වුණු
ඔහු හද ඉල්ලා
හඩා වැටෙනවා
ගැහැණුන් දෙන්නෙක්.............

දරු පැටවුන් ගොඩ
දෙපැත්තෙ ඉදගෙන
තාත්තගේ සෙනෙහස අයදී............

අම්ම අප්ප නැති
අපි වාගේ උන්
ගේ පිල් දොරකොඩ උඩු බුරතී.........


කො.හේමා

8 comments:

  1. හොද වෙලාවට මේක බහුබුත සිතුවිල්ලක් වුනේ.
    එල ද බ්‍රා නිර්මානයක් ඒත් මම ටියුබ් ලයිට්

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම්ම තමා සන්ජීව මෙන්ඩිස් අයියෙ

      Delete
  2. සිතුවිල්ලක් විතරක් වුනේ හොඳ වෙලාවට , උඹේ පට්ට කවි හැකියාව නම් නෙවෙයි මේ, ලියපං කම්මැලි නැතුව

    ReplyDelete
    Replies
    1. ඉවාන් අයියෙ හුග දවසකින්..දන්නැද්ද යුද්දෙ අන්තිම හරියනෙ ...

      Delete
  3. බහුබූත උනත් මේක නම් මරු..

    ReplyDelete
  4. වැව්.....................

    මේක මං හිතන විදිහ හරිනම් පුදුම විදිහේ ඛේදජනක සිද්ධියක්... අැත්තට ම දෙපැත්තකට ස්වාමියා වුණ අවස්ථා කිහිපයක්ම මට පහුගිය කාලේ කරපු රැකියාව නිසා දකින්න ලැබුනා... ඒත් දෙපැත්තෙම දරු පැටවු ගොඩක්.. දැන් කොහෙටද මේ මිනිහාව බෙදලා දෙන්නේ...... මේවා මාර ප්‍රශ්ණ

    ReplyDelete
  5. ඇත්තටම මේක මට එහෙම හිතුනු සිතුවිල්ලක්. රටේ ඉහල පෙලේ කාලීන සිදුවීමක්.ගැළපීම අතින් ගත්කල සාර්ථකද අසාර්ථකද යන්න නුඹට බාරයි.

    ReplyDelete